IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මලල ක්‍රීඩා කණ්ඩායම ප්‍රංශයට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා අද(24)දා රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන්  පිටත්ව ගියහ.

මෙම ශ්‍රී ලංකා  මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින්  තරුෂි කරුණාරත්න , දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ප්‍රංශය වෙත පිටත්ව යාමට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

මේ වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා සහභාගී වන මලල ක්‍රීඩකයින් තිදෙනකු , පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ එක් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ද නිලධාරීන් 06 දෙනෙකු ද ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම්  සමන් කුමාර ගුණවර්ධන  මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

ඔවුන් දෝහා බලා පිටත්ව ගිය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 657 දරන ගුවන් යානයෙන් අද(24)දා රාත්‍රී 09.15 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය අතර ඉන්පසුව එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතය.



අදහස් (2)

මලල ක්‍රීඩා කණ්ඩායම ප්‍රංශයට

Chandana Thursday, 25 July 2024 10:59 AM

සුබ පැතුම් හදවතින්ම ශ්‍රි ලංකා අභිමානය දසත රැව් දෙන්නට වරම් ආශිර්වාදය ලැබේවා දරුවනේ

:       0       8

fairoos Thursday, 25 July 2024 11:25 AM

සුභ පැතුම්

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site