ජෙරොම්ගේ සිද්ධිය ගැන නීතිපති උපදෙස් ගන්න අවසර බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාස වන ප්‍රකාශ කරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරොම් ප්‍රනාන්දු දේව ගැතිවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිපති උපදෙස් ලබාගැනීමට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය 12 December 2023
සජිත් එන්නැති එක ’’ෂෝක්’’ ජනාධිපතිවරයා සමග සජිත් ප්‍රේමදාස එකතු වෙන්නේ නැතැයි කියන කතාව අසා තමා ඉතා සතුටට පත් වූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 12 December 2023
අක්කර බදු අයකිරීම අත්හිටුවයි කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 December 2023
ගුවන් තොටුපොළට නව සභාපතිවරයෙක් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා වරාය , නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍යාංශය විසින් පත් කර තිබේ . 12 December 2023
මෙගාවොට් 700ක සූර්ය විදුලි ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය පූනකරි වැව මතුපිට ස්ථාපනය කිරීමට යෝජිත මෙගාවොට් 700ක සූර්යය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 12 December 2023
හොරණ නගරයේ උද්ඝෝෂණයක් විශ්‍රාම වැටුපට අත නොතබන ලෙස ඉල්ලා රජයට බල කරමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (12) හොරණ නගරයේ දී පැවැත්විණි. 12 December 2023
පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට ප්‍රහාරයක් පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 15 කි. 12 December 2023
’’රිමාන්ඩ්’’වෙනුවට වෙන විකල්පයක් එයි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විකල්පයක් වශයෙන් නිවාස අඩස්සියේ රඳවා තැබීම පිණිස නීතිමය විධිවිධාන හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
බෙදුම් නඩු පනත සංශෝධනයට බෙදුම් නඩු පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
චීන ජනාධිපති වියට්නාමයේ චීන ජනාධිපති ෂී ජින්පින් නිල සංචාරයක් සඳහා වියට්නාමයේ හැනොයි අගනුවරට පැමිණියේය. චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ වියට්නාමයට පැමිණියේ වසරහයකට පසුව යැය පැවැසෙයි. 12 December 2023
සක්විතිට ලක්ෂ 18 ක දඩයක් මහා බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරද පිලිගත් සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා රුපියල් ලක්ෂ 18 බැගින් දඩ අද (12) නියම කළේය. 12 December 2023
කංචන අනුරට විවාදයකට ආරාධනා කරයි ගල් අඟුරුවලින් ඉන්ධනවලින් කොමිස් ගත්තා යැයි කියනවා නම් එය ඔප්පු කිරීම සඳහා රූපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 December 2023
හෙන්රි පේද්‍රිස්ට මරණ දඬුවම දුන් අධිරාජවාදී උසාවි තීන්දුව ගැන දැන් සොයයි යටත් විජිත යුද අධිකරණයේ තීන්දුවක් මත වසර එකසිය අටකට පෙර සිදුකළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණයත් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
ලංගමට තෙල් දෙන කොන්ත්‍රාත්තුව සමාගම් දෙකකට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා තෙල් සහ ලිහිසි තෙල් මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
ආපදා සහන සලසන බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලතල පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
අපරාධ මඩින්න කොරියාව සමග ගිවිසුමක් සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව සම්බන්ධයෙන් කොරියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක් ලංකාවට එන විදේශිකයන් සඳහා වන වීසා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 12 December 2023
’සැමට හොරු කියමින් ප්රජාතන්ත්රවාදය මළගමට තල්ලු කරනවා’ අප සියලු දෙනාට හොරු කියමින් අවසානයේ ප්රජාතන්ත්රවාදය මළගමට තල්ලු කරමින් සිටින බව එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 December 2023
බදු පොලු තැබූ අරක්කු සමාගම්වල බලපත්‍ර අහෝසියි හිඟ සුරා බදු වාරික පසුගිය 4 වැනිදාට පෙර නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන්නැයි මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සුරා බදු දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 12 December 2023
විමල්ට නොතීසි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ දී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම අධිකරණය හමුවේ හෙට (13) පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (12) නියෝග කළේය. 12 December 2023
මහනුවර සමූපකාර ගොඩනැගිල්ලත් විකුණයි? නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල වගේම මහනුවර පෞරාණික සමූපකාර ගොඩනැගිල්ලත් විකිණීමට යන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 December 2023
පාන් එක්ක මස් ඩිංගක් කන්න බැරි මිනිස්සුන්ට බදු ගහන්න එපා පාන් සමග මස් කෑල්ලක් කන්න ශක්තියක් නැති මිනිසුන්ගෙන් බදු එකතු නොකර බදු ගෙවන්නට හැකියාවක් ඇති පිරිසගෙන් බදු අය කර ගන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 12 December 2023
තරුෂිලා දහස් ගණනක් හදන ක්‍රමය විපක්ෂ නායක කියයි ක්‍රිකට් ආයතනය දූෂණ වංචා මගින් නැති කළ මුදල් එකතු කරගතහොත් තරුෂිලා දහස් ගණනකට කෝටි ගණනින් මුදල් ලබාදී සමෘද්ධිමත් කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (12 ) පැවසීය. 12 December 2023
සහල් කිලෝව රුපියල් 30කින් ඉහළ දාලා සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට සහල් ව්‍යාපාරිකයන් කටයුතු කර ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. 12 December 2023
බිත්තර හිතූ හිතූ ගණන්වලට විකුණයි බිත්තරයක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. 12 December 2023
කන්දකාඩුවෙන් පැනගිය 102 ක් කොටුවෙති වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වැටවල් කඩා පැනගිය රැඳවියන්න්ගෙන් 102 නෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 12 December 2023
රාජ්‍ය සේවකයෝ ලෙඩ වෙති රාජ්‍ය සේවකයනන්ට අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 10,000 ක දීමනාව ලබන ජනවාරි මස සිට දෙන ලෙස රජයට බල කරමින් සියලුම රාජ්‍ය ආයතනවල එක්දින වැඩවර්ජනයක් අද (12) ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසයි. 12 December 2023
ගාසා පාලකයන් ගැන ඊශ්‍රායලය කියයි තමන්ට තර්ජනයක් වන කිසිදු පාර්ශ්වයකට ගාසා තීරය පාලනය කිරීමට ඉඩ ලබා නොදෙන බව, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝක් ගැලන්ට් අවධාරණය කර තිබේ. 12 December 2023
ලොව ජනප්‍රියම නායකයා මෝදි ජනප්‍රියම ලෝක නායකයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, ඇමෙරිකාව කේන්ද්‍රකොටගත් ‘මෝනිං කොන්සල්ට්’ නමැති සමාගමේ සමීක්ෂණ වාර්තා අනුවය. 12 December 2023
යුක්රේන ජනපති බයිඩන් හමුවෙයි යුද ආධාර අපේක්ෂාවෙන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණියේය. ධවල මන්දිරයට ආ යුක්රේන ජනාධිපතිවරයාට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. 12 December 2023
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026