(බී.ජී.චතුරංග)

රටේ ජනතාව පීඩාවට පත් කරමින් වර්තමාන රජය විසින් ගෙන යන බදු ප්‍රතිපත්තිය හා උද්ධමනය පහත දමන ලෙස පවසා, ඊට  විරෝධය පල කරමින්  ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සංවිධානය  දැවැන්ත උද්ඝෝෂණයක් හා පා ගමනක් අද (8) අනුරාධපුර නගරයේදී පැවැත්වූහ.

මේ වන විට ජනතාවට ජීවත්වීමට නොහැකි පරිදි පාරිභෝගික භාණ්ඩ ඇතුළු සියලුම භාණ්ඩ වලට ඉහල බදු පැනවීමත් රටේ සම්පත් විදෙස් සමාගම් වලට විකිණීමට එරෙහිව ඉදිරියේදී  දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයකට එළඹෙන බව ඔවුහු පැවසූහ.