
(ගයාන් සූරියආරච්චි,චමින්ද වැවතැන්න, ආර්.කේ දිසානායක සහ ශාන්ත පී බණ්ඩාර)
කෑගල්ල අලගල්ල කන්දේ කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී ප්‍රපාතයකට ඇද වැටුණු වයඹ සරසවි සිසුවෙක් කිලෝමීටර් දෙකහමාරක් පමණ කන්ද මුදුනට නැග නිරුපද්‍රිතව බේරාගත් බව යුද හමුදාව පවසයි.
මෙසේ බේරාගෙන ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ඔරින්ටන් අංඩ්‍රාඩෝ නැමැති වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන සිසුවෙකි.
එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකු එක්ව කෑගල්ල අලගල්ල කන්දේ කදවුරු බැද තිබූ අතර ඔවුන් ඊයේ (10) උදෑසන නැවත කන්දෙන් පහළට පැමිනෙන අවස්ථාවේදී එක් සිසුවකු ගලක් දිගේ බැසීමට යාමේදී අඩි 10 ක් පමණ ප්‍රපාතයට වැටී තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩි 10ක්?
ශ්‍රී ලංකා යුද හමුදාවට සරසවි සිසුන්ගේ ආචාරය...!
විපතක් වුණාම තමයි 8 පාස් අයගේ අගේ දැනෙන්න...
වැස්සක් වැහැලා ගංවතුර ගැටළුවත්, කන්දක් පහලට නාය ගියත්, ගින්නක් පැතිරුණත්, කවුරු හරි කාලකන්නියෙක් බෝම්බයක් පත්තු කළත්, ඇගේ පතේ රුදාවටයි මොලේ වැඩිකමටයි ගස් ගල් නැගලා වැටිලා හිර වුණත් බේරාගන්න එන්නේ මේ කොල්ලෝ ටික... හැබැයි කැම්පස් එකේ මහා පාගමනට දෙකක් නෙලපු ගමන් අට පාස් නැති කොල්ලෝ ටික...
හොඳ වැඩක් යාලුවනේ
8 පාස් අය නේද මචන් බේරා ගත්තේ...? ඩිග්රිකාරයෝ කොහේද දන්නේ නැහැ හිටියේ..?