පුංචි ශ්‍රිපාද කන්දනේ විදේශීකයෙක් ඇදවැටෙයි ඇල්ල සංචාරක කළාපයේ පුංචි ශ්‍රීපාදය කන්දෙන් අද( 13) අඩි 100 ක පමණ ප්‍රපාතකට ඇද වැටුන විදේශිකයෙක් ප්‍ර දේශවාසීන්ගේ සහාය ඇතිව ඇල්ල සංචාරක පොලිසිය විසින් මහත් පරිශ්‍රමයක් යොදා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන මහතා පැවසීය . 13 August 2023
මවුපිය දැසට වැලි ගැසුවත් පොලිසිය රවටන්න බැරි වේ පාසල් යන බව මාපියන්ට පවසා නිවසින් පිටත්ව පාසල් නොගොස් පාසල් නිල ඇඳුම් සඟවා මුහුණු පොතෙන් පමණක් හඳුනාගත් පෙම්වතුන් හමුවීම සඳහා කුරුණෑගල නගරයට පැමිණ සිටි 16 හැවිරිදි ලාබාල පාසල් සිසුවියන් දෙදෙනකු පොලිස් බාරයට ගෙන මාපියන්ට බාර දුන් බව කුරුණෑගල පොලිසිය කියයි. 13 August 2023
අඩි 410 පොළව යට ඉදි කළ ආපන ශාලාව ලංකාවේ පළමු වරට මීටර් 124 ක් (අඩි 410) පොළොයට බෝගල මිනිරන් පතලේ පවත්වාගෙන යන භූගත ආපන ශාලාවට අවසර ලත් නරඹන්නන් වෙනුවෙන් සහභාගී වීමට අවස්ථාව දෙන බව බෝගල මිනිරන් පතලේ ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසීය. 13 August 2023
නියඟයෙන් දිස්ත්‍රික්ක 13 කට දැඩි බලපෑම් දැඩි නියඟය හේතුවෙන් සබරගමුව, නැගෙනහිර, වයඹ, උතුර, ඌව සහ දකුණ යන පළාත් හයක පවුල් 51641 කට අයත් 171781 පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. 13 August 2023
ඖෂධ කාණ්ඩ 40 ක් අත්හිටුවයි ? සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ රෝහල් වෙත සැපයූ ඖෂධ රෝගීන්ට දීම අවස්ථා 69 කදී අත්හිටුවා ඇති බවත් එහිදී අත්හිටුවූ ඖෂධ කාණ්ඩ අතරින් කාණ්ඩ 40 ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සැපයූ ඖෂධ බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය. 13 August 2023
නූලෙන් මඟ හැරුණු යාංගල් මෝදර අනතුර යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී සිදුවන්නට ගිය මාරාන්තික අනතුරක් වළක්වාගැනීමට දුම්රිය ගේට්ටුකරු සහ සහායක ගේට්ටුකරුගේ දක්ෂතාවමය මත වළක්වා ගැනීමට සමත් වූහ. 13 August 2023
හොරෙන් ලංකාවට ආ විදේශිකයා පිටුවහල් කරයි කූඨ ලෙස සකස් කළ ව්‍යාජ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වී , එංගලන්තය බලා පැන යාමට පැමිණි චැඩ් ජාතික ගුරුවරයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ආපසු ඔහු පැමිණි කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටුවහල් කර තිබේ . 13 August 2023
ඩිජිටල් හැදුනුම්පත හදන්න ගිවිසුම්ගත වෙයි ඉන්දියා ආධාර යටතේ මෙරටට හදුන්වා දෙන නව ඩිජිටල් හැදුනුම්පත හෙවත් සුවිශේෂි ඩිජිටල් හැදුනුම්පත (Unique Digital Identity) සකස් කරන ආයතනය හා ශ්‍රී ලංකා රජය ලබන ඔක්තෝම්බර් මාසයේදී ගිවිසුම්ගත වීමට නියමිතය. 13 August 2023
යතුරුපැදි-ලොරි අනතුරින් සිසුවා මරුට යාපනය නුවර ඒ නවය මාර්ගයේ යාපනය , චාවකච්චේරි වෛරව කෝවිල අසලදී යතුරු පැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 19 හැවිරිදි පාසල් සිසුවකු අද (13) මියගොස් ඇතැයි චාවකච්චේරි පොලිසිය කියයි. 13 August 2023
