(අංජුල මහික වීරරත්න)
ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් රැස්වීමේදී අදාල ගැසට් නිවේදනය සම්බන්ධව විරුද්ධත්වය පළ කර ඇත.
විශේෂයෙන් මෙම කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය සඳහා ආනයනයට අවසර දීම මගින් දේශීය කුළුබඩු ගොවියා අධෛර්මත්වන බවත්, එමනිසා දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටෙන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ. එමෙන්ම දැනට ලෝකයේ හොඳම කුළුබඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළුබඩු වල ප්‍රමිතිය සඳහා මෙමගින් ප්‍රබල බලපෑමක් එල්ල වන බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
මෙම කරුණු සැලකිල්ලට ගත් ජනාධිපති ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය අදාල ගැසට් නිවේදනය අත් හිටුවීමටත්, ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු මෙරටට ආනයනය කිරීම අත් හිටුවීමටත් තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිවරයා නොකිව්වත් අවම වශයෙන් මොන්ටිසෝරියකට ගිය ළදරුවෙක් වුනත් ලංකාවේ වැවෙන භෝග වර්ග ප්‍රති අපනයනය සඳහා හෝ ගෙන්වීම මහා විනාශයක් කියලා දන්නවා. අපේ රටේ පාලකයෝ ගැන පුදුම කණගාටුවක් තමයි තියෙන්නේ..!
දැනටමත් නැව් ගණනාවකට LC open කරලා ඇති. ගැසට් ගහපු එවුන් හෙළිකරන්න රටටම දැනගන්න. මැතිවරණයත් ළඟනේ. සල්ලි හොයාගන්න එපායෑ...
රටට සහ වගාකරුවන්ට අහිතකර බලපෑම් එල්ලවන මෙවන් ගැසට් පත්‍ර නිකුත් කිරීමට පෙර අදාල බලධාරීන්ට නොතේරේද? නැතිනම් යම් යම් වාසි තකාද?
උදේට කරන එක හවසට වෙනස් කරනවා. කරන්න ඕනෑ මොනවාද නොකරන්න ඕනෑ මොනවාද කියලා අවබෝධයක් නැහැ. අඩුම ගානේ තීන්දූවක් ගන්න කලින් ඇමැති මණ්ඩලයෙන් අහලා බලන්න තරම්වත් නිහතමානී කමක් සාමුහික හැඟීමක් නැහැ. ඒ වුණාට ආසියාවේ ලොකුම මොලයලු, රට ගොඩගන්න පුළුවන් එකම මෑන්ලු තවත් පහක් දෙන්නලු.
හිරවෙලා තිබුන බඩු ටික නිදහස් කරගන්න කල් ඇති වෙන්න ඇති මගෙ හිතේ....
අමතකද සීනි වැඩේ ?හොයලා බැලුවානම් ඔය ගැසට් එක පිටිපස්සේ 10% ඉන්නවද කියලා .හොරා හොරාමයි .දැක්ක ගමන් කට්ටට කෙල හලනවා
ගියසතියේ ඔය ගැසට් එක නිකුත්කරපු නාකි හම්පඩ බටලන්දේ බැංකු හොරාට මොකද කරන්නේ ? රනිල්ව දේශද්‍රෝහියෙක් ලෙස නම් කල යුතුයි.
ඔය අමාත්‍ය මණ්ඩලයේ ඉන්න එවුන් ඉස්කෝලේ ගිහින් නැති පට්ට පල් හොර මිනීමරුවෝ !!! ඒ නිසා තමයි ඔය කුළුබඩු ආනයනයට අත ඉස්සුවේ. රටේ මහා එකයි කියාගන්න බටලන්දයා ඔක්කොටම හපන්. එකෙක් අත ඉස්සුවොත් අනිත් එකාත් උස්සනවා,මොනවටද,ඇයි ,කොහොමද,කොහෙන්ද ,එතකොට අපේ ඒවා ?...ඒවාගැන මුන්ට තේරුමක් නැහැ.අපි බලමු මේ පාරවත් මේ නාකි මෝඩ හැත්තම එළවලාදාලා ,නැතිනම් හිරේ දාලා, අලුත් බුද්ධිමත් උගත් කට්ටියක් පාර්ලිමේන්තුවට පත්කරගන්න. මේ නාකි , ඔක්කොම හිරේ යාමට නියමිතයි.
නියමයි! හම්බ සෙට් එක පිටපට ගහල ලෑස්ති වෙන්න ඇති කසිය අපේ කුරුඳු වලට කවලම් කර විකුනන්න. යහපාලන කාලේ හම්බයො අපේ කුළු බඩු වෙළඳාම කෑව