විපක්ෂනායක ධූරය සම්බන්ධන්ටමයි විපක්ෂනායක ධුරය දෙමළ ජාතික සංවිධානයේ ආර්.සම්බන්ධන් මහතාටම ලබාදීමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කර ඇත. 8 years ago
බස්නාහිර පළාත් සභාවට ලක්ෂ හයේ පුටු 104ක් බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද වහාම ඊට මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර ඇත. 8 years ago
ඇතැම් දුම්රිය සේවකයින්ට ලක්ෂ එකහමාරක වැටුපක් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් මසකට රුපියල් 150,000 කට වැඩි ඒකාබද්ධ වැටුපකට හිමිකම් කියනුයේ දුම්රිය සේවකයින් හා වෛද්‍යවරුන් පමණකැයි මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙක් කීය. 8 years ago
දුම්රිය 8 ක් ධාවනයට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීන්ගේ ගමන් පහසුව සඳහා කොළඹ කොටුවේ සිට සියලුම මාර්ග ආවරණය වන පරිදි දුම්රිය 8 ක් පමණ ධාවනය කිරිමට දුම්රිය බලධාරින් අද (9) සවස සැලසුම් කර තිබිණි. 8 years ago
දුම්රිය සේවකයන්ගේ වර්ජනයෙන් කොටුව රත්වෙයි හදිසියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවට පත්වීමෙන් කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් කාරී තත්ත්වයක් ඇති වේ තිබේ. 8 years ago
දුම්රිය සේවකයෝ හදිසියේ වැඩ වරති දුම්රිය රියදුරු, නියාමක,ස්ථානාධිපති සහ දුම්රිය පාලකවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරිමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය මගින්ම තාවකාලිකව නතර කිරිමට විරෝධය පා අද (8) සවස 3 සිට දුම්රිය රියදුරන් සහ නියාමකවරු වර්ජනයක් ඇරඹුහ. 8 years ago
රජයේ වියදමින් ඇමතිවරුන්ට නීතිඥයන් ඉල්ලූ කැබිනට් පත්‍රිකාව ඉවතට ඇමැතිවරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරෙන මූලික අයිතිවාසිකම් නඩුවලදී ඇමැතිවරුන්ට රජයේ වියදමින් පෞද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (7) ප්‍රතික්ෂේප කරන ලැබූ බව වාර්තාවේ. 8 years ago
දුම්රිය වැටුප් වැඩි කිරිමට මංගලගේ විරෝධය දුම්රිය සේවයේ වැටුප් වැඩි කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අද (7) පැවති කැබිනට් රැස්වීමේ දී මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ. 8 years ago
ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය ගැනීම පනතට පටහැනිලු එස් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඇතිකර ගෙන තිබෙන ගිවිසුම පනතට පටහැනි එකක් වන අතර එමගින් මණ්ඩලයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇතැයි අද (7) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ. 8 years ago
දුම්රිය ගැටුම සම්බන්ධයෙන් සිව් දෙනෙක්ගේ වැඩ තහනම් පොල්ගහවෙල හා රඹුක්කන අතර පිහිටි පනලීය දුම්රිය ස්ථානය අසලදී සිදුවු දුම්රිය ගැටුම සම්බන්ධව කොළඹ සිට රඹුක්කන දක්වා ධාවනය වු අංක 164 දුම්රියේ රියදුරු රියදුරු සහයක, ප්‍රධාන නියාමක හා උප නියාමකවරයාගේ වැඩ තහනම් කර ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. 8 years ago
දුම්රිය දෙකක් ගැටී 32 කට තුවාල - දුම්රිය ගමනා ගමනයට බාධා පොල්ගහවෙල සහ රඹුක්කන අතර පිහිටි පනලිය දුම්රිය ස්ථානය අසන්නයේදී අද (06) පස්වරු 6.30ට පමණ එකම මාර්ගයේ ගමන් ගත් දුම්රිය දෙකක් ගැටීමෙන් එම දුම්රිය වල ගමන් ගත් මගීන් 32කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 8 years ago
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක් - රෝහිත අබේගුණවර්ධන ජනාධිපතිවරයා විසින් මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම නතර කරනු ලැබුවද ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (6) පැවසීය. 8 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago