මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (31) පැවසීය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිව්රුම් දීමේ උත්සවය සඳහා සහභාගි වීමට නවදිල්ලිය බලා ගොස් සිටින ජනාධිපති සිරිසේන මහතා නවදිල්ලියේ දී මේ බව ප‍්‍රකාශ කළේ යයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
”නැවත වරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවාද යන්න තීරණයක් ගන්න මට කිසිම හදිසියක් නෑ” යයි ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා නවදිල්ලියේ දී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. නරේන්ද්‍ර මෝදි මහතාගේ දිව්රුම් දීමේ උත්සවයට පසුව මෙම පුවත් පත් සාකච්ඡාව පැවැත්විණ.
පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් මරුමුවට පත්කරමින්, අපේ‍්‍රල් මස 21 වැනිදා (පාස්කු ඉරිදා) සිදුවූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ රජය කෙරෙහි දැඩි විවේචන එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් තීරණයක් අරගෙන තියෙන්නේ. ඉල්ලලා බලන්නකෝ.
ලක් වැසි සැවොම කළ පින් පව්වල ප්‍රතිඵල බලාගත හැකිවේවි...!!!
අම්මෝ... එන්න නම් එපෝ... අපිත් ජනාධිපති හා අගමැති එනකම් තමයි පාර බලන් ඉන්නේ... වරෙල්ලා වරෙල්ලා දෙන්නම් ජම්බු...
අපි තීරණය කරලා ගොඩක් කල් ඔය ගැන
2015 නම් කවුද කෙනෙක් කිව්වා මම අයෙත් ඉල්ලන්නේ නෑ කියලා. අරයාට දෙන්නේම නෑ කිව්වා. අනිත් කෙනාට දෙන්න වුනොත් විනාඩි පහෙන් ගෙදර යනවා කිව්වා. මට මතක නෑ දන්නේ නෑ කිව්වේ නෑ එහෙමත් කිව්වා. අනේ මන්දා ඉතින් මෙහෙමත් රටක් නේද
ඔබතුමා ඒ ගැන හිත කරදර කරගන්න අවශ්‍ය නැහැ. ඡන්දදායකයෝ ඒ තීරණය අරගෙන ගොඩක් කල්.
ඒ වුනාට ජනතාව නං තීරණ අරන් ඉවරයි. ඔබ එනකල් බලාගන ඉන්නේ. එතකොට පහුගිය ජනාධිපතිවරනයේදී නං කිව්වේ එක් වතාවක් පමණයි මේ දුරයේ ඉන්න බවත්, දින සීයක්තුල විධායක ජනාධිපති දුරය අහෝසි කරන බවත්.
සිද්ධ වෙනදේ දැන්ම දන්නවනෙ. ඉතින් මොකටද හදිසි වෙන්නෙ නේද?
කරුණාකර පැත්තකින් ඉන්න. ඒක මම හරියට අගය කරනවා.
පිඟානක තියලා ජයග්‍රහණය බාගෙට පිපුණු මලකට පූජා කරන්නයි බලාපොරොත්තුව එහෙනම්. අපි හිතුවා.
ලෝකෙට පරකාසේ ... ගෙදරට මරගාතේ...
ඉදිරිපත් වුණත් ජනතාව ඡන්දෙ දෙන්නේ නැත්නම් මොකද කරන්නේ?
අපොයි ඉදිරිපත් වීම ගැන අැහුණත් අපිට දැන් කලන්තේ දාන තත්වයක් තියෙන්නේ...
ඉදිරියේදී පොලොන්නරුව නගර සභාවේ මන්ත්‍රීකමට ඡන්දය ඉල්ලුවත් මිනිසුන් ඡන්දය නොදෙන බව ස්ථිරයි.
ආයේ ඉල්ලුවත් මෙයාට ඡන්දේ දෙන්නේ කවුද? මෙයා තොලොංචි වෙලා යනකං මේ මුළුරටම බලං ඉන්නේ... රට කෑවා..
2015 දී කිව්ව දේ මතක නැතේයි ?
10න් පසු තීරණයක් ගන්න. ඊට ප්‍රථම අද දිනයේ පුවත්පත කියවා තහවුරු කරගන්න.
ඉල්ලුවත් ප්‍රතිඵලය පොඩි ළමයෙකුගෙන් ඇහුවත් දැනගන්න පුළුවන්... උත්තරය බොහොම සරලයි.
දකුණට යනවා කිව්වත් මගේ කටින් ..// ගියේ නම් වම් පැත්තටය හැම විටම..// එබැවින් දැන් මේ කියපු දෙගැනත්..// හිතුවොත් හොදා වැසියන් හොදහැටීම ..//
දකුණට යනවා කිව්වෙත් මගේ කටින් ..// ගියේ නම් වම් පැත්තටය හැම විටම..// එබැවින් දැන් මේ කියපු දේ ගැනත්..// හිතුවොත් හොඳා වැසියන් හොඳහැටීම ..//
කිව්දේ නොකර මං කෙරුවේ නොකී දෙය ..// ඒබව දන්නවා ලක්වැසියන් හොඳහැටිම..// බැලුවිට සූත්තරයගෙයි මාගේ නැත වෙනස ..// පාට වෙනස හැර එක වල්ලේ පොල් ගෙඩිනේ..//
ඉදිරිපත් වෙන්න අපි ඔබතුමා දිනවන්න ඉවසීමක් නැතිව මේ බලාගෙන ඉන්නේ....
අපෝ!!! නැතුවට කමක් නැතෝ...
එන්නේ කවදාද හමුවන්නට අප යහමින් ..// මග බලා ඉන්නවා අපි කොසු ඉදල් සමගින්..// ආවත් නාවත් අප දැකුමට ගමට කලින් ...// ගියොත් හොඳ නැද්ද නැකත්කරු වෙත ලඟපාත..//
ඉදිරිපත් වුනත් ඔබතුමාගේ අනාගතය ජනතාව තීරණය කරලා ඉවරයි.
තනියම ඉන්න වෙලාවක කාසියක් උඩදාල බලන්න !!
අවුරුදු පහට රට විනාශ කල මදිවටද.
අනේ ප්ලීස් ඉදිරිපත් වෙන්න. අපි මේ බලාගෙන ඉන්නේ කළගුණ සලකන්න.
පුළුවන් නම් ගියසැරේ ගත්ත ලක්ෂ 62න් ලක්ෂ 2ක් අරන් පෙන්නන්න.
ඉදිරිපත් වෙනකම් තමයි ඉන්නේ හුටං...
හිතෙයිද පහුවෙනකොට? මලකෙලියක් වෙනවා හිතුණොත් එහෙම. ඒක නිසා ඔය වෙන අනන් මනන් හිත හිතා ඉන්න මගේ දෙයියෝ. අර අත්මේස් නැතුව අතට අත දීපු එක එහෙම....
මීළඟ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළින් පත්කර ගැනීමට හැකියාවක් ගැන සොයාබලන්න. ජනාධිපතිවරණයකට වැයවෙන නාස්තිකාරී කෝටි ගණනක මුදල් ඉතිරිකර රටේ මහජනත්ව වෙනුවෙන් එම මුදල් වැය කිරීමට නොහැකිද?
අල්ලපු හොරු එල්ලන්න වෙන්න ඇති . ඉල්ලුවත් එකයි, නැතත් එකයි ඉක්මනට ඡන්දය තියන්නකෝ .. අපි ඉන්නේ හොඳට සලකන්න.
එදා මෙදා තුර ලංකාවේ දේශපාලකයෙක් මිනිස්සුන්ට අප්පිරියා වුනානම් එකේ අංක එකට සදහටම් වැජබෙන කෙනා තමයි මේ ආයිත් ඉල්ලන්න පොට පාදන්න හදන්නේ. අර පොතේ ලියල තියෙන විදියට ක්‍රිකට් බොලේ මොලේ දියවෙන්නම වැදිලා තියෙන හැඩයි. ලිපේ ඉදෙන මාළු ඇතිළිය දොලට හලලා මාළු පිහිනනකන් බලා හිටිය කෙනානේ අප්පේ
ඔබතුමාලගේ 225න් කවුරු ආවත් වැඩක් වෙන එකක් නැහැ..
කාරි නෑ. ජනාධිපතිවරණයට ඉල්ලලා බලන්න පහුවෙනිදාට පත්තරෙන් බලාගන්න පුළුවන් කවුද ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා
පාස්කු ඉරිදා බෝම්බය පත්තු වුනාට පස්සෙනේ ඔබතුමා එ්ක දැනගත්තේ... ඒවගේ මීළඟ ජනාධිපති දිවුරුම් දෙනකන් ඔබතුමා එ්කත් නොදැන ඉඳීවි.
යහපති මහරජ.. බලා හිදිමු අපි වඩින තුරා ඔබ... කළගුණ සලකන්නට......
