මහා රළකින් කෝටි ගණනක බෝට්ටු විනාශයි බළපිටිය හරස්පොළ ධීවර තොටුපොළට අද (14) උදේ ආ හදිසි රළපහරක් නිසා එම ධීවර තොටු පොලේ ගාල් කර තිබූ මෝටර් බෝට්ටු විස්සක් පමණ මුලුමනින්ම විනාශවී ගොස් තිබේ. 14 December 2023
තරංගාකාර වායුගෝලීය කැලඹීම වැස්ස වැඩි කරයි තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් ඉදිරි දින කීපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් තාවකාලිකව වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 December 2023
ගුවන් යානය තුළත් මහ හොරකමක් ඕමාන ගුවන් සේවයේ යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදලක් ඔහු අසල ගමන් ගත් චීන ජාතිකයකු සොරාගෙන ඇතැයි ගුවන්තොටුපොළ පොලිසිය කියයි. 14 December 2023
මව සමග ගමන් ගත් සිසුවිය පැහැර ගනී පෞද්ගලික උපකාරක පංතියකට ගොස් මව සමග යමින් සිටි සිසුවියක ඇගේ පෙම්වතා බව කියන තරුණයකු මවට පහරදී සිසුවිය පැහැරගත් බවට මවක අද (13) පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මතුගම පොලිසිය පවසයි. 13 December 2023
අයවැයට කථානායක සහතිකය පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේය. 13 December 2023
කහවත්තේ මවක් කපා කොටා මරලා කහවත්ත වැල්ලඳුර නිවසක් තුළ කාන්තාවක් කපා කොටා මරා දමා ඇතැයි කහවත්ත පොලීසිය සඳහන් කරයි. 13 December 2023
කෝටි හතක් සමග සුපිරි හෝටලයෙන් ඇල්ලූ අට දෙනාට ඇප කොල්ලුපිටියේ සුපිරි හෝටලයකදී රුපියල් හත් කෝටි අසූහත් ලක්ෂ පනස් දහසක් සමඟ අත් අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා එක් එක් සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ(13) නියෝග කළේය. 13 December 2023
අය වැය ඡන්ද 41කින් සම්මතයි ලබන වසර ( 2024) සඳහා වන අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත) වැඩි ඡන්ද 41 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (13) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. 13 December 2023
මැතිසබය තහනම් කළ තිදෙනාට අයවැයට ඡන්දය දෙන්න අවසර මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කරන ලද මන්ත්‍රීවරුන් තිදෙනාට අයවැය ඡන්දය සඳහා සහභාගී වන්නට ඉඩ ලබා දෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 13 December 2023
‘‘අයවැය සම්පූර්ණ වෙන්න කඹයකුත් දෙන්න‘‘ අයවැය යෝජනා ඉදිරිපත් කරද්දී ආණ්ඩුවට එක දෙයක් අමතක වී ඇතැයි ද බදු බරින් පීඩිත ජනතාවට එල්ලෙන්න කඹයෙකුත් දුන්නා නම් අයවැය යෝජනා සම්පූර්ණ බවද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී අද (13)පැවසීය. 13 December 2023
අයවැයට මම විරුද්ධයි අයවැය අවසාන ඡන්ද විමසීමේදී තමා ඊට විරුද්ධව ඡන්දය දෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 13 December 2023
ලොකු ලුනූ කන්ටේනර් තුනකට සීල් මාස තුනකට කලින් ගෙන්වන ලද මිනිස් පාරිභොජනයට නුසුදුසු ලොකු ලූනු කන්ටේනර් තුනකට සීදූව, ලියනගේමුල්ල සෙන්තෝමස් පාරේ පිහිටි භාණ්ඩ රදවා තැබීමේ ගුඳමේදී සීල් තැබීය. 13 December 2023
බිත්තර- කුකුළු මස් අඩු නොකලොත් රජයෙන් පියවර දෙකක් බිත්තර හා කුකුළු මස් මිල සතියක් ඇතුලත පාලනය කිරීමට පියවර නොගතහොත් රජය ඊට මුහුණදීම සඳහා පියවර දෙකක් ගන්නා බව කෘෂිකර්ම සහ වැවිදි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 13 December 2023
අභ්‍යාස පොතට සහනයක් පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය මාධ්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. 13 December 2023
ජනමාධ්‍ය උළෙලේ දී ලංකාදීපයට විශිෂ්ටතා සම්මාන තුනක් ගල්කිස්ස මහ හෝටලයේ ඊයේ රාත්‍රී පැවැති 2022 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළලේදී ලංකාදීප පුවත්පතට විශිෂ්ටතා සම්මාන තුනක් සහ එක් කුසලතා සම්මානයක් හිමි විය. 13 December 2023
තරුණයෝ දෙදෙනෙක් සභා ගැබේ යකා නටති ඉන්දීය පාර්ලිමේන්තුව (ලොක්සභාව) රැස් වූ අවස්ථාවේදී, සභාගර්භයට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ නරඹන්නන්ගේ ගැලරියේ සිටි තරුණයන් දෙදෙනකු හිටිහැටියේ සභාගර්භයට කඩා වැදීමෙනි. 13 December 2023