ජල ව්‍යාපෘති 20 ක ජල සැපයුම අත්හිටුවයි ජාතික ජලම්පාදන මණ්ඩලය ක්‍රියාත්මක කරන ජලසම්පාදන ව්‍යාපෘති 344 න් ව්‍යාපෘති 20 ක අඛණ්ඩ ජල සැපයුම අත්හිටුවා මුර ක්‍රමයට ජලය නිකුත් කරන බව එම මණ්ඩලය පවසයි. 13 August 2023
සාම සාධක සේවයට අපේ අය යවන්න සාකච්ඡා මාලි රාජ්‍යයට ගොස් එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල නිරත ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් එම රාජ්‍යයෙන් ඉවත් කර ගැනීමට ගෙන ඇති තීන්දුවත් සමඟ සාම සාධක හමුදා සේවයෙ ඇතිවන හිඩැස පිරවීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට රජය තීන්දු කර ඇත. 13 August 2023
ජනපති මැණික් වලින් ඩොලර් හොයන ක්‍රම ඉල්ලයි මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්රිත අපනයන හා ප්‍රති අපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 13 August 2023
ලංකාව එන චීන නැවක් ගැන ඉන්දියා මාධ්‍ය කතා කරයි චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යාන් 6 එළඹෙන ඔක්තෝම්බර් මස අගදී කොළඹ සහ හම්බන්තොට වරායන්හි නැංගුරම් ලෑමට සූදානම් වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. 13 August 2023
අ’පුර-මිහින්තලයට ද්විත්ව දුම්රිය මාර්ගයක් අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 13 August 2023
අ.සා.පෙ. විභාගය10 වැනි ශ්‍රේණියේදී ? අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියේදී පැවැත්වීම පිළිබඳ අධ්‍යනය කරමින් සිටින්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 13 August 2023
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයට මාරුවක් රූමත් තරුණ ඇතැම් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය මුල්කරගෙන පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය ආපනශාලා අංශයෙන් වෙන්කර වෙනම පරිපාලන අංශයකට සම්බන්ධ කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ දැඩි අවධානය යොමුවී ඇත. 13 August 2023
දිගාමඩුල්ලට බොන වතුර ප්‍රශ්නයක් අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක පවුල් 7739 ක අයත් 25891 ක පිරිසක් පිරිසිදු ජලය සපයා ගැනිමේ ගැටළුවකට මුහුණ දී සිටින බව, අම්පාර දිස්ත්‍රික් අපදා කළමනාකරණ කාර්යාලය පවසයි. 13 August 2023
යතුරුපැදි රේස් ගිය 8ක් අල්ලයි මුහුණු පොත හරහා සංවිධානය වී හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ තරඟයට යතුරුපැදි ධාවනය කළ තරුණයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලිසිය කියයි. 13 August 2023
දඩයමේ ගිය 5ක් මාට්ටු නකල්ස් රක්ෂිතයේගැවසුණු ගෝනකු දඩයම් කරමස් කිලෝ ග්‍රෑම් 110 ක තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පුද්ගලයින් පස්දෙනෙකු පස් දෙනෙකු අද (13) සැකපිට අත්අඩංගුවට ගත් බව පන්විල පොලීසිය පවසයි. 13 August 2023
කඳුකර ද්‍රවිඩ ජනතාවට සළකන්න ජනපති අත ගසයි සියවස් දෙකක් තිස්සේ රටට විදෙස් විනිමය උපයා දෙමින් ශ්‍රමය වැගිරූ කඳුකර ද්‍රවිඩ ජනතාව තවදුරටත් වෙනම ජන කොටසක් ලෙස නොව ශ්‍රී ලාංකික පොදුජන සමාජයට එක් කිරීමේ අභියෝගය ජයගැනීම සඳහා වැඩපිළිවෙලක් සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 13 August 2023
