( පුෂ්පකුමාර ජයරත්න)
වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
රංජිත් ආරියරත්න මහතා සම්බන්ධයෙන් ලැබී තිබූ චෝදනා සහ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.
වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ වයඹ පළාතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලනඥයින්ගේ නියෝග සහ ඉල්ලීම් නොසළකා හැරීම සම්බන්ධයෙන් ඔහුට එසේ චෝදනා එල්ලවී ඇතැයිද වාර්තාවේ.
මේ ආකාරයේ චෝදනා කිසිවකට ආරියරත්න මහතා සම්බන්ධ නැති බැවින් ඔහු තනතුරෙන් ඉවත් නොකරන ලෙස වයඹ පළාතේ උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් පවා කර තිබූ බවද පැවසේ.
ප්‍රධාන ලේකම් තනතුරෙන් ඉවත් කරන ලද ආරියරත්න මහතා ඒ වෙනුවට කුමන තනතුරකට පත් කළාදැයි යන්න මෙතෙක් ප්‍රකාශවි නැත.
මේ ආකාරයට දිවයිනේ පළාත් සභාවකට පත් කරන ලද ප්‍රධාන ලේකම්වරයෙකු නියමිත සේවා කාලයට පෙර එම තනතුරෙන් ඉවත් කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයද විරෝධය පළ කර ඇති බවද වාර්තාවේ.
ආරියරත්න මහතා ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩුව පවතින වයඹ පළාත් ප්‍රධාන ලේකම් ධූරය සඳහා මේ සතිය තුළ වෙනත් අයෙකු පත් කිරීමට නියමිත බවද සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදියට පොහොට්ටුව කියන දේ නොකළොත් ලොක්කාටත් තනතුර නැති වේවි. හොඳටම බයයි වගේ...
මේ ලේකම්තුමාව තනතුරෙන් ඉවත් කළ අයව... ජනතාව ළඟදීම ඉවත්කරයි.
කාලකණ්නි දේශපාලකයින්ට හිස නොනමන රාජ්‍ය සේවකයින්ට අපගේ ප්‍රණාමය...!
දන්නා විදිහට ඉතාම හොඳ දේශ පාලනයට නොනැමෙන නීතිගරුක පරිපාලන නිලධාරී මහත්මයෙක්. රටේ අවාසනාව...
තව මාස 4ක් ඉවසල ඇදගෙන යමු.
මේ රට මෙහෙම ප්‍රපාතයකට වැටුනේ දේශපාලුවො උන්ගෙ හිතුමනාපයට කරන කටයුතු අනුමත නොකිරීම නිසා මෙතුමාට ස්ථාන මාරුවක් දීලා තියෙනවා ඔහු කොන්ද කෙළින් තියෙන රටේ සංවර්ධනය පතන හොද නිළධාරියෙක් කියන්න පුළුවන් ප්‍රධාන ලේකම් කියන්නෙ දේශපාලුවො ඉදිරිපත් කරන හැමදේටම එඑහෙමයි කියා මුද්‍රාව තියන පළාතේ ඇති පොල් පිත්තක් නොවෙයි සෑම කෙනෙක්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට අතිරේක ලේකම්ට සිදුවූදේ දන්නවා ඇතිනේ.රංජිත් විද්‍යාරත්න කියන්නෙ උසස්ම නිළධාරියෙක් කියන්න පුළුවන් පොහොට්ටුවෙ සියලු දේශපාලුවො බංගවේවා
චන්දෙට හොර චන්ද දාන්න දෙන්න බැහැ කිව්වාවත්ද ?
මම අහලාතියෙන විදිහට මෙතුමා නීති ගරුක ,අවංක නිලධාරියෙක්.හොර දේශපාලුවන්ගේ අනිසි නියෝග පිළිගන්නේ නැති එකද වරද ?
දේශපාලකයෝ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට නියෝග නිකුත්කිරීම වලංගු නෑ. ඔවුන්ට ස්වාධීනව කටයුතුවල යෙදෙන්න අයිතිය තියෙන්න ඕන.