(යොහාන් භාසුර)
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ‘සේවා පියසේ’ ආහාර අධික මිලට අළෙවි කරන වෙළෙඳසැල්වලට දැඩි අවවාද කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
‘සේවා පියසේ’ ආහාර අධික මිලට අළෙවි කරන්නේ යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව එම වැටලීම කළ බවත් එහි බොහෝ වෙළෙඳසැල්වල මිල ප්‍රදර්ශනය නොකර අධික මිලට ආහාර අළෙවි කරන ආකාරය දැකගත හැකි වූ බවත් එම නිලධාරියා කීය.
ඒ අනුව එම වෙළෙඳසැල්වල පුද්ගලයන්ට පාරිභෝගික අධිකාරියට පැමිණ ලෙස දැනුම් දුන් බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අවවාද කරලා නිකම් හිටියේ? දඬුවම් කරන බවද?
මේ අයව පාලනය කිරීම අත්‍යාවශ්‍යයි. ඔවුන් හිතුණා හිතුණා මිලගණන් වලට කෑම බීම අලෙවි කරනවා.
අධිවේගි මාර්ගයේ පමණක් නොව ගුවන් බලපත් නිකුත් කරන බත්තරමුල්ල කැන්ටින් එකේ සාමාන්‍ය ආහාර වේලක මිල රුපියල් 850/- ඒ ගැනත් සොයාබැලිය යුතුයි.