මේද ආශ්රිත ආහාර නිෂ්පාදන තොගයකට සීල් :ආයතනය වහයි පමුණුගම නුගපේ පවත්වා ගෙන ගිය තෙල් හා මේද ආශ්රිත ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක අපනයනය කිරීම සදහා ගබඩා කොට තිබු කල් ඉකුත්වු බටර් කිලෝ 10,000 සහ දේශීය වෙළෙද පොලට බෙදා හැරීමට සුදානමි කොට තිබු තෙල් හා මේද ආශ්රිත විවිධ වර්ගයේ කල් ඉක්තු වු ආහාර ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 13 August 2023
තෝරාගත් වාහන කිහිපයක ආනයන සීමා ලිහිල් කරන්න යයි පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා යොදා ගන්නා තෝරා ගත් වාහන සඳහා ආනයන සීමා මෙම සතිය තුළදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රුවන්වැල්ල ප්‍රදේශයේදී ප්‍රකාශ කළේය. 13 August 2023
පුංචි ආණ්ඩු පොහොට්ටු ජාතික ලයිස්තු අපෙක්ෂක කසිප්පු සමග මාට්ටු පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අතිරේක ලැයිස්තුවෙන් වැලිකන්ද ප්‍රාදේශිය සභාවට තරඟ වැදීමට නියමිතව සිටි පුද්ගලයෙකු නීතී විරෝධී අරක්කු ලීටර් 15 ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 13 August 2023
රට විරුවන්ට ගෙවල් හදන්න ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අරඹා තිබේ. 13 August 2023
හොර පාරෙන් බීඩි කොළ පන්නන්න බැරිවෙයි මාර්ග බාධක මගහැරමින් අතුරු මාර්ග හරහා රැගෙන යාමට සුදානම් වු රුපියල් ලක්ෂ 50 කට ආසන්න බීඩි කොළ තොගයක් වනාතවිල්ලුව හා කරුවගස්වැව පොලිස්ථාන ඒකාබද්ධව කළ වැටලීමකදී අද(13 ) අත් අඩංගුවට ගත් බව කියයි. 13 August 2023
නිෂ්පාදන කළමනාකාරවයාගේ සිරුර නේවාසිකාගාර ඇදේ ආරච්චිකට්ටුව අඩිප්පල පාරේ පිහිටි මුහුදු ආහාර ආයතනයක නිෂ්පාදන කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ තිස්තුන් හැවිරිදි අයෙකු ඔහු නවාතැන්ගෙන සිටි නේවාසිකාගාරයේ ඇඳ මත මිය ගොස් සිටියදීඔහුගේ සිරුර සොයාගත් බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 13 August 2023
යතුරුපැදි අනතුරින් සිසුවා මරුට තංගල්ල නගරයේ සිනමා ශාලාව ඉදිරිපිටදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් එක් යතුරුපැදියක ගමන්ගත් 19 හැවිරිදි පාසැල් සිසුවෙක් මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 13 August 2023
පොලිස් වෙසින් මුදල් ගත් සෙබළු 4ක් මාට්ටු පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මීගමුව බඩල්ගම ප්‍රදේශයේ කසිප්පු ජාවාරමේ නිරතව සිටින පුද්ගලයින්ගේ නිවෙස්වලට ගොස් බලහත්කාරයෙන් රුපියල් දහස් ගණනින් මුදල් ලබා ගැනීමේ නිරතව සිටියේ යැයි කියන හමුදා සෙබළුන් හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය පවසයි . 13 August 2023
බස්නාහිරට, සබරගමුවට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 August 2023
බසයේදී මාලයක් සොරාගත් තරුණියක් ඇතුළු3ක් දැලේ බස් රථයක ගමන් ගත් 66 හැවිරිදි කාන්තාවකගේ අත් බෑගය තුළ තිබූ රුපියල් තුන් ලක්ෂ විසි පන්දහසක් වටිනා රන් මාලයක් සොරාගත් බව කියමින් තරුණියක් සහ කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය පවසයි. 13 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026