
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
බඹරු ඇවිස්සීමෙන් වසා දැමූ මඩිතියවල ප්‍රාථමික විදුහලේ එක, දෙක ,තුන ,ශ්‍රේණි අද ( 24 ) වත්තෙමුල්ල ශාසනෝදය භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට පියවර ගෙන තිබිණි .
බඹර කූඩුව ඊයේ( 23) රාත්‍රියේ ඉවත් කිරීමට පියවර ගෙන තිබුණත් තවමත් තැනින් තැන බඹරු විසිරෙමින් පැවතීම හේතුවෙන් මේ පියවර ගෙන තිබිණි.
ඉතිරිව සැරිසරමින් සිටින බඹරුන් ඉවත් කිරීමට ද පිරිසක් අද(24 ) දහවල් කාලයේද කටයුතු කරනු ලැබීය .
පාසලේ හතර පහ ශ්‍රේණි වල දරුවන් පමණක් පාසල් ගොඩනැගිලි වල ඉතාමත් ආරක්ෂාකාරී අන්දමින් රඳවාගෙන ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කිරීමට ගුරුවරුන් හා දෙමාපියන් පියවර ගෙන තිබිණි .
විදුහල්පතිනි ලක්මාලි තරංගනී මහත්මිය කුඩා දරුවන් ගේ යහපත සඳහා මෙම පියවර ගෙන තිබුනේ අධ්‍යාපන කාර්යාලයේ අනුදැනුම හා භාවනා මධ්‍යස්ථානාධිපති වරකාවැහැර ධම්මපාල නාහිමියන්ගේ අවසරය පරිදිය . ඊයේ (23) උදෑසන පාසල් වේලාවේදී බඹර කූඩුව ඇවිස්සී තිබූ අතර කිහිප දෙනකුට බඹරු ඇන තිබිණි.
පසුව ඊයේ දිනයේදී තාවකාලිකව පාසල වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබිණි.

COMMENTS