කෝටි 6500ක ව්‍යාපෘති 26ක් කොට උඩ
නාගරික සංවර්ධන අධිකාරියේ රුපියල් කෝටි හය දහස් පන්සිය අසූ හතක් වටිනා ව්‍යාපෘති 26 ක් විවිධ හේතු මත අතරමඟ නැවතීමෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ප්රතිලාභ අහිමි වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.