(යොහාන් භාසුර)
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීමට බලධාරීන් අපහොසත් වන්නේ නම් මේ මස 19 වැනිදා සිට වර්ජන ක්‍රියාමාර්ගයට නැවත අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේෂ් මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශය ටින් එකකින් එකතු කර බැරල් එකකින් බෙදාගන්නා බවත් ඒ හරහා මුදල් අමාත්‍යංශය ආර්ථික යුක්තියේ ප්‍රමාණය පිළිබඳ රටට ප්‍රදර්ශනය කර ඇති බවත් ඒ මහතා කීය.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා සම්බන්ධ සිද්ධියට පොලිසිය අනවශ්‍ය මැදිහත්වීම් කරන බව කී කුමුදේෂ් මහතා නැවත වරක් එවැනි මැදිහත්වීමක් වුවහොත් ඒ මොහොතේ සිට රට පුරා වර්ජනයක් ආරම්භ කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ටයි, දුම්රියේ අයටයි විතරක් හැමදාම ප්‍රශ්න...
මහ බැංකුව බෙදාගත්තු විදිහට නම් රටේ කවුරු කොහොම ඉල්ලුවත් දෙන්න වෙනවා...!
සතපහක් දෙන්න එපා දෙන පඩියට බැරි නම් දොට්ට...
තව බොහෝම ටික කලකින්ම එළියට යනවා. මධ්‍යම මට්ටමේ කාර්මික සේවය පෞද්ගලික අංශයට දෙන්න පහසුයි. ඒත් එක්ක සුළු සේවක ගණන්කාරයෝ කොන්ත්‍රාත් පදනම යටතේ මෑන්පවර් සමාගම්වලින් ලබාගැනීමට පුළුවන්. ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ. සැපයක් යයි රවි දිය කෙලියේ...
සෞඛ්‍ය සේවයට නුපුහුණු කම්කරුවන් හා වෙනත් සහායකයින් බඳවා ගැනීම නවතා එය පෞද්ගලික කරණය කිරීමෙන් වැඩවර්ජනවලින් තොර මහජනයාට මෙයින් ගුණාත්මක සේවයක් ලබාදිය හැකිය.