(අමිල චින්තක ගමගේ)

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනිවාර්යයෙන්ම තරඟ කරන බව ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජිකා සුරේඛා සමරසේන ලංකාදීපයට පැවසුවාය.

බොහෝ විට එම අපේක්ෂකයා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා නොවන බවත් අලුත්ම අපේක්ෂකයෙක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඇය කීවාය.

ලබන සතියේදී ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන බවත් එහි කටයුතු අවසන් අදියරේ පවතින බවත් ඇය පැවසුවාය.

මේ වන විට ජන අරගල සන්ධානය වටා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ,නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින් වාදී පක්ෂය, සමාජවාදී ජනතා සංසදය ආදී සමාජවාදී පක්ෂ මෙන්ම වාමාංශික සමාජ ක්‍රියාකාරීන් ,සිවිල් සංවිධාන රාශියක් එක්ව සිටින බවද විධායක කමිටු සාමාජිකාව පැවසුවාය.

ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය පැවැත්වුවහොත් ඊට ද අලුත්ම කණ්ඩායමක් ඉදිරිපත් කරන බවද ඇය කීවාය.

කිසි ලෙසකින්වත් ඉතිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අපේක්ෂකයාට සහාය නොදක්වන බවද කිසිදු සමාජවාදී වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබෙන බවක් පෙනෙන්නට නැති බවද ඇය කීවාය.