(අංජුල මහික වීරරත්න)
තාවකාලික ආනයන හා අපනයන යෝජනා ක්‍රමය යටතේ මුදවන ලද රබර් කිරි සහ රබර් ෂීට් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන ඝන ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලා සඳහා තාක්ෂණික පිරිවිතර රබර් මෙට්‍රික්ටොන් 60,240ක පමණ වූ වාර්ෂික ඉල්ලුමක් ඇති අතර, රට තුළ පවතින උග්‍ර ඔට්ටපාලු හිඟය හේතුවෙන් දේශීය නිෂ්පාදකයන්ට එම ඉල්ලුම සපුරාලිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රජය පවසයි.
ඒ අනුව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ සහ ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලැබූ ශ්‍රී ලාංකික තාක්ෂණික පිරිවිතර රබර් නිෂ්පාදන ආයතන සඳහා අවශ්‍ය මුදවන ලද රබර් කිරි සහ මුදවන ලද රබර් කිරි වලින් අඹරා සාදන ලද Sheets අපනයන කාර්යයන් සදහා තාවකාලිකව ආනයනය කිරීමේ යෝජනා ක්‍රමය (TIEP) යටතේ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම පිණිස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරිණි.
COMMENTS
එතකොට රබර් වලට හරි මිලක් නැහැ කියලා නාහෙන් අඬන්නේ බොරුවටද? ඔට්ට පාලු වෙනුුවට හොඳ රබර් ගන්නකෝ... මේක රජය නොමග යැවීමක් දැයි සැකයි...
කමිෂන් එක කීයද දන්නේ නැහැ?
මෙම තීරණය නිසා ඉදිරියේදී රබර් මිල පහළ යෑමක් බලාපොරොත්තු විය හැකි බැවින් රබර් ගොවීන්ට දීර්ඝ කාලීනව සිදුවන පාඩුව සඳහා අමාත්‍යවරයා වගකිව යුතුයි. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ගොවීන් ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු වුවත් මේ මොහොතේ එය සිදු වී නොමැත. විශාල සමාගම් මේ මොහොතේ වැඩි වශයෙන් රබර් ආනයනය කර ගබඩා කර ගනු ඇත. ඉදිරියේදී රබර් ගොවි උද්ඝෝෂණ දැක ගත හැකි වනු ඇත...
රබර් කිරි කාර්මිකයාගේ ආදයම හොඳටම බැහැපු වෙලාවේ මේවා කරන්නේ ඔලුවේ අමාරුවක් නිසාද?
ලෝකෙට ණයවෙලා රට විනාශ කරනවා... ඔක්කොම රටින් ගේන තැනට රට පත්කරලා බොරු පුරසාරම් දොඩවනවා.
ලැජ්ජයි අපේ රබර් වතු වලට මොකද වෙන්නේ. පුංචි දවස්වල ඉස්කෝලේ යන කාලේ අපි ඉගෙන ගත්තේ පොල්, තේ සහ රබර්. ඒවා සුළඟත් එක්ක ගියා. ආණ්ඩුවේ දේශපාලකයෝ ඔක්කොම විනාශ කරලා .දැන් වෙන රටවලින් ගෙන්වන්න වෙලා. දුකයි දුකයි දුකයි .
දශක ගණනක් රට බංකොලොත් කරපු මුන් සේරම තවත් හිටියොත් ඉන්න හිටින්න රටක් නැති වෙනවා