(අංජුල මහික වීරරත්න)

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල් ශාලාව වෙත අද (10) දහවල් පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් සහ සහෘද කලාකරුවන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.