
(අංජුල මහික වීරරත්න)
ලියාපදිංචි නොවූ ආගමික මධ්‍යස්ථාන වටලා නීති පියවර ගන්නැයි පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේය.
ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන හරහා ජනතාව අන්‍යාගම්කරණයට ලක් කිරීම වලක්වාලීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
මෙරට නිකාය ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා සමඟ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළේ ය.
ආගමික සිද්ධස්ථාන හා භික්ෂූන් වහන්සේලා සම්බන්ධ ගැටළු ආගමික විකෘතිතා සම්බන්ධයෙන් ඉදිරියේ දී ගතයුතු පියවර සම්බන්ධයෙන් ද මෙහිදී භික්ෂූන් වහන්සේලා සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එමෙන්ම ගුවන් ගමන් බලපත්‍රයේ හා ජාතික හැඳුනුම්පතෙහි භික්ෂූන් වහන්සේලා හා සිල් මෑණි වරුන්ගේ නාමයන් ඇතුලත් කිරීමේදී භික්ෂූන්වහන්සේලා සඳහා Venerable ලෙසත් සිල් මෑණියන්ට සඳහා Reverend ලෙසත් යෙදීමට එහිදී තීරණය කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇතිවෙලා තියන විකුර්තිය නම්, නමට ඉදිරියෙන් ඉංග්‍රීසියෙන් නම්බුකාර කෑල්ලක් දැම්මයි කියලා ප්‍රකුර්ති තත්වයට පත්වෙයි කියලා මම නම් හිතෙන්නේ නැහැ... අනික පින්තුරයේ හරියට මුහුණු ටික පැහැදිලිව එකින් එක වෙන්කර හඳුනා ගන්න ලැබුණා නම්, මේ ඇතිවෙලා තියන විකෘතියට වගකිව යුත්තොත් ඔය අතරින්ම හොයා ගැනීමට හැකිවේවි... දේශපාලකයෙකුවත් මුල්පුටුවේ තියාගෙන, මේ කරන විගඩම් දකිද්දී අපිට නම් අර කොහෙන්ද මන්ද හිනා යනවා. බුදුන් වහන්සේගේ උතුම් දර්ශනය අඥාණයින් අතට පත්වී විකෘති කළ ඇතිබව දන්නා උන්වහන්සේට, මිහිඳු මහා රහතන් වහන්සේ ගැන මොනවා හිතෙනවා ඇත්ද..?
8 දෙනෙක් එකතු වුණාම ටකරන් මඩුවක් හදාගන්නවා.... ආගම කියන්න තැනක් කියලා ටික දවසක් යනකොට ඒක ලොකු පල්ලියක්.
බෝධි පූජාව කියලා නැවතත් ජනතාව ආගමික ස්ථාන වලට නොගොස් තැන තැන සිටුවා ගන්නා බෝගස් වඳින පුදන තත්වයක්, නැත්නම් ගස්ගල් වඳින තත්වයක් ඇතිවෙමින් තියෙනවා.. නොදියුණු මිනිස්සු හිටපු කාලයේ විදියට නැවතත් එහෙම සිදුවීම් අනන්ත දකින්නට ලැබෙනවා. ඒවා මිනිසුන්ගේ පිරිහීම මෙන්ම කුමක්ද හේතු මත ජනතාව විහාරාරාම වලින් ඈත්වෙමින් ඉන්නවා. පැරණි පංසල් විහාර ආශ්‍රිතව පැවැති ගොදුරු ගම්වල අලුත් ආරාම ඇතිවෙනවා. සමාජයේ බෙදීම ඇතිවෙනවා. මෙමගින් පංචානන්තර්ය පාපකර්මය වෙනවා කියලා ජනතාව දන්නේ නැහැ. බොහෝමයක් හාමුදුරුවෝ මුදල් පස්සෙන් යාමත් විහාරාධිපති තනතුර අපේක්ෂා කිරීමත් පංසලේ නායක හාමුදුරුවෝ පලවාහැර විහාරාධිපති වීමට ගෝලයෝ කටයුතු කිරීමත් අහන්න ලැබෙනවා. ශාසනය සීඝ්රයෙන් පිරිහෙමින් පවතින තත්වයක් දකින්නට පුළුවන් කියලා පේනවා... ඇත්තටම පන්සලේ නායක හාමුදුරුවෝ වයස්ගත වනවිට පංසල් වලින් පලවාහැරීම හරිද ඇමැතිතුමා... මේවා ගැන බලධාරීන්ට පේන්නේ නැහැ ඒ ගැන අවධානයට යොමුවේවා...!
ඉතාම හොඳ තීරණයක්...!
බුදුන් වහන්සේට නමට ඉදිරියෙන් පසු පසින් කිසිම නම්බු නාමයක් තිබුණෙ නෑ. දැන් විහාරාධිපති, අග්ග මහා පණ්ඩිත සහ තවත් බොහෝ නම්බු නාම කෑලි දාගෙන තියෙනවා. දැන් පන්සල් නෙවෙයි තියෙන්නේ අසපු. ඒවායේ කරන්නේ මහ විකාර වැඩ. අද බුදුන් දෙසූ දහම නෙවෙයි තියෙන්නේ "බුද්ධාගම ". අද පන්සල්වල පිච්චමල් පූජා, බෝධි පූජා, පහන් පූජා තමයි තියෙන්නේ. ඊගාවට බණට කියන්නේ දන් දීම ගැන විතරයි. දන් දීලා ලබන ආත්මේ සාර්ථක කර ගන්න කියන එක. යමක් දීලා ලබා ගන්නවා කියන්නේ තෘෂ්ණාව නෙවෙයිද? නීති රීති දාලා බුදු දහම උගන්වන්න බෑ මිනිස්සුන්ට. දැන් ඉන්න බොහෝ චීවරධාරීන් ව්‍යාපාරිකයින් සහ දේශපාලනඥයින්. බුදු දහම ගැන දේශනා කරන අය අද ත්රස්තවාදීන් කියලා විරුද්ධව කටයුතු කරන්න ලෑස්ති වෙනවා. කණගාටුයි...