IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දයාසිරිගෙ නඩුවකට දින දෙයි

(රෝෂන් තුෂාර)

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර  මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය දැරීමේ කටයුතුවලට බාධා කිරීම වළක්වමින්   හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා සරත් ඒකනායක මහත්වරුන්ට අතුරු   තහනමක්  නිකුත් කරනවාද? නැද්ද ?යන්න පිළිබඳ නියෝගය ලබන 31 දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ මහතා අද  (24) දන්වා සිටියේය.

මෙම නඩුවට අතුරු පෙත්සමක් ඉදිරිපත් කළ පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහතාට නඩුවට මැදිහත්වීම සඳහා අවසර ලබාදුන් අතිරේක දිසා විනිසුරුවරයා  මැදිහත්කාර පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා සිටින අවසන් සහනය පැහැදිලිව ඉදිරිපත් කර නොමැති බැවින් අතුරු පෙත්සම මගින් ප්‍රධාන නඩුවේ  අතුරු නියෝගයට බලපෑමක් විය හැකි යැයි තීරණය කළ නොහැකි බවත්,කෙසේ වෙතත් නඩුව මගින් නිදහස් පක්ෂයේ සාමාජිකයින් සියල්ල විත්තිකරුවන් කරමින් නඩු පවරා ඇති බැවින් නඩුවට මැදිහත්වීමට අයිතියක් ඇති බවත් පෙන්වා දුන්නේය.

ජයසේකර මහතා විසින් හිටපු සභාපති  මෛත්‍රිපාල සිරිසේන මහතාට හා සරත් ඒකනායක මහත්වරුන්ට එරෙහිව   පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී අතිරේක දිසා විනිසුරුවරයා එම නියෝග නිකුත් කළේය.

ජයසේකර මහතා පැවරු නඩුවේ අතුරු නියෝගයක් ලබාදීම පසුගිය 23දිනට නියමිතව තිබූ අතර ලසන්ත අලගියවන්න මහතාගේ මැදිහත්කාර අතුරු පෙත්සම ඉදිරිපත් කිරීම හේතුවෙන් එම නියෝගය අද (24) දින තෙක් කල් තැබීය.

මැදිහත්කාර පෙත්සමට අවසර ලබා දුන් දිසා විනිසුරුවරයා පැමිණිල්ලිකාර දයාසිරි ජයසේකර මහතා පැවරූ නඩුවේ තීන්දුව මෙසේ 31 දින තෙක් කල් තැබිය.



අදහස් (0)

දයාසිරිගෙ නඩුවකට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site