(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බිත්තර කෝටි 4 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
දේශීය වෙළෙඳපොලේ බිත්තරවල අධික මිල පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණයට එළෙඹි බවත් ලබන අප්‍රේල් මස මුල සිට එම බිත්තර වෙළෙඳපොලට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.
වර්තමානය වන විට මෙරට වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 50 සිට 70 දක්වා මිලක පවතින බවත් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක් රුපියල් 45 කට අළෙවි කරන බවත් එම නිලධාරියා වැඩඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් නිලධාරි තැන බඩජාරි කමට ඔහොම කළාම ලංකාවේ පවුල් කීයකට බඩේ පහර වදිනවාද කියලා හිතුවේ නැහැනේ... රැකියා කීයක් නැතිවේවි කියලා හිතුවේ නැහැ.. චුට්ටක් වැඩිවුණත් විදේශ විනිමය විශාල වශයෙන් රටේ ඉතිරියක් කියලා තේරුම් ගැනීමට ඉහළ නිලධාරි තැනට බැරිද? ඇයි අපේ අයට පහර ගසා වෙනත් රටක් සංවර්ධනය කරන්නේ..?
හොඳ කොමිස් පාරක්
බිත්තරයත් රටින් ආනයනය කරනවා අනේ මෙහෙමත් කාලකන්නි රටක්