
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායකවරයා යැවූ විකෘති ලියුමකට ජනාධිපතිවරයා පොලිස්පතිවරයා පත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය විකෘති කරලා කතානායකතුමා ජනාධිපතිතුමාට යවපු ලියුම මම මේ සභාවට ඉදිරිපත් කරනවා. මේක පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. මේ වංචා සහගත ලියුම පදනම් කරගෙන ජනාධිපතිතුමා පොලිස්පති පත් කිරීම නීති විරෝධීයි. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළා. සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් කළේ. අගමැතිතුමා මේක දන්නවා අගමැතිතුමාට මේකට උත්තර දෙන්න බැහැ. කථානායකතුමාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළා. ඒ ගැන ගන්නා පියවර කුමක්ද. ජනාධිපතිතුමා හොඳ දැන උගත් පුද්ගලයෙක්. මේ තුට්ටු දෙකේ ලියුමට පොලිස්පති පත්කිරීම කරනවද?
COMMENTS
පොලිස්පතිතුමා පාතාලය සහ කුඩ්ඩන් මැඩලන්න කරන ව්‍යායාමය කාටකාටත් රිදිිලා තියෙන්නේ... හිතාගන්න පුළුවන්නේ හේතුව...
ඔබ හරි විපක්ෂ නායකතුමා... මේ තමයි වැරැදි හොය හොය අදින්න වෙලාව...! දෙකයි පනහේ වැඩ. යුක්තිය අඩපණ කිරීමට තෝරු මෝරු වෙන කුඩු කාරයින් වෙනුවෙන්...
මෙයා වැඩක් කරොත් එතැන ඉවරයි. මේ පොලිස්පති විතරයි දැනෙන වැඩක් කරේ. පොලිසිය කාමරෙන් එළියට ගත්තා. අනික් සේරම පුටු රත් කරපු අය...!
යුක්තිය මෙහෙයුම කියන්නේ තනිකරම ඇස් බැන්දුමක්, ලංකාවටම කුඩු ගෙන්වන මහාපරිමාණ කුඩ්ඩාව තමයි අර 2022 දී ඇප දීලා පිටරටක පැනලත් යනකන් මේ ගොල්ලෝ දැක්කේ නැහැ වගේ හිටියේ, දැන් මිනිහා තමයි කුඩු වලින් මුළු රටම වනසන්නේ...!