
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය ආයතනයක් විසින් පූර්ණ හිමිකම දරනු ලබන, පවරන ලද, අත්කර ගන්නා ලද, පවරා ගන්නා ලද, දරන ලද හෝ උපයෝජනය කරන ලද මූල්‍ය නොවන නිශ්චල හෝ චංචල වත්කම් හඳුනා ගැනීම සහ ජාතික වත්කම් ලේඛනයක් සම්පාදනය කිරීම සඳහාත්, එකී ලේඛනය කලින් කලට යාවත්කාලීන කිරීම සඳහා සහ එම වත්කම් වල නිසි ප්‍රතිලාභ රාජ්‍ය ආයතන වෙත ලැබීම තහවුරු කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් කරමින් රාජ්‍ය වත්කම් කළමනාකරණය පිළිබඳ නීතියක් හඳුන්වා දීම සඳහා 2022-10-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd