පොලීසියේ යකා නැටු විධායක නිලධාරියා අත්අඩංගුවට රිය අනතුරක් සිදු කොට පලායාමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා රැගෙනවිත් සිටියදී පොලිස් ස්ථානයේ ජල නළයක් කඩා සිර මැදිරි පිහිටා ඇති ප්‍රදේශයම ජලයෙන් යටවීමට සලස්වා පොලීසිය තුළ යකා නැටූ ලංකාවේ ප්‍රසිද්ධ කල් බදු ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙකු අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 13 December 2023
බණ්ඩි පොහොරට උපරිම සිල්ලර මිලක් බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් ( MOP) අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය. 13 December 2023
’’උරුමය’’ට කැබිනට් අනුමැතිය ඉඩම් අවසර පත්‍ර හා දීමනා පත්‍ර ලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. 13 December 2023
අවුරුදු තුනේ දැරිය පිලීස්සීයැයි පියා අත්අඩංගුවට පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක දැරියකගේ වම් අතේ වැලමිටේ උඩ කොටස පිලිස්සීමට සම්බන්ධ විසිහතර හැවිරිදි පියකු අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය කියයි. 13 December 2023
චීන සමාගමකට දුම්රිය කොන්ත්‍රාත්තුවක් දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව සැලසුම් කර ඉදිරි කිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 December 2023
ළමා නිවසින් පැන්න දරු තිදෙනා පොලිසිියට හිඟුරක්ගොඩ හතමුන බාලිකා ළමා නිවාසයේ නේවාසිකව රැඳී සිටි දැරියන් තිදෙනෙකු පලායමින් සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙන බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 13 December 2023
අපේ දඬු මොනරෙට තෙල් ගන්න තැන් සොයයි එතෙර ගුවන්තොටුපළවල් නවයකදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 13 December 2023
තැනින් තැන අදත් වැස්ස නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 December 2023
මල්ලී ඇටවූ විදුලි රැහැනට අයියා බිලි අලින්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට මල්ලී ඇටවූ විදුලි රැහැනක පැටලී අයියා මියගොස් ඇතැයි මහව පොලිසිය පවසයි. 13 December 2023
අයි.එම්.එෆ් දෙවන වාරිකය අනුමතයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වහාම ලබා දීමට එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ඊයේ(12) ලබා දුන්නේය. 13 December 2023
කෝටියක බඩු ගුවන්තොටෙන් පන්නලා රුපියල් කෝටියක් වටිනා ලැප්ටොප් පරිගණක , ජංගම දුරකථන සහ උපාංග ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනකු ගුවන් තොටුපොළ පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ . 13 December 2023
විනාඩි 30ක මෙහෙයුමකින් ජීවිතයක් බේරා ගැනේ ලොරි රථයක ගැටී වැන් රථයේ සිරවූ පුද්ගලයකු යකඩ දම්වැල් සහ ගල් ඉනි උපයෝගී කරගනිමින් විනාඩි 30 ක මෙහෙයුමකින් බේරාගැනීමට අද රාත්‍රියේ වස්කඩුවේ තරුණයන් පිරිසක් සමත්වුහ. 13 December 2023
මැති සබෙන් ගෙදර යන පිරිසක් ගැන හිටපු ඇමැති කියයි එළඹෙන මැතිවරණයේදී වත්මන් පාර්ලිමේන්තු සාමාජිකයන් 150 දෙනකුවත් මහ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ගෙදර යවනු ඇතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ පාර්ලිමේන්ත මන්ත්‍රී රොෂාණ් රණසිංහ මහතා පැවැසුවේය. 13 December 2023
කලුතරට සුළු ගංවතුර අවදානමක් කළු ගංගාවේ කුඩා ගඟ ද්‍රෝනියේ ඉහල ප්‍රදේශවලට ලැබී ඇති සහ තවමත් ලැබෙමින් පවතින පවතින සැලකිය යුතු ඉහල මට්ටමේ වර්ෂාපතනය හේතුවෙන්බුලත්සිංහල,මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ඉදිරි පැය 24 ක් දක්වා කාලය තුළ එම ද්‍රෝනිය ආශ්රිත සුලු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 13 December 2023
පුනර්ජනනීය බල ශක්තිය ගැන තීරණ ගන්න ස්ථාවර කමිටුවක් පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී කඩිනම් තීරණ ගැනීමට සහ අධීක්ෂණය සඳහා ඒකාබද්ධ ස්ථාවර කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත. 13 December 2023
