
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගරිඩෝ මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (8) පැවැත්විණි.
මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවත්වාගෙන ආ දේශපාලන සම්බන්ධතාවය පිළිබඳවත් වර්තමානයේ ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙනුත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එම පක්ෂය පවසයි.
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් කියුබානු රජයේ සහයෝගීත්වයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් ගිවිසුම්ගතවීම පිළිබඳ සාකච්ඡා පවත්වන බවත් එවැනි ව්‍යාපෘති තවත් මහද්වීප තුනක රටවල් සමඟ මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් ඇති බවත් තානාපතිවරයා සඳහන් කළ බවත් එම පක්ෂය වැඩි දුරටත් සඳහන් කළේය.
කියුබන් තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ජනබල වේගයේ රජයක් යටත් අනිවාර්යයෙන්ම කියුබාව හා ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවයක් ගොඩ නැගෙනු ඇත. එමගින් දෙරටම සාධාරණයක් වන පරිදි ද්විපාර්ශ්වික ගිවිසුම වලට එළැඹෙන්නට හැකිවනු ඇත.
ශුවර් එකටම පෝලිම් යුගයක් මෙයාලාගෙන් උපදෙස් ගත්තා නම්...
මේ ගොල්ලෝ එකතුවෙලා ලංකාව තවත් කියුබාවක් කරනවාලු.
ඔන්න පක්ෂ විපක්ෂ අයට හොඳ මාතෘකාවක්...!
කෝ කෝට් බෑය...?
ජාතික ජනබලවේගය, අති බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාවගේ එකම ප්‍රාර්ථනාව !!!
කියුබාව දෙස බලන්න! කියුබාව දෙස බලන්න!! කියුබාව දෙස බලන්න !!! කියුබානු ජනතාව දුප්පත් වන අතර ජීවිතය පහත වැටී ඇත. බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ රටින් පැන යාමටයි. නමුත් කියුබාව දෙස බලන්න... JVP අපි
ඒක නම් ඉතින් ජාඩියට මූඩිය වගේනේ...
අන්රයියා කියුබාව අනුගමනය කරන්නද? කොමියුනිස්ට්වාදය යන එන මඟක් නැති තත්ත්වයට පත්ව තිබෙන්නේ... දැන් කොමියුනිස්ට් වී තිබූ රටවල තියෙන්නේ ඒක පාක්ෂික උග්‍ර ධනවාදය. උදාහරණ ලෙස චීනය සහ රුසියාව. දැවැන්ත සමාගම් පටන්ගෙන තියෙන්නේ කොමියුනිස්ට් පක්ෂ නායකයන් සහ හිතවතුන්... මාලිමාව ඒ ක්රමයද පාවිච්චිය ගන්න ඉන්නේ.. එතකොට සල්ලි.. බැංකුවලින් සූරාකාගෙනද?
හොඳ පෙරනිමිති රැසක් දැන් පහළ වේගෙන යනවා. තව ටිකදිනකින් උතුරු කොරියාවෙන් නියෝජිත පිරිසකුත් ඇවිත් මෙයාව මුණ ගැසීමට නියමිතයිලු...
සත පහකටවත් වැඩක් නැති තුන්වෙනි ලෝකයේ රටවල ත්රස්තවාදීන් බිහිකිරීමට රුසියාව හා චීනය වෙනුවෙන් දරදිය අදින තානාපති කාර්යාලයක්...!