ඉදිරිපත් වුනොත් හිටපු ජනපති ඇපත් නැතිව පරාජය වේ කියා පත්තරවල වැටී තිබේවි...
මාස හයෙන් යනවා කියල නේද ආවේ...? තව මොකට එනවද? හපොයි කරපු හරිය ඉහටත් උඩින්...
ලංකාවට පමණක් නොවේ, ලෝකෙටම විහිළුවක් නොවී, පොළොන්නරුවේ, කුඹුරක පඹයෙක් වෙලා සතුටින් ජීවත් වෙන්න අපට පව් නොදී...
අපි නම් ඡන්දෙ නොදෙන්න තීරණය කරලා තියෙන්නේ.. ඓතිහාසික පොලොන්නරුවත් අපට එපා වෙලා. ප්‍රාදේශීය සභාවකටවත් මෙයා එපා. රට කෑවා. කිව්ව දේ නොකරන, නොකරපු දේ කළා කියන හිතුවක්කාර අත්තනෝමතික මිනිස්සු එපා.
ඇයි දැන් බයේද? මේ මහා කාලෙකට කලින් කිව්වේ ආපහු එනවා කියලනේ (මුලින්ම කිව්වේනම් එක පාරටයි ආවේ කියලා).
ලක්ෂ 62 ක ඡන්ද අරන් ආපු දවසේ ඉදන්ම කලේ යහපාලන අරමුණු වලට එරෙහි වැඩ.
ඇවිල්ල රටට කරපු හරිය හොදටම ඇති. ඔබ තුමා වගේ කෙනෙක් නැවත අපිට ඕනේ නැහැ
ඔබ එන්න.. ඔබ ඇවිත් යන්න එන්න ..
" පොදුබව ගෙන පෙරට බලයට යළි පැමිණ - නොසිතනු මැනවි ! රට කෙරුමට පෙර ලෙසින - කල කී හරිය මතකයි අපහට දෙරණ - පිං සිදුවේවි යනු මැන නිවසට පරණ "
එන්න එපෝ ...!!!!
මගෙත් එකම පැතුම ඔබතුමා යලි ජනාධිපති වීම.
වචී පරම ජනාධිපති තාත්ත ඉදිරපත් උනත් අපි එලවන්න හිතාගෙන ඉවරයි ....
හැබැයි අපේ තීරණේ පැහැදිලියි.....
ගිනිපෙල්ලෙන් බැට කාපු ලාංකිකයින් දැන්නම් කනාමැදිරි එළියටත් බයයි.
රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැහැ
මෙච්චර කාලා තවත් ඉල්ලන්න කල්පනාව.මෙහෙමත් ලජ්ජා නැති මිනිහෙක්.
ඔබතුම හා ගරු අගමැතිතුමා 2025 තෙක්ම රට පාලනය කිරීම අපේ පැතුමයි.
මම මෙයාගේ කෙනෙක් නෙවෙයි.. නමුත් මෙයාගේ ගුණ ටික මතක් කරන්න ඕනෑ කුඩුකාරයෝ ටික බය කළ මෙයා නිසා තම ඇමෙරිකන් ආමි එකට ඇතුළට එන්න බැරි වුණු මෙයා රණ්ඩු වෙන නිසා අපේ රනිල්ට ගොඩක් පසු බැසීමක් තියෙනවා. නැත්නම් අද අපිට ලංකාවක් නැත. මෙයාගේ කරුමයට මොනවා හොඳක් කළත් තව ජරාවක් කරලා හොඳ කා ගන්නවා. මෙයාට කලින් රනිල්ව යවාගන්න බලන්න.. රනිල් තියාගෙන මොකක් ආවත් වැඩක් නැත.
බැස යන සඳ දෑතින් නවතාලන්නට බෑ...
ජනතාව තීරණය කරලා ඉවරයි .
යලි ඉදිරිපත් උනොත් කරන වැඩේ ගැන නම් අර ලක්ෂ 62 නම් තීරණයක් අරගෙනයි ඉන්නේ. අහුනනේ ඔබතුමා ඔය තැනට ගෙනෙන්න දර දිය ඇද්ද මහාචාර්ය වරයා කියපු කතාව.
එපෝ... අායෙමත්!!! ඔබ ඇතුළු ඔය නිල්, කොළ, රතු කිසිවක්...
ඔයාගේ තීරණය වැඩක් නෑ.. අපි තීරණය කරලා ඉවරයි. පුළුවන් නම් ඉල්ලලා බලන්නකෝ.
අනේ අපේ එකම ගැලවුම් කරු ඔබතුමා. එන්න එන්න අපි දෙන්නම් හැන්ඩ්ස් දෙකම උස්සල
අපි නම් තීරණය කරලයි තියෙන්නේ....
2015දී අපි තමයි, ඔබතුමාගේ ජනාධිපති තනතුරට රුකුල් දෙමින්.. ඔබතුමාත් සමග "යහපාලන" රජයක් බිහිකරමින් ඔබතුමාත් සමග හොරු, බොරුකාරයෝ, වංචාකාරයෝ, දූෂකයෝ, කුඩුකාරයෝ.. ගංජා, කසිප්පු සහ අනෙකුත් සමාජ දූෂකයින්... දඩයමේ යන්න ලෑස්ති පිට සිටියේ.. ! " යහපත් රටක්.. ජාතියක්.. සමාජයක් ගොඩ නැගීම සඳහා..! අවුරුදු සියගණන් අපේ රටේ සිදුවෙලා තියන වැරදි අවුරුදු 4කින්.. හදන්න බැරිබව අපිට තේරුම්ගන්න පුළුවන්...! එ්ත් ජනාධිපති ධුරයෙන් පලායාමට තරම් දෙයක් සිද්ද වෙලා නැහැ...! අදත් අපේ රටේ "ජනාධිපති ධුරයට " සුදුසු.. නීතියෙන් වැරදිකරුවෙන් නොවුණු.. දිනපතා, සිතාසි කියවමින් උසාවි ගානේ රස්තියාදු නොවෙන ජනාධිපති කෙනෙකුට ඉන්නේ ඔබතුමා පමණයි !!!
ඉන්දියාවේ නැති වුණත් ලංකාවේ තියන බව නම් ඔහු කියයි.
මගේ ඡන්දෙ ඔබතුමාට...
ඔහේ කලින් කිව්වා වගේ යනකොට "ගිනි තියාගෙන යනවා" කියූ නමුත්, ඒක වුනේ තමන් තවමත් රටේ ලොක්කා හැටියට අපමණ බලයක් ඇතිව වැජඹෙන කාලයේ බව ඔබට අමතක වුණාට රටවැසියාට අමතක නැත. රටේ ඉහළම තානාන්තරය ලබාගැනීමට හිනිමගක් සපයා දුන් එජාපෙරමුණ නිර්දය ලෙස ප්‍රසිද්ධියේම විවේචනය කරමින් ඔබේ පැරණි සතුරන් අතිජාත මිතුරන් හැටියට ඔඩොක්කුවේ දමාගෙන රට පරිහානියට පත්කරමින්, නව පවුල් සංස්ථාවක් හැදුවා කියමින් ඔබට එරෙහිව චෝදනා එල්ල වනවිට ඔබට කරන්න තිබෙන්නේ එකම එක දෙයයි. එනම් උදළු කෙටියක් කරේ තබාගෙන පොලොන්නරුව පැත්තේ හේනක් කොටාගෙන "දැහැමි ජීවිතයක්" ගත කිරීමට උත්සාහ ගැනීම පමණයි. එය තමා, රට, ජාතිය වෙනුවෙන් "මෛත්‍රීපාල යුගයක" අවසානය විය යුත්තේ! පසුගියදා මෝඩි පදවි ප්‍රාප්ති උත්සවයේදී පවා ඔබේ ලොකු අයියා මෙවැනිම උපදෙසක් ලබා දුන්නා කියා අප හිතනවා......
අනේ ගමට ගිහින් කුඹුරක් කරගෙන ඉන්න. ලංකාවේ සිටි අසාර්ථකම පාලකයා. රට සවාරි විතරයි. කරපු දෙයක් නැහැ.
ගොඩක් හොඳ අදහසක්... මෛත්‍රීට නැවතත් තරග කරන්න. නමුත් කරුණාකර පළමුව අවම වශයෙන් වත් ඔබේ පවුලේ උදවියගේත් ඡන්දය සුරක්ෂිත කරන්න.
මුල අමතක කර, අදූරදර්ශී පාලනයක් කරන ඔබ කිසිවිටකත් දෙවෙනිවර ඉදිරිපත්වීමට සුදුස්සෙකු නොවේ...
අපි නම් තීරණය කරලා ඉවරයි. එනකම් තමයි බලන් ඉන්නේ ගෙදර යවන්න...
අයියෝ, ඉදිරිපත් වෙන්නේ නැතිද? අපි මේ බලාගෙන ඉන්නේ ඔබව දිනවන්න... හිටං, හිටං, පටාන්...
මහ ආණ්ඩුවේ මෝදි අයියා කිව්වේ මොනවද කියනවද?
අනේ ඔයා එන්නකෝ ප්ලීස්....
ඔබ තුමාට පුලුවනිනම් යන්න කලින් ආණ්ඩුවත් විසුරුවල හැමෝටම එකවර පිරිසිදු මැතිවරණයකට ඉදිරිපත්වෙන්න අවස්ථාව සලස්වල දෙන්න. පාර්ලිමේන්තුව බලයේ ඉද්දි ජනාධිපතිවරණයත් ජනාධිපති බලයේ ඉද්දි පාර්ලිමේන්තු මැතිවරණයත් තියලා අපිව ගොනාට අන්දවල බලයට එන එක නැවත්වුවොත් ඔබතුමාගේ නම සදා පවතිනවා. ඒ සියලුම බලයේ හිටි පාර්ශව කෑල්ලෙන් කෑල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා ජනතාව විසින් ජනතාවගේ නියෝජිතයන් පාර්ලිමේන්තු යවන ක්‍රමය නැතිකරලා දාල තිබෙනවා. ඒ වෙනුවට පක්ෂ නායකයාගේ නියෝජිතයින්ට ජනතාවගේ ඡන්දෙ අරගෙන ඒ පක්ෂ නායකයින්ට අන්තනෝමතිකව නැතහොත් බොහෝදුරට ඒකාධිපති ක්‍රමයට රට පාලනය කිරීමට පසුබිම සාදාගෙන තිබෙනවා.
තවත් ඕක තේරුම් ගන්න බැරි ඔයා කොහොමද රටක් පාලනය කරන්නේ?
ඔබට තව කල් තිබෙනවා. 2020න් පස්සේ ගන්න. කලබල වෙන්න එපා තුමෝ....
මට හිතෙන්නේ මෙයා පත්තරේ බැලුවට කමෙන්ට් බලන්නේ නෑ...
කරන්න බැරි මගුල් කරන්න යන්න එපා... දැන් වලපයයි, ගොඩපයයි මොනවා හරි වෙන දෙයක් කරනවා. අර පොතක් කරනවා කිව්වේ... ඕක හරි කරගෙන පැත්තකට වෙලා ඉන්න. තමුන්ව රනිල් ලොක්කා පාවිච්චි කරපු රෙදි කඩමල්ලක්... මිනිස්සුන්ට තමුන්ගේ හෙවනැල්ලක්වත් පෙනීම අසුබයි..
එහෙම හිතන්නවත් එපා...
අනේ සුදු ඔයා නාවොතින් නම් අම්මපා පනිනවා මුහුදේ...
ආවොත් උඩින්ම දිනයි.
ඇත්ත, යළි ඉදිරිපත් වීම තීරණය කිරීමට ප්‍රථම මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණයක් ප්‍රකාශවිය යුතුයි.
අපි ඡන්දෙ දීලා අපිටම ඇරගත්තා.
රවී.... ඔයා දෙහිවල නේ
එන්න එපෝ....
මෝදි නේද කිව්වෙ පැත්තකට වෙලා ඉන්න කියල ? නැත්ත්නම් මොකද එකපාරටම මෙහෙම උනේ...
ඔය එක එක්කෙනා කියන දේවල් අහන්නේ නැතිව ගමට එන්න. අපි එකතුවෙලා ගම නගමු .
මම නම් යෝජනා කරන්නේ ඉදිරිපත් වෙන්ට කියලා. එතකොටනේ තමන් කොච්චර ෆේල් ද කියලා තේරුම්ගන්න පුළුවන් වෙන්නේ. මහජනතාව විදියට අපිත් ලෑස්තිවෙලානේ ඉන්නේ ඔබතුමා එක පැන්සල් පාරින් ෆේල් කරලා දාන්න. කරුණාකරලා අපේ බලාපොරොත්තු සුන් කරන්න එපා..
මේ ප්‍රවෘත්තිය දැන් දවස් කීයක් දාලා තියෙනවද වෙන සිදුවීම් නැද්ද මේ අතරතුර සිදු වුණේ
බුදු අම්මෝ වදින්නම් ආයේ නම් පැත්ත පළාතේ එන්න එපා.
රටකට ඕනෑ අපමණ අගයක්...
ඔබ ඉතිහාසයට එක් වීමට ඉතා ආසන්නයි.
මෙවර අාවොත් ඇපත් නැහැ... ජනාධිපති තාත්තේ...