වට්ටෝරුවක් නැතිව සැර බෙහෙත්දී හිරේ ලගී
වලංගු බලපත්‍රයක් නොමැතිව ඖෂධ විකිණීම සහ ගබඩා කිරීම , ඖෂධවේදියකුගේ සෘජු අධීක්ෂණයකින් තොරව ඖෂධ මුදලට විකිණීම , වෛද්‍ය වට්ටෝරු නොමැතිව ඖෂධ නිකුත් කිරීම යන චෝදනා යටතේ මැදවච්චිය පුද්ගලික ෆාමසියක් තාවකාලිකව වසා මුද්‍රා තැබීමට මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් වසන්ත සිරි වටගොඩ මහතා මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත නියෝග කළේය.