යාපනයේ කුඩා දූපත් තුනකට විදුලිය යාපනයේ කුඩා දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කරයි පවතින වර්ෂාවත් සමග උල්හිටිය ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යන බැවින් එහි වාන් දොරටු හතම අද (12 ) රාත්‍රී හත සිට විවෘත කළ බව උල් හිටිය ජලාශ ස්ථාන භාර නිලධාරීවරයා පැවසීය. 12 December 2023
‘ආණ්ඩුවේ පැවැත්මට වැට් බද්ධ සියයට 25 දක්වා වුවත් වැඩිකල හැකියි’ ආණ්ඩුව සැලසුම් කරන බිලියන 1700 ක ආදායම ලබාගැනීම වෙනුවෙන් ජනවාරියේදී වැට් බද්ද සියයට 25 ක් දක්වා වුවද ඉහළ යා හැකි බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය. 12 December 2023
සිංගප්පූරු අගමැතිගෙන් ජනපතිට ලිපියක් සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය සබඳතා ශක්තිමත් කර ගැනීමට තමා කැපවී සිටින බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් මහතා (Lee Hsien Loong) සඳහන් කරයි. 12 December 2023
කොමිස් ගන්න බැරි නිසා විදුලි මණ්ඩලේ ’’හිරුට- සුළඟට’’ කැමති නෑ හිරුගෙන් සහ සුළඟින් කොමිස් ගන්නට බැරි නිසා සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 December 2023
නිදහස් වෙළඳ කළාප 14 පිරිස් වැඩි වැටුප් ඉල්ලයි රටපුරා ඇති නිදහස් වෙළෙඳ කළාප 14 ක සේවයේ නිරත වී සිටින 248,000 ක් වන සේවකයින් ඇතුළු සමස්ථ පෞද්ගලික අංශයේ සේවකයින් හට මෙවර අයවැයෙන් වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස බලකරමින් කටුනායක ඇවරිවත්ත නගරයේ අද(12 ) සවස උද්ඝෝෂණයක් ඇරැඹුහ. 12 December 2023
කතරගම රන් තැටියේ සිද්ධියට ගිය සී සී ඩී ය හිස් අතින් එයි ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධූරය හොබවන සොමිපාල ටි රත්නායක හා එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට ගියද ඔවුන් පදිංචි නිවෙස්වල නොසිටීම හේතුවෙන් එහි ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට හිස් අතින් පැමිණීමට සිදුවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය 12 December 2023
ඉන්දීය බිත්තර ලක්ෂ 60 ක් වෙළෙඳපොලට බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර ලක්ෂ 60 ක් පමණ අද (12) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය. 12 December 2023
පාසල් තාප්පයට යට වු සිසුන් දෙදෙනා රෝහලට ආණමඩුව අඹකදවිල ශාන්ත රෝගුස් විද්‍යාලයෙ ප්‍රධාන දොරටුව ඉදිරිපිට තිබු කුඩා තාප්පයක් කඩා වැටිමේන් එයට යටවු සිසුන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බව හලාවත පොලිසිය කියයි. 12 December 2023
වැට් එකෙන් දුප්පතුන් නන්නත්තාරයි වැට් ගැහිල්ලේ හොඳකට තියෙන්නේ උපත් පාලන කොපුවට වැට් එක ගහපු එක පමණකැයි සමඟ ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 12 December 2023
ගල් යුගයේ ආයුද කූරගලින් හමුවේ පුරාතන ශිලා යුගයේ මානවයන් භාවිත කළ බව කියන ගල් ආයුධ සොයා ගැනිමට පුරාවිද්‍යා පරික්ෂකයෝ පිරිසක් කණ්ඩායමක් සමත් වූහ. 12 December 2023
ක්‍රිකට් අතුරු කමිටුව හරීන් අවලංගු කරයි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය. 12 December 2023
ලෙඩ වූ රාජ්‍ය සේවකයෝ සෙත්සිරිපාය අසළ විරෝධයේ රාජ්‍ය සේවකයනන්ට අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 10,000 ක දීමනාව ලබන ජනවාරි මස සිට දෙන ලෙස රජයට බල කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවකයන් අද (12) ක්‍රියාත්මක කළ එක්දින සංකේත වැඩවර්ජනයට සමගාමීව රාජ්‍ය සේවකයෝ සෙත්සිරිපාය අසළ උද්ඝෝෂණයක් පැවැත්වූහ. 12 December 2023
දේශීය නිෂ්පාදනවල මිල සියයට 60කින් ඉහළ යනවා වැට් බදු සංශෝධනයත් සමඟ සෑම නිෂ්පාදන භාණ්ඩයකම මිල සියයට 50 ත් 60 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යන බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය අද (12) පැවසුවාය. 12 December 2023
වඩිවෙල්ට ජනපතිගෙන් තව වගකීමක් සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා බදුල්ල සහ පස්සර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පත්කර තිබේ. 12 December 2023
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026