කතානායකගේ ඇරයුම ඒකාබද්ධය ප්‍රතික්ෂේප කරයි තමාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්රීකණ්ඩායමට ඉන්දීය සංචාරයට එක්වන ලෙසට කතානායක කරූ ජයසූරිය මහතා විසින් කරන ලද ආරාධනය ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රතික්ෂේප කර ඇත. 7 years ago
රොහින්ග්‍යා ඝාතනය හෙළිකළ මාධ්‍යවේදීන් දෙදෙනාට සත් වසරක සිරදඬුවම් රාජ්‍ය රහස් සම්බන්ධ නීති උල්ලංඝණය කළ බවට එල්ල වූ චෝදනාවට වරදකරුවන් කරමින් මියන්මාර විනිසුරුවරයකු අද (3) රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනකුට වසර හතක සිර දඬුවමක් නියම කළේය. 7 years ago
නඩුව අසා නිමවන තුරු ජොන්ස්ටන් ඇතුළු තිදෙනා රිමාන්ඩ් වයඹ පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින පසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු නඩුව අසා නිමවන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (3) නියෝග කළාය. 7 years ago
ඒකාබද්ධයේ තීරණාත්මක සාකච්ඡාව අඟහරුවාදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (4) පස්වරුවේදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය. 7 years ago
ගලහ රෝහල යළි විවෘත කරන්නැයි ගැමියෝ පාරට බසිති දරුවකු මිය යාමේ සිද්ධියත් සමඟ දින නියමයක් නොමැතිව වසා දැමුණු ගලහ රෝහල යළි විවෘත කරන්නැයි කියමින් ගැමියෝ ගලහ නගරයේ අද (02) උද්ඝෝෂණයක් ඇරැඹුහ. 7 years ago
පෙම්වතිය ඝාතනය කර ගිනි තියයි පානදුර වළාන දූෂණ මර්ධන අංශයට අනියුක්තව සේවය කළ 23 හැවිරිදි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් හාලිඇල ජගුල්ල පිහිටි සිය නිවස තුළදීම පිහියකින් ගෙළ කපා සිරුරට ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව කියන 27 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි. 7 years ago
පිළිකා ඖෂධ 10 ක - ඖෂධ නිෂ්පාදන 13 ක - වෛද්‍ය උපකරණ 02 ක මිල අඩුවෙයි ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය සැප්තැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 7 years ago
ගජමුතු 12 ක් සමඟ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 11 1/2 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කරතිබූ ගජමුතු 12 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අද (01) අලුයම දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය කියයි. 7 years ago
පෝරකයට නියමවී සිටින ‘සර්පයා’ හිරේ ඉඳන් මුහුණු පොතෙන් රට පුරා කතා කරලා ත්‍රිපුද්ගල ඝාතනයකට මරණ දඬුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයකුගේ මුහුණුපොත(Face Book) යාවත්කාලීන වන්නේ කෙසේද? ඒ කොහි සිටද? යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වාවාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය රහස්පො ලිසියට පෙරේදා (29) නියෝග කළාය. 7 years ago
මැති ඇමැතිවරුන් 20ක් විදේශ සංචාරවල මැති ඇමැතිවරුන් 20කට ආසන්න පිරිසක් මේ දිනවල විදේශ සංචාරවල යෙදී සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 7 years ago
ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අවුරුදු 6 ක බරපතල සිර දඩුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාරහිමිගේ ශල්‍ය කර්මයෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් අද (30) බන්ධනාගාර රෝහලට මාරුකර යවා ඇතැයි රෝහල් අධ්‍යක්ෂක පවසයි. 7 years ago
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගන්න යයි සැකකාර නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්‘ යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලීසිය අද ((29) අධිකරණයට දැනුම් දුන්නේය. 7 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago