
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සම්බන්ධයෙන් ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ආණ්ඩු නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනකු කොළඹ මල්පාරේ ස්ථානයකදී හමුවී සාකච්ඡා කර ඇති අතර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 18 දෙනකු තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක හමුවී සාකච්ඡා පවත්වා පවත්වා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළහොත් ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවයම දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයිද වාර්තාවේ.
එමෙන්ම මෙහිදී දෙපාර්ශවයේම අවසන් එකඟතාව වී ඇත්තේ මේ මොහොතේදී තම සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමටයි.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම,දේශපාලන කාර්යාලය පිහිටුවීම,ජන්දපොළ නියෝජිතයන් පත්කිරීම, මාධ්‍ය කටයුතු සිදුකිරීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවයේම වැඩි අවධානය යොමුව ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වල සහය ජනාධිපතිවරයාට ලබාගැනීම සම්බන්ධයෙන් පුළුල් වැඩ පිළිවෙලක් සැකසීම පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඊට අමතරව රජය විසින් දැනට ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති ඇතුළු රජයේ ව්‍යාපෘති සමඟ ජනතාව දැනුවත් කිරීම ඡන්ද කොට්ඨාස මට්ටමින් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවී ඇති බවද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොට්ටුවේ 48ක් තැන් දෙකකදී රැස්වේ
ජයනාත් Thursday, 25 July 2024 01:36 PM
මෙයාල හිතන් ඉන්නෙ එයාල කියන කට්ටිය ට අපි ඡන්දෙ දේවි කියල. පව් නේද. මේ සෙට් එකේ 10 දෙනකුටවත් ඊලඟ සැරේ දියවන්නාවෙ දොරටු ඇරෙයිද කියල සැකයි .
සෙනෙවිරත්න Thursday, 25 July 2024 02:46 PM
ඔව්, හොරකම්, ජඩකම් වලින් බේරපු එකට සලකන්න. විකුණනවා, ණය ගන්නවා, ණය කල්දානවා, බදු ගහනවා හැර වෙන මොනවාද කළේ...?
ගමේ එකාලා Thursday, 25 July 2024 04:00 PM
තැන් තැන්වලට ගිහින් කසු කුසු ගැහැව්වට වැඩක් වෙන එකක් නැහැ.වහල්ලු හැරෙන්ඩ මුලු මහත් ජනතාවම පොහොට්ටුවේ දූෂිතයෝ ප්‍රතික්ෂේප කරලා හමාරයි