
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති මාධ්‍ය අංශයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ නදීරා මඩුගල්ල ලියූ "පාර්ලිමේන්තුවේ බලහත්කාරය - පොලිස් බලය යොදා සභා ගැබෙන් පිටමං කළ මන්ත්‍රීවරු" කෘතිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදායත් ප්‍රජාතන්ත්‍රවාදී උරුමයන් පිළිබඳවත් "පාර්ලිමේන්තුවේ බලහත්කාරය" කෘතිය මඟින් රසවත් ලෙස ජනතාවට සමීප කර ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහත්වරු ද කතා කළහ.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ටිරාන් අලස්, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී. දොලවත්ත, ඉරාන් වික්‍රමරත්න, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන වර්ධන, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහත්වරු ද මීට සහභාගී වූහ.


2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’පාර්ලිමේන්තුවේ බලහත්කාරය’’ එළිදකියි
විනිතා අලුත්ගේ Wednesday, 24 July 2024 04:00 PM
කොහොමත් ඔය නඩේම ජනතාව විසින් බලහත්කාරයෙන් හෝ එලියට දාන දවස අද හෙටම උදාවෙනවා.
පිටරැටියා Wednesday, 24 July 2024 04:34 PM
පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේසපාලුවන්ගේ පැටිකිරිය කියලා පොතක් ලියන්ඩ හිතාගෙන ඉන්නේ ?
Chandima Wednesday, 24 July 2024 09:34 PM
දැන්ම එළියට දාපු එක හොඳයි... නැතිනම් තව සති කිහිපයකින් තව රොත්තක් ගැන ලියන්න වෙනවා...