ලංකා සතොසට නිකුත් කරන ඉන්දීය බිත්තර ප්‍රමාණය වැඩි කරයි ලංකා සතොසට නිකුත් කරන ආනයනය බිත්තර ප්‍රමාණය අද (13) සිට ලක්ෂ 20 දක්වා වැඩි කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. 13 December 2023
මාලිගාවත්තේ ගෙවල් 100ක වතුර කපලා මාලිගාවත්ත, ශ්‍රී සද්ධර්ම මාවත ‘ඕකීට් රෙසිඩන්සි’ මහල් නිවාස සංකීර්ණයේ නිවාස 100 ක පමණ ජල සැපයුම ජාතික ජල සම්පාදන මණ්ඩලය අද (13) පෙරවරුවේ විසන්ධි කිරීමෙන් එහි පදිංචිකරුවෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. 13 December 2023
අධිවේගී මාර්ගවල එස්.ටීඑෆ් ළඟදීම ඉවතට අධිවේගී මාර්ගවලට අනුයුක්තව සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 175 දෙනා ඒ ස්ථානවලින් ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. 13 December 2023
වෙඩික්කරුගේ කුරුමානම වරදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශකවරයෙකුට වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔහුගේ දිවි අනූනමෙන් බේරී ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි 13 December 2023
කලුතර ජලයෙන් යටවූ තැන්වලින් යන්න අඟුල් යාත්‍රා සේවයක් කළුතර දිස්ත්‍රික්කයේ කලුගඟ කුඩා ද්‍රෝනියේ ඉහල ධාරා ප්‍රදේශ ආශ්‍රිතව ඉහල වර්ෂාපතනයක් ලැබිමෙන් මේ වන විට බුලත්සිංහල,පාලින්දනුවර,සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන්හි මාර්ගවල ජලයෙන් යටවී ඇති ස්තාන හයක ජනතාවට ගමන් කිරීම සඳහා අඟුල් යාත්‍රා යොදවා ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ කළුතර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ කර්නල් ඊ.ඒ.යූ.ඒ.අමරසේකර මහතා පැවසීය. 13 December 2023
පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව ’ජන පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලාගනු’ කියන්න සටන් පාඨය යටතේ පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (13) විරෝධතාවක් පැවැත්වීය. 13 December 2023
ආර්ථිකයට පැලැස්තර ගසා වැඩක් නෑ ආර්ථිකයට පැලැස්තර ගසා විසඳුම් හොයන්නට බැරි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 December 2023
මම විපක්ෂයට යන කතාව බොරුවක් තමා විපක්ෂයට යන කතාව අසත්‍යයක් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. 13 December 2023
ඊළඟ අයවැය කියන්නේ හර්ෂ ඊළඟ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ආචාර්ය හර්ෂද සිල්වා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 December 2023
බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට විතරක් සීමා කරගමු දේශපාලන බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 13 December 2023
ජෙරම් ප්‍රනාන්දු යළි රිමාන්ඩ් ආගමික සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනා සම්බන්ධව රිමාන්ඩ් ගත කර සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 27 තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 13 December 2023
විභාග අලකලංචි නිසා වයඹ සිසුන් 15ක් සරසවිය හැර ගිහින් වයඹ විශ්වවිද්‍යාලයේ විභාග පැවැත්වීම සම්බන්ධ අකටයුතුකම් නිසා මේ වන විට සිසුන් පහළොවකට වැඩි පිරිසක් උපාධිය සම්පූර්ණ නොකර විශ්වවිද්‍යාලය හැරගොස් ඇති බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 December 2023
පුතා කැපු ගසට යටවී පියා මරුට මොනරාගල දික්තලාව ප්‍රදේශයේදී පුතා කපමින් සිටි ගසට යටවී පියා මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. 13 December 2023
‘‘බදු සහ වියදම් හැර සෙසු කොන්දේසී ගැන සතුටුයි‘‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර වැඩසටහනේ බොහෝ කැපවීම් ශ්‍රී ලංකාව බදු සහ වියදම් ඉලක්ක හැර බොහෝ කැපවීම් ඉටු කර ඇතැයි ජාතයන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙයි. 13 December 2023
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026