
(අංජුල මහික වීරරත්න)
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට අද(24) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ සවස පැවැත්විණි.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් හුවමාරු වූ අතර එම තීන්දුවේ නීති ගැටලු රැසක් පවතින බව කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ විය.
එම තත්ත්වය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පවතින නීතිමය ගැටලු ගැන අමාත්‍ය මණ්ඩල ප්‍රතිචාරය දැක්වීම ගැඹුරු ලෙස කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කෙරුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අමාත්‍ය මණ්ඩලය වෙත ලැබුණේ අද පස්වරුවේ බැවින් ඊට අදාළ නීති ගැටලු සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් කිරීමට කාලය අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයේ මතය විනැයිද කැබිනට් ප්‍රකාශකවරයා කීය.
ඒ අනුව මීට අදාළ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිචාරය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශ කිරීම වඩාත් සුදුසු බව අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික තීරණය වූ බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආරක්ෂාවට සහ පවතින වැරදි ක්‍රියා මර්දන ක්‍රියාවලියට දැඩි සේ බලපෑමක් එල්ල කළ මේ තීරණය නීතිමය වශයෙන් දෝෂ සහගත නම් තීරණය ගත් අය දඬුවම ට යටත් විය යුතුයි .එවැනි දේකට උසාවි ගිය සුඳු ඇඳගත් කළු හාදයින්ටත් දඬුවම් ලැබිය යුතුයි
රු.2500 කින් මාසයක් ජීවත් වෙන්ඩ පුලුවන් කියාපු ආර්ථික ඔස්තාර් ,කියන දේවල් දැන් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ .ඔය ඉන්න ඇමැතිවරුන් ගේ සුදුසුකම් ගැනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
උසාවියේ තීන්දු වලට අත ඉස්සුවොත් ඇමතිලා වෙලා උන්නා කියලා නැහැ .එන ආණ්ඩුව යටතේ හිරබත් කන්න තමයි වෙන්නේ . රනිල් රට යයි .මෝඩ රැල කොටුවෙයි
ලොකු ටෝක් දුන්නාට වැඩක් නෑ. මොකද ඇමැතිලාට මොලයක් නෑනේ.
ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ තීන්දුව දුන්නු විනිශ්‍ය මණ්ඩලය නීතිය ගැන මුකුත් දන්නේ නැති තොත්ත බබාලා කියලාද .කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ
කරුණාකර ඔය අධිකරණ තීන්දුවට හිස නමල වෙන කෙනෙක් පත්කරගන්න , බොරුවට කැබිනට් මණ්ඩලේ රැස්වීම තබමින් පාර්ලිමේන්තුවේ වාද විවාද කරමින් ජනතා මුදල් කෝටි ගණන නාස්ති කරන්න එපා , මිනිස්සු පාස්පෝර්ට් පෝලිම්වල දුක් විදිනවා ටිරාන් අලස් කොමිස් ගහන්න අලුත් පාස්පෝර්ට් එකක් විදේශ සමාගමකට කියල නිර්මාණය කරන්න හදන නිසා , රියදුරු බලපත් නිකුත් කිරීමේදීත් විශාල පෝලිම් , දූෂණ වංචා තිබෙනවා කරුණාකර එවැනි ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න ඔය කාලය වැය කරන්න
විමල් වීරවංශ නඩු අහලා අගවිනිසුරු ගෙදර යවපු රටක් මේක.රනිල් මේ හදන්නේ ආයෙත් අපේ රට ඒ වනචාරී යුගයට ගෙනියන්න .ජනතාව මතක තියාගන්න .මේ විකාර වලට සම්බන්ධ එකෙක්ටවත් චන්දෙ දෙන්න එපා
මේකේ ප්‍රතිචාර වලට එකවරම අන්ලයික් අසීමිත ලෙස වැඩි වී ඇති බව පේනවද. සල්ලි වලට තමන්ගේ ගෑනු අම්මා තාත්තා උනත් දෙන්න පුලුවන් කියල තේරෙනවා නේද. සීයාගේ මඩ බලකායේ වැඩ
ඒ කියන්නේ උඹලා අධිකරණයට යටත් නැහැ කියලද..? එහෙනම් ඉතින් ජනතාව පාරට ආහම බලාගමු.. මට හිතෙන්නේ උඹලා යන්න හදන්නේ කනත්තට.. කවුද යකෝ ඔය කැබිනට් එක ප්‍රසන්නයද.. විජේදාසයද.., පල් හොරු උඹලා හිතන් ඉන්නේ තුවක්කුවෙන් සේරම පාලනය කරන්න ද ..? කරලා බලමුකෝ රටම පාරට වරෙල්ලා කියලා කියන්න ඉඩ තියන්න එපා. රනිලෝ..
Reaction වලින් පේනවා ජන්දයේ ප්‍රතිඵල.
පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්නේ කිසිම උගත් කමක් සුදුසුකමක් චාරයක් නැති ,මාල හොරු,,කුඩු කාරයෝ,හොර පෙරකදෝරුවෝ ස්‍ත්‍ර්‍රි දූෂකයෝ,,කප්පම්කාරයෝ,බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත දේසපාලුවෝ .,රු.2500කින් මාසයක් ජීවත් වෙන්ඩ පූලුවන් කියපු ආර්තික ඔස්තාර්ල මොනවද දන්නේ මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය මිසක් ?
රටේ නීතියට ගරු නොකරන ඒකාධිපති ජනාධිපති කෙනෙක් සහ ශ්‍රේෂ්ඨාධිකරණය අබිමවා යන කැබිනට්ටුවක් රටට අවශ්‍යද ?ඔබට අවශ්‍ය නීතිය අබිමවා යන පාලකයෙක්ද ?
ගැඹුරින් අධ්‍යයනය කරන්ඩ තරම් උගත්, බුද්ධිමත් විෂය දැනුම ගැන මනා අවබෝධයක් ඇති අය පාර්ලිමේන්තුවේ ඉන්නවද?
මෙතන කොමන්ට්ස් දාපු බහුතරයක් ජෙවිපි මැට්ටෝ දන්නේ නෑ ව්‍යාවස්ථාදායකය සහ අධිකරණය කියන්නේ එකිනෙකට ස්වාධීන ආයතන දෙකක් බවත් ව්‍යාවස්ථාදායකය, අධිකරණ තීන්දු පිලිගන්න බැඳිලා නෑ කියන එකත්.