පාන් - බනිස් ඇතුළු පිටි ආහාර රුපියල් 5 කින් ඉහළට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කළේ යැයි කියමින් ආපනශාලාවල අලෙවි කරන පාන්,බනිස් ඇතුළු පිටි ආශ්‍රීත සෑම ආහාරයකම මිල රුපියල් පහකින් වැඩි කිරිමට ආපනශාලා හිමිකරුවන් මේ වන විට පියවර ගෙන ඇත. 16 September 2018
ගලහ රෝහල විවෘත කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් පසුගිය 28 වැනි දා සිට වසා දමා ඇති ගලහ රෝහල යළි විවෘත කරන්නැයි බල කමින් ගලහ නගරයේ දී ප්‍රදේශවාසීහු අද (16) උද්ඝෝෂණයක් ඇරඹුහ. 16 September 2018
මාතලේ එජාප පළාත් පාලන නියෝජිතයෝත් අගමැති පැමිණි උත්සවය වර්ජනය කරති නව සමෘද්ධිලාභින් 5450කට මාතලේ දිස්ත්‍රික්කයේ සමෘද්ධි හිමිකම් ප්රදානය කිරිමේ උත්සවයට තමන්ට ආරාධනා නොකිරීම නිසා දැඩි අසාධාරණයක් එක්සත් ජාතික පාක්ෂිකයින්ට සිදුව ඇති බව පවසමින් දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයෝ අද (15) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පැවැති උත්සවයට සහභාගි නොවි තම විරෝධය පළ කරන බව පැවසූහ. 15 September 2018
එජාප මන්ත්‍රීනි රෝහිනී විජේරත්න අගමැතිගේ මාතලේ රැළිය වර්ජනය කරයි අගමැතිවරයා සහභාගි වන මාතලේ දී පැවැත්වෙන සමෘද්ධි ලාභින් 3000 කට නව සහනාධාර ප්‍රධානය කිරීමේ උත්සවය වර්ජනය කරන බව එජාප මන්ත්‍රිනී රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය පවසයි. 15 September 2018
ජනපති - ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය සීඅයිඩියට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තමාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කළ බවට නැඟෙන චෝදනා සම්බන්ධ පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (14) පැවසීය. 14 September 2018
මිල සුත්‍රයෙන් ඉන්ධන මිල ඉහළට පමණයි - ජනපති ඉන්ධන මිල තීරණය කිරිම සඳහා මිල සුත්‍රයක් හඳුන්වාදෙනු ලැබුවද ඒය හඳුන්වා දුන් දින සිටම ඉන්ධන මිල ඉහළ යනවා මිස පහළට යන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) පෙරවරුවේ දී පැවසීය. 14 September 2018
රවීට එරෙහිව සීඅයිඩිය නඩු පවරයි බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩු පැවැරීය. 14 September 2018
හොරණ කම්හලක ගෑස් කාන්දුවකින් 5 ක් රෝහලේ හොරණ වගවත්ත ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා ගෑස් සිලින්ඩර 17 ක් පැටවූ ලොරියකින් ඉවත් කිරිමට යාමේ දී සිදු වු ගෑස් කාන්දුවකින් ස්වසන අපහසුතා ඇතිවූ පස් දෙනකු හොරණ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 14 September 2018
හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ අප්‍රසාදය ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 13 September 2018
කැබිනට් මණ්ඩලයේ හදිසි හමුවක් හෙට කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. 12 September 2018
2019 ජනපතිවරණයට මගේ සහෝදරයා එනවා - මහින්ද ඉන්දියාව සමඟ ඇති වූ වැරදි වැටහීම් අමතක කර ඉදිරියට යෑමට කාලය එළැඹ ඇතැයි ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන්නේ යැයි ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත. 12 September 2018
ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක් දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 11 September 2018
බස් ගාස්තුව සියයට 10 කින් වැඩිකරන්න’යි ඉල්ලයි ඩීසල් මිල නැවතත් වැඩි කිරීම නිසා බස් ගාස්තුව ද සියයට 10කින් පමණ වැඩිවිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පැවැසීය. 11 September 2018
ජොන්ස්ටන්ගේ නඩුව වාර්තා කිරීම තහනම් කරයි හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව වාර්තා කිරිම සඳහා කිසිදු මාධ්‍යවේදීයකුට මහාධිකරණයට ඇතුළු වීම තහනම් කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (11) නියෝගයක් නිකුත් කළාය. 11 September 2018
කෝටි 90ක වංචාවක් ගැන ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියකු ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංචා කිරීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධියක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (10) පැමිණිළි කළේය. 10 September 2018
