රට තුළ ජාතීන් අතර පවතින සමගිය ආරක්‍ෂා කරගැනීම සදහා තමන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
ඇමති ධූරයන්ගෙන් ඉවත් වුවද ආණ්ඩුවෙන් ඉවත් නොවන බව ඔහු සඳහන් කළේය.
ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ කවුරුන් හෝ තමන් අතර සිටී නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණ කර පියවර ගත යුතු බව ද රවුෆ් හකීම් මහතා කීවේය.
ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන සියලු මුස්ලිම් ජාතික මැති ඇමතිවරු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටිති.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා මෙසේද කීය.
‘‘රටේ වත්මන් තත්වය පිළිබඳව අපි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ කැබිනට් අමාත්‍යවරුන් සමඟ දීර්ඝව සාකච්ඡා කළා. එම සාකච්ඡාවෙන් පසු අපිට ස්වාධීනව තීරණයක් ගැනීමට අවකාශය සැලසුනා.
ඒ අනුව රජයේ නිල තල දරන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සියලු දෙනාම ඉල්ලා අස්වීමට තීරණය කළා.
විශේෂයෙන්ම අපට අවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ සාමය, සංහිඳියාව ස්ථාපිත කරලා රටේ මතුව ඇති මේ කලබගෑනිය වළක්වා ගැනීමට. ඒ වගේම මේ වට තුඩු දෙන අනෙකුත් බලවේග එල්ලකරන මේ චෝදනා පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු කළ යුතුයි.
අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව ඒ සඳහා වූ උපරිම සහයෝගය අපේ ජනතාවත්, අපිත් උපරිම ලෙස ලබා දී තිබෙනවා.
අපි එලෙස සහාය ලබා දී තිබියදීත් විටින් විට මේ රටේ වෛරය ක්‍රෝධය ඇති කරන ක‍්‍රියාදාමයන්ට එරෙහිව රජය කටයුතු කරන ආකාරය පිළිබඳව අපි පිළිකුලට පත් වෙනවා.
මේ දිනවල සිදුවූ නොයෙකුත් සිදුවීම් ගැන විශාල භීතිකාවක් අපේ ජනතාවට තිබෙනවා. අපේ ජනතාව අහිංසකයි. යම් සුළු කල්ලියක් කරපු මේ ක්‍රියාදාමයට සමස්ත මුස්ලිම් ජනතාවම වින්දිතයන් වූ අවස්ථාවක් විදියට අපි මේක දකිනවා.
අපි ආණ්ඩුවේ ඇමතිධූරවලින් ඉවත් වුවත් අපි මේ ආණ්ඩුව බලහීන කරන කිසිදු ක්‍රියාදාමයක් කරන්නේ නැහැ. අපි ආණ්ඩුව තුළ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් ආණ්ඩුව රැකීමට ඉදිරිපත් වෙනවා. ඒ ආකාරයෙන්ම මේ ආණ්ඩුව අපි නියෝජනය කරන ජනතාවගේ ආරක්ෂාවත් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මේ රට එක්සේසත් කළ යුතුයි. මේ රටේ ජාතීන් අතර සමගිය ඇති විය යුතුයි. අපේ රටට ජාත්‍යන්තරයේ තියෙන කීර්තිනාමයට කිසිඳු හානියක් වීමට අපිට ඉඩදිය නොහැකියි.
චෝදනා කාට තිබුනත් ඒ චෝදනා පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකළ යුතුයි. පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවක් මගින් අපිට මේ ගැන විසඳුමක් අපේක්ෂා කළ නොහැකියි.
යම් අපරාධකරුවෙක් සිටිනව නම් ඔහු පිලිබඳ ඕනෑම දඬුවමක් දිය හැකියි. ඒ ගැන අපිට කිසිදු ගැටලුවක් නැහැ. රට තුළ භේද ඇති කරන බලවේග පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. ඔවුන් රට තුළ ඇති කරන කලබල සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුයි’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි... දැන් අනික් කට්ටිය පරීක්ෂණවලට ඇඟිලි නොගහා ප්‍රචාරක සාකච්ඡා නොතබා හිටියොත් වඩාත් හොඳයි. මේක එකිනෙකාගේ දේශපාලන අනාගතය නොවේ. මේ රටේ හා අවට රටවල අනාගත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්...
රතන හාමුදුරුවෝ වීරයෙක් වෙන්න උපවාසය කෙරුවාට අද මුස්ලිම් නායකයෝ ඒකට නිසි උත්තරය දීලා තියනවා. (මේක ඔවුන්ගේ දේශපාලන දහම් ගැටයක් වුවත් ඔවුන් නිසි කලට නිසි විදියට එය කිරිමෙන් ඔවුන්ට විරුද්ධව ජාතිවාදී ස්වරුපයෙන් කල විරෝධතා නිහඩ කරන්න එය සමත්වේ.)
ඔන්න නියම ජාතිවාදය ... බොරුවට එක එක මහ ලොකු බර ටොක්ස් දුන්නට අවසානයෙ එයාලා ජාතියට මුල් තැන දුන්නා ත්‍රස්ථවාදීන්ට මෙයත් උදව්වක් මෙන්ම දැන් ඔවුන්ගෙ අරමුණ සංහලයන්ට පහර ගැසීමයි. අපෙ සිංහල නායකයන් කවදා එක මතයකට එවිද..?
පේනවා නේද එයාලගේ එකෙකුට ප්‍රශ්නයක් වුණාම, ඔක්කොම එකතු වෙන ලස්සන. දැන් කියන්නේ සමගිය ඇති කරන්න එහෙම කළා කියලා. ඔය වගේ අපේ සිංහල මැති ඇමැතිලට කරන්න බැහැනේ..
මම කිව්වේ නැද්ද? දැන් එතකොට පෙළපාලි, පාගමන්, උපවාස වෙනත් හේතුවක් යොදාගෙන දිගටම කරගෙන යන්නද කල්පනාව?
මුස්ලිම් ඇමතිවරුන් අස්වුනොත් ආණ්ඩුව ගෙදර...
මොකද මේ අන්තවාදී දේශපාලකයන්ට අයින් වෙන්න කිව්වම ඔක්කොම අයින් වෙන්නේ? ඒ කියන්නේ මේ ඔක්කොම අන්තවාදීන් බව ඉතාමත් පැහැදිලියි.
හරිම සතුටුයි... මේ ටික කාලෙට පමණක් නොවී, හැමදාටම උඹලා පැත්තකින් ඉඳපල්ලා...
සිංහල දේශයට ජයවේවා..! ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න ඕනේ කියලා මට පළමු වරට හිතුණා.
ලංකාවෙන්ම යමල්ලා..
අලුතෙන්ම හිතන්න වෙනවා...
ඒකාබද්ධ විපක්ෂයේ අමුඩේ ගහනකොට අපේ හාමුදුරුවෝ තනියම ගේම දුන්නා...
රට තුළ ජාතීන් අතර පවතින සමගිය ආරක්‍ෂා කරගැනීම සඳහා කරුණාකරලා අරාබි රටකට වෙලා ඔහේලා කැමති නීතිවලට යටත්ව ජීවත් වෙන්න. මේක අපේ රට. ඒක කන්න එපා.
ශ්රී ලංකාවට ජයවේවා...!
ඔන්න ඕකට තමයි කියන්නේ සමගිය කියලා. සිංහලයා අතර ඒක ඇතිවූ දවසට ශ්‍රී ලංකාව යහපත් රටක් බවට පත්වේවි...!!!
කොක්කු ඉගිලෙනකොට තමයි සුද කාටකාටත් පෙනෙන්නේ...
ඔන්න බලන්න, මොනවා කිව්වත් එකා සැමට, සැම එකාට නේද?
මේකත් බලපෑමක් තමයි, 3 දෙනෙක් ගැන ජනතාව කියද්දී ඒ අන්තවාදී සම්බන්ධතා තියෙන 3දෙනා බේරන්න ඔක්කොම අයින් වුණා. ඔයාලා වගේම තමයි අපිත්, ළමයි ඉස්කෝලේ යවන්නේ බයෙන්, ඉන්නේ බයෙන්, අනාගතය, අපේ ළමයින්ගේ අනාගතය ගැන තියෙන්නේ බයක්, ලංකාව තවත් නැගෙනහිර ලන්ඩනයක්, බර්මින්ග්හැම් නගරයක් වෙනවා දකින්න මේ රටේ සාමය කැමති කවුරුවත් කැමති නැහැ. ආණ්ඩුවේ, විපක්ෂයේ තියෙන බල ලෝභය නිසා අන්තවාදයට වර්ධනය වෙන්න හැරලා තියෙනවා. එයට නීති සැකසිය යුතුයි. නැතිව ඔක්කොමල්ලා අස්වෙන්න. අහිංසකයි කියලා තේරුමක් නැහැ.
මේකට කියන්නේ ජාතිවාදේ කියලයි. තමුන්ගේ රැහේ කට්ටියට ඇස් පනාපිට චෝදනා එල්ලවෙනකොට මුළුරැලම බේරෙන්න කට්ටියම යනවා. ගිහින් අප්පොච්චිගේ දත් ශක්තිමත් කරාවිද දන්නේ නැහැ. එතුමත් ඉතින්...
අස් වුණා කියලා පාරට වැටුනේ නැහැනේ. මෙච්චරකල් හම්බකරගත් දේවල් තියෙනවනේ...
කොහේ හිටියත් අරමුණ එකක්...
