ශ්‍රී ලංකා ක්‍රිකට් විවාදය 24 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන 24 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 18 August 2023
ගිනිගත් කර්මාන්ත ශාලාව අවට පදිංචිකරුවන් අවදානමක හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගිනිගත් රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවේ ගිනිගත් එක් ගබඩාවක් සදහා අවශ්‍ය පාරිසරික බලපත්‍රය ලබා ගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා පවසයි. 18 August 2023
කුඹුරු හානි පරීක්ෂාවට ඩ්‍රෝනා නියඟයෙන් සිදු වූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝනා යානා යොදා ගන්නා බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි 18 August 2023
පළාත් සභා ගැන සාකච්ඡාවකට ආණ්ඩුකාරවරුන් කැඳවයි ලබන වසර අවසාන වනතුරු වත්මන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකි ක්රමවෙිදයක් සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 August 2023
බඩ ඉරිඟු ආනයන බදු පහළට බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 50 කින් අඩු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 18 August 2023
මාරුව ලැබූ පාසලට නොගියොත් වැටුප අත්හිටුවයි අධ්‍යාපන අමාත්‍යංශය දී ඇති ස්ථාන මාරු අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 August 2023
ඉහළ මහලෙන් වැටුණු සරසවි සිසුවා මරුට හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තෙවන මහලෙන් බිමට වැටී බරපතළ තුවාල තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව කහතුඩුව පොලිසිය පවසයි. 18 August 2023
ලිංගික හිංසන සිද්ධියට මන්ත්‍රිනී සංසදයත් වැඩ අරඹයි පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සමහර රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අද හෙටම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 18 August 2023
කුරුඳුමලේ විහාරස්ථානයේ උණුසුම් තත්වයක් මුලතිව් ඓතිහාසික කුරුදුමලේ රජමහා විහාරස්ථානයේ අද (18) පොන්ගල් පූජාවක් පැවත්වීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිසක් ඇතුලු වීමේන් විහාරයේ දායකයින් සමඟ උණුසුම් තත්ත්යක් ඇතිව තිබේ. 18 August 2023
හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි රාගම පුනුරුත්ථාපන රෝහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ලියා පදිංචි වෛද්‍ය අංකය යටතේගම්පහ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි. 18 August 2023
විනාශයට මුල කණ්ඩායමක් ලෙස කටයුතු නොකිරීමයි අවශ්‍ය නිවැරදි තීරණ අවශ්‍ය මොහොතේ ගත්තා නම් උඩවලවේ ගොවීන්ට මෙම හානිය සිදුවන්නේ නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 18 August 2023
ජල ගාස්තු සූත්‍රය දෙසැම්බර් සිට ජල ගාස්තු අයකිරීමේ මිල සූත්‍රය ලබන දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය. 18 August 2023
කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක් වහයි කැලණිවැලි දුම්රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය මේ මස 21 වැනිදා පෙරවරු 8.00 සිට 22 වැනිදා පෙරවරු 5.00 දක්වා තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 18 August 2023
සිසුවා තෙවැනි මහලෙන් බිමට දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුවකු ශිෂ්‍ය නේවාසිකාගාරයේ තුන් වෙනි මහලෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කහතුඩුවපොලිසිය පවසයි. 18 August 2023
සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100ක සූර්ය පැනල විදුලි ව්‍යාපෘතියක් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100 ක බිම්ගත සූර්ය පැනල විදුලි උත්පාදන ව්‍යාපෘතියක් සඳහා කොන්ත්‍රාත්තුව පසුගියදා පිරිනැමීය. 18 August 2023
කුඹුරු සිතියම්ගත කරන්න ගොවීන්ගෙන් සල්ලි ගරලා රටපුරා ඇති කුඹුරු සිතියම්ගත කිරීම ආරම්භ කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 18 August 2023
අලුත උපන් බිළිදිය රෝහලේ පිටුපස දමා ගිහින් දින තුනක් වයසැති බිළිදියක මහියංගනය මූලික රෝහලේ පිටුපස අතහැර දමා ගිය බව කියන එම බිළිදිය බිහිකළ බව කියන කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය පවසයි. 18 August 2023
අනතුරින් ව්‍යාපාරිකයා මරුට යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව නවගමුව ප්‍රදේශයේදී සිදුවූ රියඅනතුරකින් ව්‍යාපාරිකයෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. 18 August 2023
හමුදාවට ගියත් ආරේ ගුණ නෑරේ මාදම්පේ රත්මල්ගාර රජයෙ වතු යායෙන් පොල් සොරකම් කිරීමේ නිරත වු යුද හමුදා ලාන්ස කෝප්රල්වරයකු වතු මුරකරුවන් හා පාලනාධිකාරිය එක්වි අද (18) මාදම්පේ පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණි. 18 August 2023
ගාල්ලට සහ මාතරට පොඩි වැස්සක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 August 2023
දොඩම්ගොඩ ඝාතනයට දෙකක් සැකපිට ’’ මත්ද්‍රව්‍ය ජාවාරම ගමට හිසරදයක්’’ බවට මුහුණු පොතේ දැන්වීමක් පළ කිරීමේ සිද්ධියක් මුල් කරගෙන දොඩම්ගොඩ දොලේලන්ද ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය කියයි. 18 August 2023
දිසා 15ක ලක්ෂ භාගයකට බොන්න වතුර නෑ අධික නියගය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක පවුල් 54979 දෙනකු උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය. 18 August 2023
සංචාරකයන් මිලියන 5ක් ගෙන්වන සැලසුම කඩිනම් කරයි ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන පහක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 18 August 2023
වනිඳුගේ කැන්ඩි පිල අවසන් පූර්ව තරගයට ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17) රාත්‍රී පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී බී - ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ලකුණු 61 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ. 18 August 2023
වැසූ ඌව වෙල්ලස්ස 21 සිට යළි අරඹයි දින නියමයක් නොමැතිව දැනට වසා දමා තිබෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ (3) තෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 21 වන දින යළි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි . 17 August 2023
එළවළු මිල පාරිභෝගිකයාට ඔරොත්තු නොදෙයි වෙළඳපොළේ එළවලු මිල ගණන් දරාගත නොහැකි ලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 17 August 2023
පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පකිස්තාන - ඇෆ්ගනිස්තාන එක් දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියහ. 17 August 2023
‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියට ක්‍රිකට් ආයතනයෙන් කෝටි 10 ක් රිජ්වේ ආර්යා රෝහල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය’ට රුපියල් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 10 ක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 17 August 2023
කුඩු කිලෝ 2 1/2 එක්ක පිලපීන ජාතිකයෙක් ඇතුළු දෙකක් මාට්ටු කොකේන් මත්කුඩු කිලෝ 2 1/2 ආසන්න ප්‍රමාණයක් සමග පිලිපීන් ජාතිකයකු ඇතුලු දෙදෙනකු නාරාහේන්පිට ප්‍රදේශයේ ලැගුම් හලක දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මගින් අතඅඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 17 August 2023
විශේෂඥ වෛද්‍යවරයකු නෑ: කරාපිටියේ ළමයි කොළඹට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් එම රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බව වාර්තා වී තිබේ. 17 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026