
( සිතුම් චතුරංග )
වවුනියාව මඩුකන්ද ජාතික පාසල් භූමියේ තිබී පුපුරා නොගිය මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ හතක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
කසල සහිත ස්ථානයක් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් සුද්ධ පවිත්‍ර කිරීමේදී පොළව යට තිබූ මෙම මෝටාර් උණ්ඩ හමුවී අැති බව විශේෂ කාර්ය බලකාය පැවසීය.
පසුගිය යුද සමයේ භාවිතා කොට අැති මෙම පුපුරණ ද්‍රව්‍ය කවුරුන් විසින් රැගෙන අාවේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් හමුවූ මෝටාර් උණ්ඩ දැඩිලෙස දිරාපත්ව තිබූ බවත් සඳහන් කළේය.
මෝටාර් උණ්ඩ තැන තැන විසිරී තිබු බවත් එ‍්වා පිපිරී ගියේ නම් විශාල හානියක් සිදුවීමට ඉඩතිබූ බවත් පැවසීය.
වවුනියාව මහෙස්‌ත්‍රාත් අධිකරණ නියෝග යටතේ හමුවූ මෝටාර් උණ්ඩ පොලිස් විශේෂ කාර්ය බලකායේ මඩුකන්ද කඳවුරේ නිලධාරීන් විසින් අාරක්ෂිතව ඉවත් කිරීමෙන් අනතුරුව නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි, ඡන්දයක් ළංවෙනකොට බෝම්බ, උණ්ඩ හම්බවෙන එක සාමාන්‍යයි.
කොටි යළි හිස් ඔසවන්න වගේ නේද? මේ අන්තිම අවස්ථාව රට, ජාතිය, ආගම බේරගන්න... එහෙම නේද?