ජනපති දේශපාලන ලොක්කන්ට අනතුරු අඟවයි ගිං නිල්වලා යෝජනා ක්‍රමය සිදු නොකිරීම සම්බන්ධයෙන් පසුගිය රජයෙන් සිදුවූ දේවල් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන ආකාරයටම මෙම රජයේ අය එම යෝජනා ක්‍රමය ප්‍රමාද කිරීම ගැන පරීක්ෂණ පැවැත්වීමට සිදුවනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොටදී අද(10) පැවසීය. 10 September 2018
ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනකුට අද (10) විශේෂ මහාධිකරණය විසින් අධි චෝදනාපත්‍ර ගොනු කරනු ලැබීය. 10 September 2018
මීළඟ රජයේ පාලකයා අගමැතිවරයායි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩුකර ඇති නිසා මිළඟ රජයක පාලකයා වන්නේ අගමැතිවරයා බැවින් සියලුදෙනා අවධානය යොමුකළ යුත්තේ දුෂණය, වංචාව, හොරකම නැති අයෙකු අගමැතිවරයා ලෙස බලයට පත්කර ගැනීම සඳහා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවිතිගලදී අද (08) පැවැසීය. 08 September 2018
විජයකලාට එරෙහිව පියවර ගන්න’යි පොලිස්පතිට උපදෙස් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය ගැන ප්‍රකාශය සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහය අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ. 07 September 2018
කිරි පැකට් ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි කිරි පැකට් පිළිබඳ ප්‍රශ්නයකට කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අතර සිදු වු බහින් බස් වීමකින් අද (07) පස්වරුවේදී මැතිසබය උණුසුම් විය. 07 September 2018
ඇරැව්වලදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරලා මහරගම ඇරැව්වල විහාරස්ථානයක් ඉදිරිපිට අද (07) අලුයම නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා ඝාතනය කර ඇතැයි මහරගම පොලිසිය කියයි. අත් දෙක මැණික් කටුවෙන් වෙන්වන සේ කපා ඇතැයි පොලීසිය සඳහන් කරයි. 07 September 2018
රවීට කැබිනට් ඇමැතිධූරයක් දෙන්න යයි එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට යළි කැබිනට් අමාත්‍යධුරය දීමට අවසන් එකඟතාවය ඇති වී තිබේ. 06 September 2018
රවී කරුණානායකට සිතාසි සතොස වැඩබැලූ සාමන්‍යධිකාරීවරයකුට එරෙහිව අල්ලස් නඩුවකට අධිකරණය හමුවේ සාක්කි ලබා දීම සඳහා හිටපු වෙළෙඳ ඇමැති රවී කරුණානායක මහතාට ලබන නොවැම්බර් මස 16 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (06) සිතාසි නිකුත් කළේය. 06 September 2018
ආණ්ඩුව රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යනවා - මහින්ද වර්තමාන ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය අහෝසි කරමින් රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 05 September 2018
ජොන්ස්ටන් බන්ධනාගාර රියෙන් පාර්ලිමේන්තුවට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මැතිසබයට අද (4) පැමිණියේය. 04 September 2018
පාර්ලිමේන්තුව ගිනියම් වී පැය දෙකෙන් නවතී හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට එරෙහිව ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේ ඇති වු උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව අද පැය දෙක හමාරකට සීමා විය. 04 September 2018
කෘෂිකර්ම ගොඩනැඟිල්ලේ තෝම්බුව හොයන්න රැස්ව ඇත්තේ එක්වරයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරිය ගොඩනැගිල්ල හිමිකරුවන් සමඟ අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව සෙවීමට පත් කළ කමිටුව රැස් වී ඇත්තේ එක්වරක් පමණකැයි අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හෙළිකර සිටී. 04 September 2018
එස් පවර් බලාගාරයට කෝටි 200ක් ගෙවීමට සිදුවීමෙන් ලංවීම අර්බුදයක එස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් ඉකුත් මාස 4ක කාලයක් සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් රුපියල් කෝටි 200 කට අධික මුදලක් ගෙවීමට සිදුවීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තාවේ. 03 September 2018
කතානායකගේ ඇරයුම ඒකාබද්ධය ප්‍රතික්ෂේප කරයි තමාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්රීකණ්ඩායමට ඉන්දීය සංචාරයට එක්වන ලෙසට කතානායක කරූ ජයසූරිය මහතා විසින් කරන ලද ආරාධනය ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රතික්ෂේප කර ඇත. 03 September 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026