ගිනි අවියක් හොරා ගෙන දඩයමේ ගිය සැරයන් ඇතුළු තුනක් මාට්ටු
පොලිසියේ අවි ගබඩාවකින් සොරාගත් ගිනි අවිය සහ උණ්ඩ රැගෙන වාහල්කඩ යාන් ඔය ජලාශයට එපිටින් ඇති ,’’ඉස්සන් වැව’’,’’ වැද්දා කන්ද’’ ප්රදේශයේ ඝන වනාන්තරයට, සතුන් දඩයමේ ගිය බව කියන පොලිස් සැරයන්වරයකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ටී 56 ගිනි අවියක් සමග පෙරේදා (16) රාත්රී අඩංගුවට ගත් බව වාහල්කඩ පොලිසිය කියයි.