(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවගමුව පොලිස් වසමේ හාඩ්වෙයර් වෙළෙඳ සැලක් ඉදිරිපිටට පැමිණ අහසට වෙඩි තබා ස්කුටර් වර්ගයේ යතුරුපැදියෙන් පලා ගිය පුද්ගලයන් දෙදෙනා මාලබේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් සමඟ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 3 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත. ඉකුත් පස්වැනි දින මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි.
සැකකරුවන් කලංකුට්ටිය හා කඩුවෙල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු තිස් දෙක හා තිස්පහ අතර පසුවන දෙදෙනෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd