IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


’’එක්ස්ප්‍රස් පර්ල් නඩුවට කෝටි 19ක් වැය කරලා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

එක්ස්ප්‍රස් පර්ල් නැව විනාශ වීමෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන්  කරුණු විභාග කෙරෙන   නඩුවේ නඩු ගාස්තු වෙනුවෙන් මහා භාණ්ඩාගාරය  කෝටි 19ක්  දැනට වියදම් කර  ඇතත් අනතුර සිදුවී   වසර තුනක් ගතවෙලත්   රටට   තවමත් එක සත පහක් හෝ වන්දියක් ලැබී නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා  පාර්ලිමේන්තුවේදී   පැවසීය.

එසේම මේ නඩුවේ ඇත්ත තත්ත්වය ජනතාවට මෙන්ම පාර්ලිමේන්තුවේද මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැතැයිද ඔහු කීවේය.

අජිත් මාන්නප්පෙරුම මහතා  මෙසේද සඳහන් කළේය.

මීට වඩා ජනතා මුදල් වලට සැලකිල්ලක් දක්වන්න ඕන. රටේ මුදල් වලට මීට වඩා ගරු කරන්න ඕන. අද අවුරුදු තුනහමාරක් ගිහිල්ලත්  වන්දිය සතියක්වත් ලැබිලා නැහැ. අධිකරණ ක්‍රියාදාමය තුළ ලැබිච්ච දෙයක් නැහැ. පිරිසිදු කිරීම් වලට පමණක් පොඩි දෙයක් ලැබිලා තියෙනවා. විශේෂඥ කමිටුව වන්දි ගණනය කරලා වාර්තාවක් දීලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට තිබුණා මේ විශේෂඥ  කමිටුව එක්ක එකතු වෙලා නඩුවට ගැලපෙන විදියට කටයුතු කරන්න. නමුත් එහෙම කළේ නෑ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා 

මේකෙ වගකීම තියෙන්නෙ සමුද්‍රිය ආරක්ෂණ   අධිකාරියට. මේ ගැන විශේෂඥ කමිටුවේ වාර්තාව අංග සම්පූර්ණ එකක් නොවෙයි. ඇමරිකානු ඩොලර් බිලියන එකයි දශම නවයක් තමයි ඒගොල්ලන් තක්සේරු කරලා තිබුණේ. මම මේ ගැන ඇහුවම වාර්තාවේ අඩුපාඩු තියෙන බව පිළිගත්තා. ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක්  විදිහට  පස්සේ ඉදිරිපත් කළා. නීතිපති විශේෂඥ ආයතන තුනක සහාය ලබාගෙන මේ කටයුතු කරන්නේ. රජයේ සෑම නිලධාරියකුටම නීතිපති දෙපාර්තමේන්තුව විවෘතයි.  සමෘද්ධිය අධීක්ෂණ අධිකාරියට එතනට  යන්න පුළුවන්.

මාන්නප්පෙරුම  මහතා

.සමුද්‍රීය ආරක්ෂණයට වෙනම ආයතනයක් මේ රටේ තියෙනවා. මේ ආයතනය යවන ලියුමකටවත් එයාලා පිළිතුර එවන්නේ නැහැ.



අදහස් (1)

’’එක්ස්ප්‍රස් පර්ල් නඩුවට කෝටි 19ක් වැය කරලා’’

දලුවගෙදර Wednesday, 24 July 2024 08:35 PM

කයිවාරු ගහන ජනාදිපතිවරු සහ ඇමතිවරුන්ට බැරිද යමක් කරන්න? එවුනට අවශ්‍ය වි රස්සා,ව විතරයි රට ගැන ගානක් නැහැ!

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site