
ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලා දෙදනකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය කියයි.
පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. ඔහු කෑගල්ල පරගම්මන ලිදුල පදිංචිකරුවෙකි.
ව්‍යාජ ලෙස සකස් කරන ලද අධිකරණ නියෝග සහිත වාර්තා , ව්‍යාජ ඔප්පු ව්‍යාජ පත් ඉරු, පොලිස් වාර්තා ,රියදුරු බලපත්‍ර ,හැඳුනුම්පත් , නොයෙකුත් උපාධිපාඨමාලා හැදෑරූ සහතිකපත්, බාහිර උපාධි පාඨමාලා සහතික පත්, ජල බිල්පත් ,විදුලි බිල් පත් ව්‍යා,ජ නිලමුද්‍රා ඇතුළු ඒවා සකස් කිරීමට යොදාගත් උපකරණද පොලිස් බාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd