IMG-LOGO

වැඩබලන ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති

(අජන්ත කුමාර අගලකඩ)

වැඩබලන ඇමැතිවරු තිදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා - වැඩබලන නගර සැලසුම් ජලසම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැති

කර්මාන්ත හා මැණික් කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා - වැඩබලන කර්මාන්ත වාණිජ කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම්, සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති

බනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ මහත්මිය - වැඩබලන මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ බනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිනී 

වැඩබලන ඇමැතිවරු තිදෙනාගේ දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදුවිය.

රිෂාඩ් බදියුදීන් රාවූෆ් හකීම් සහ කබීර් හෂීම් යන අමැතිවරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් වීම හේතුවෙන් එම ඇමැතිධූර පුරප්පාඩු වී තිබිණි.



අදහස් (15)

වැඩබලන ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති

sam Monday, 10 June 2019 07:49 AM

'වැඩ නොබලන' ඇමතිලා හැට හුටහමාරක් ඉන්නා රටේ 'වැඩ බලන' ඇමතිලා දෙතුන් දෙනෙක්වත් ඉන්න එක හොඳයි.

:       383       279

sumith Monday, 10 June 2019 07:56 AM

අනේ දෙවියනේ මේ නරිනාටක බලන්න අපිත් පව් කරපු හැටි...

:       0       130

ravi Monday, 10 June 2019 08:15 AM

මේ, පුද්ගලයින් මොන.. යම් හේතුවක් නිසා හෝ හිටපු මැති.. අැමැතිවරුන් වගේ.. අපේ රටට .. අපේ සංවර්ධනයට එරෙහිව තම රාජකාරිය පාවා දුන්නොත්.. සිද්ධවෙන දේවලුත් මේ දිව්රුම්පත්‍රවල සඳහන්ද?

:       0       35

Raveendra Monday, 10 June 2019 09:05 AM

දුටුවිට මාතෘකාව මතකය දුව යන්නේ ..// වැඩ බැරිගෙයි බබානිස්ලාට නොවන්නේද ..// බැරි පුළුවන් මොකක් වුනත් රජවරු නොවේද..// මෙතෙක් කලක් ගත් වැටුපට යුතුකම් ඉටුකළාදෝ..//

:       1       36

janahitha Monday, 10 June 2019 09:22 AM

මේ දිව්රුම්පත්‍රවල බෝම්බ නිපදවීම, පිපිරවීම, ඊට සහය දීම නොකරන බවට සහ කරන්නවුන් අත්අඩංගුවෙන් මුදවා ගැනීමට බලපෑම් නොකරන බව සඳහන් කරන්නේ නම් මැනවි..

:       1       37

Gayan Monday, 10 June 2019 09:23 AM

මෙයාලා ඔටුවෝද? දිගටම මෙයාලව තියා ගන්න. කලින් අය නියෝජනය කළේ මුස්ලිම් ජනයා පමණයිනේ. මෙයාලා සමස්ත ජනතාවම නියෝජනය කරයි. සියල්ලන්ට සමානව සලකාවි. පාර්ලිමේන්තුවේ සියල්ලන්ට තියෙන්නේ එක ඡන්දයක්නේ...

:       3       131

Bishan Monday, 10 June 2019 10:00 AM

බුද්ධික පතිරණ හොඳ තේරීමක්...

:       549       603

sirimal Monday, 10 June 2019 10:36 AM

අර ගොල්ලෝ ආපහු ආවොත් .....

:       0       0

වත්සලා Monday, 10 June 2019 10:51 AM

ඇයි රන්ජාට නොදුන්නේ?

:       0       1

ranjith Monday, 10 June 2019 12:58 PM

බුද්ධික පතිරණ මහතාට දුන් අමාත්‍යාංශ නැවත අන්තවාදීන්ට දෙන්න එපා...

:       0       98

චමින්ද Monday, 10 June 2019 01:33 PM

ඛනිජතෙල් සංවර්ධනය සම්බන්ධ අමාත්‍යාශයක් තිබුණත් මෙතෙක් කල් සිදුකළ සංවර්ධන කටයුතු මොනවාද? තෙල් සම්පත් සමීක්ෂණවල තත්වය කුමක්ද? කිසිවක්ම සිදුකර නැත්නම් අමාත්‍යාංශය ආරම්භ කළදා සිට මෙතෙක්කල් ඒ වෙනුවෙන් වැයකල මුදල කොපමණද? යනාදී අමාත්‍යාංශයේ ප්‍රගතියේ විස්තර ප්‍රසිද්ධ කරන්න.

:       0       1

rohana kumara mendis Monday, 10 June 2019 02:35 PM

ඔව්, ඔව් මේ රට වෙනුවෙන් කරන්න වැඩ බලන්න දේවල් එමටයි මෙයාලට. එ්කනේ මේ රට මේ තරමට දියුණු කට්ටිය රට වෙනුවෙන් දහදිය හෙළනවා. ජනතාව ඉන්නේ මාර සැපසේ..

:       0       0

Kumara Monday, 10 June 2019 03:26 PM

අපට අඩු තවත් සුපිරි වාහන සෙට් එකක් ලංකාවට.. කාටද ආඩම්බර...

:       0       32

Rasika Monday, 10 June 2019 08:26 PM

මොන පක්ෂේ දිනුවත් බුද්දික පතිරණ වගේ අයට ඇමතිකමක් දෙන්න ඕනේ. අනෙක මේ ඇමතිකම ඔහුට හොදටම ගැලපෙනවා. අපි හිතනවා ඔහු සියලු දෙනාට සාධාරණයක් කරාවි කියලා. විශේෂයෙන් නැගෙනහිර සහ උතුරේ අවතැන් වූන සිංහල ජනයට සාධාරණයක් ඉටුවේවි කියලා බලාපොරොත්තු වෙනවා.. මේ වගේ අමාත්‍යංශයක් කවදාවත් අන්තවාදීන්ට දෙන්න එපා. බුද්දික පතිරණ කියන්න වැඩක් කරන්න පුළුවන් තරුණ මන්ත්‍රී කෙනෙක්..

:       0       106

Sanka Tuesday, 11 June 2019 09:51 AM

මේ බනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිකම දෙන්න ඕනෑ දැනඋගත් දක්ෂ තරුණ කෙනෙකුටයි. මේ වගේ බකන්නිලා ගෙන ඉන්න අය පත්කාලම, රටට ඇති සෙතේ මොකක්ද? ඒ අයගේ ව්‍යාපාර වලට නම් මොන මොනවා හරි කරගනී. රටට නම් සත 5ක සෙතක් නැහැ. පඩි ගෙවන අපේ බදු මුදල් අපරාදේ...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 239 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site