පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයට සහය දක්වමින් දිවයින පුරා ස්ථාන රැසක  භික්ෂුන්වහන්සේලා, ගිහි පිරිස් උපවාස සහ විරෝධතා සඳහා එක්ව සිටිති.

රතනහිමි මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට අද (3)  සිව්වැනි දිනටත් අඛණ්ඩව උපවාසයේ යෙදී සිටිති.

ඇමති රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 5 මුල් කරගනිමින් රතනහිමියෝ මෙම අඛණ්ඩ උපවාසය ඉකුත් සිකුරාදා 31 ඇරැඹුහ.
 
උන්වහන්සේගේ මෙම විරෝධතාවයට සහය දක්වන පිරිස්  වෙළඳසැල් වසා දමා කලුකොඩි ඔසවමින්, බස් රථ ධාවනයෙන්  ඉවත් කර  සිය දෛනික රාජකාරීවලින් ඉවත්වී එයට සහය පළ  කර සිටිති. එමෙන්ම රතන හිමි උපවාසයේ යෙදී සිටින දළදා මාලිගාව අසළට මේ වන විට විශාල ජනකායක් ද රැස්ව සිටිති.

 


( කාංචන කුමාර ආරියදාස- දඹුල්ල )


(අනුරාධපුර බී.ජී.චතුරංග)