IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අපේක්ෂකයා එළියෙන් නම් පක්ෂයට අගමැතිකම ඕනෑ

(සුජිත් හේවාජුලිගේ)

ජනපති  අපේක්ෂකයා  එළියෙන්  එනවා   නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතු  යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අගමැතිකම දෙනවනම්  පක්ෂය සමග මිස තමා සමඟ කතා කිරීමෙන් පලක් නැතැයිද  ඔහු කීවේය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක්  අවසානයේ මාධ්‍ය කළ විමසුමකදීය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය

අද  මැතිවරණ කමිටු පිහිටු වීම , කාර්යාල දැමීම , ගෙන් ගෙට යෑ ම වැනි දෑ ගැන සාකච්ඡා කළා.  පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කළේ  නැහැ. ඒ ගැන  සාකච්ඡා කළ  යුත්තේ දේශපාලන මණ්ඩලයයි. 

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කළාට පස්සේ  රටට ගැලපෙන අපේක්ෂකයා  තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන , අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන , අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනකු   විය යුතුයි. එසේ නිර්මාණය වන ආණ්ඩුව තුළ  පක්ෂයට තිබෙන  තැන  ගැන අපි තීරණය කළ  යුතු වෙනවා.



අදහස් (18)

අපේක්ෂකයා එළියෙන් නම් පක්ෂයට අගමැතිකම ඕනෑ

Achini Wednesday, 24 July 2024 06:37 PM

විසඳුමක් නැහැ... රට මංකොල්ල කන්න සියලු තක්කඩින් එකතු වෙනවා...

:       11       81

චන්දිම Wednesday, 24 July 2024 06:47 PM

මේකට නම් දැන් හොඳටම පිස්සු වගේ. ඡන්දෙන් දිනනවා තියා හතර මායිමකටවත් එන්න බැරුව තියෙද්දී තව අගමැතිකමක් ගැනත් දොඩවනවා. මිනිහාට දැන් නුහුගුණ හැදිලා වගේ නේද මේ විකාර දොඩවන්නේ? හිනාවෙලා පණ යනවා මේවා අහලා...

:       7       65

චන්දපාල Wednesday, 24 July 2024 06:52 PM

අපෙත් ඡන්ද පහක් හයක් පමණ තියෙනවා. ඒවා දෙන්නේ අපේ කෙනෙකුට ඇමැති තනතුරක් දෙනවා නම් පමණයි හොඳේ... අපි එහෙම කරන්නේ ඔහේලා ඡන්දය අරගෙන 2005 න් පස්සේ ඇතිවෙන හත්මුතු පරම්පරාවට ඇතිවෙන්නම හම්බකරගෙන සිටින නිසා තමයි අපිට නම් හත්මුතු පරම්පරාවට අවශ්‍ය නැහැ.. ඒක මහා පව්කාර වැඩක්. අපි ජීවත්වෙනතුරු සැපෙන් සතුටින් හිටියා නම් හොදටම ඇති...

:       4       45

උදාර Wednesday, 24 July 2024 06:57 PM

ගෙම්බෙක් ගිය උඩක්...!

:       7       49

Pradeep Kumara Wednesday, 24 July 2024 07:02 PM

"අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන" කියන්නේ ඉතින් ඔහෙලාගේම අතකොළුවක් වෙන්න ඕනෑනේ. අප්පලා, පුතාලා, බාප්පලා, ලොකු තාත්තලා රටට මේ කරපු හරිය දැන්වත් ඇති කියලා හිතෙන්නේ නැද්ද? අඩුම තරමින් හිරිකිතයක් කියලා දෙයක් නැද්ද?

:       7       48

sunil Wednesday, 24 July 2024 07:10 PM

හරි හරි කොල්ලෝ, කතාව නවත්වලා ඉක්මනින් ඡන්දෙ තියපන්කෝ

:       8       68

Sagala Wednesday, 24 July 2024 08:09 PM

ඒවා හරියන්නේ නෑ. අගමැති වෙන්නේ වජිර අබේවර්ධන.. දැන්ටම පෝස්ටර් හදලා ඉවරයි. පොහොට්ටුවට ඕනෑ නම් ඇමැතිධුර දෙන්නම්...

:       0       3

ගමේ එකාලා Wednesday, 24 July 2024 10:37 PM

රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ උන්ට තවත් බලතණ්හාව අගමැති පැනලා ගිහින් හැන්ගුන හැටි මතක නැතුව ඇති .ආර්ථික ඝාතකයෝ එකෙක් නෑර හැම එකාම ඉන්ඩ ඕනේ හිරේ ?

:       0       0

C.K.Lankaputhra Wednesday, 24 July 2024 10:43 PM

ඕනෑ යකෙක් පත්කර ගනිල්ලා, අපේ මොකෝ, හැබැයි අපි ඡන්දෙ දෙන්නේ වෙන යකෙකුට. අපට දැන් ඕනැ විසෙන් විෂ නසන්න පුලුවන් එකෙක් ජනපති කමට.

:       0       0

Ahmed (Gulf) Thursday, 25 July 2024 01:30 AM

ඔව්, ජනාධිපති කෙටි කාලයක් තුළ හදිසි අනතුරකින් මිය ගිය පසු, පක්ෂ අගමැති ඉබේම ජනාධිපති වනු ඇත, නාමල්ට කෙටි මග.

:       0       0

Sam Gamage Thursday, 25 July 2024 01:59 AM

මේ අමු මෝල් මැට්ටා ගේ හිතක තියන මහිම

:       0       0

විදෙශබන්දු තෙන්නකෝන් Thursday, 25 July 2024 08:19 AM

හරි හරි. අපි පුලුවන් දෙයක් බලලා කරන්නම්.

:       0       6

Gamunu Thursday, 25 July 2024 08:31 AM

බල තණ්හාව නිසා මොළෙත් අවුල්වෙලා වගේ. ආයේ මෙරටේ දේසපාලනය කරන්න හිතන්නවත් එපා. දැන් ඇති මේ රටට කොරපු හරිය... මේ මිනිස්සු කියන දේවල් වලට ලැජ්ජාවක් හිතෙන්නෙම නැද්ද?

:       0       8

රෝයි ෆෙඩ්රික්ස් Thursday, 25 July 2024 11:37 AM

ඔය කියන විදියට නම් වැඩේට හරියන්නේ රත්තරන්. අර නාවලපිටියේ කාපිරි තොල දාන්න බැහැනේ.ඌ දැනටම රනිල් රාජපස්සයට හේත්තු වෙලානේ.

:       0       4

Rata Perata Thursday, 25 July 2024 11:54 AM

දැන් නම් නියම හිඟන තත්වයට වැටිලා

:       0       6

fairoos Thursday, 25 July 2024 12:26 PM

මහ චන්දෙදී ඉස්සර හිටපු එකෙකුටවත් චන්දෙ නෑ

:       1       5

ගමේ එකාලා Thursday, 25 July 2024 04:12 PM

රටේ ආර්තිකය මුලුමනින්ම විනාශ කරපු එවුන් කියන කතා, හොර පෙරකදෝරුවට විකාරද මන්දා. පවුල් පාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කපටි කයිරාටික කම් බොරුව, රැවැටිලි, මිස වෙන මොනවාද? ආර්ථික ඝාතකයෝ සදහටම හිරගෙදර ඉන්න ඕනෑ අය. අගමැතිකම ගැන කතාව කිසිම ලැජ්ජාවක් නැතිකම...

:       0       2

ලක්විදු Thursday, 25 July 2024 04:21 PM

ඒකා එන්නෙ අප්පුච්චගේ රෙද්ද පල්ලෙන්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site