පොලීසියට මාසයක්ම දෙනවැයි කියන්නේ පරීක්ෂා කරන්න. රටේ දැන් සිදුවෙන දේ ගැන පිළිකුලයිලු මේ ඈයින්ට!
තනතුරු අත්හැරීම කෙසේවෙතත්... පාරේ බැහැලා යන්න පුළුවන් තත්වයක්, ඉතුරුවෙලා තියෙනවද? කියන එකයි ප්‍රශ්නේ...
ශ්‍රී ලංකාවට වෙලා තියන මුස්ලිම් මිනිස්සුන්ගේ ඡන්දෙ නැතිව ආණ්ඩුවක් ගෙනියන්න ප්‍රශ්නයක්... සිංහල මැති ඇමැතිවරුනි, දැන්වත් එකට එකතු වෙයල්ලා. එවිට නැවතත් ලස්සන රටක් හදන්න පුළුවන්....
ඕකට කියන්නේ අහිංසක දුර්නිරූපනය කියලා.
ජය ශ්‍රී... මේක සිංහලයන්ගේ ජයක්.
මෙරට හදන්න නම් දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති රටම පිළිගන්න අවංක සාධාරණ උගත් මනුස්සයෙක් පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්කර රටේ ජනාධිපති කරගන්න ඕනේ , ඊට පස්සේ පාර්ලිමේන්තුව විසුරවල , කලින් ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදුණු හාමුදුරුවරුන් කතෝලික , හින්දු , සම්ප්‍රදායක් මුස්ලිම් වරුන්ගේ අශිර්වධය ඇතුව උගත් , වැදගත් බුධිමත් අවංක කණ්ඩායමක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කල යුතුය , එතකොට මිනිස්සු ඔවුන්ට ඡන්දෙ දෙවි හොර දේශපාලකයෝ පාර්ලිමේන්තුවෙන් එලව දමාවි
ඕකම තමයි 1980 ගණන් වල වුනෙත්, කිසිදා අවි අතට නොගත් දෙමල නායකයින්ට පවා පාර්ලිමේන්තුවෙන් එළියට යනතැනට කටයුතු සැලැස්සුවා (ඔවුනුත් 100% ම නිවැරදි නැහැ තමයි). අන්තිමේදී දෙමළ ජනතාවට ප්‍රභාකරන් තමන්ගේ එකම ගැලවුම්කාරයා කියලා හිතන්න සිද්ධ වුණා. හැබැයි වතුකරයේ නායකයෝ (තොන්ඩමන් වගේ අය) තමන්ගේ ගැටළු පවතින ආණ්ඩුවට එකතුවෙලා විසඳාගත්තා. ඒ නිසා ප්‍රභාකරන්ට කවමදාවත් බැරි වුණා වතුකරයේ දෙමළ ජනතාව ත්‍රස්තවාදී වැඩවලට සම්බන්ධ කරගන්න. ඒ නිසා අපි හැඟීම්බර වෙනවට වඩා බුද්ධිමත්ව වැඩ කරන්න ඕන වෙලාවක් මේක...
යහපත් දෙයක්...
මෙය යහපාලගේ ක්‍රියාදාමයක්... අගමැතිව හා ආණ්ඩුව වට්ටවන්න කරපු දෙයක්... ඒක නියමෙට පෙනෙනවා ඥාණසාර හාමුදුරුවෝ අගමැතිට එරෙහිව ගෙනියන්න හදන විරෝධය දකිනකොට. ඥාණසාර හිමි නිදහස් කර ගැනීමේ එක කොන්ත්‍රාත්තුවක් තමයි බලය පෙන්වා එලවාගන්න බැරිවුණු රනිල්ව එලවා දැමීම.. අපිත් කොහොම හරි පෙලගස්සනවා පාස්කු අනතුර දන්වා තිබියදී ඒ පිළිබඳව ක්‍රියා නොකළ යහපාලලා ඇතුළු සියලු දෙනාටම විරුද්ධව උපවාස කරමු...
එදා ෂොපින් බෑග් එකේ රෙදි කැලි දෙක ගෙන බස් එකේ අපු කෙනා දැන් ටයි කෝට් ගෙන අධි සුකොපබෝගී වාහන, අති විශාල ඉඩම්, පැලස්, වල කොහොමද ගත කරන්නේ..? කොහෙන්ද මේ ධන නිධාන, සිංහල මනුස්සයෙක් එහෙම කළා නම් මොන කතන්දරද, උසාවි, දැඩි දඬුවම්, ගුවන් බලපත්‍ර අවලංගු කිරීම, දේපල රජයට පවරා ගැනීම මගේ අම්මේ මොන කතන්දරද?
ග්‍රාමසේවක රාලහාමිගේ වැඩෙන් සියලුම මුස්ලිම් ඡන්ද එක්කර රනිල්ට ලැබුණු එකයි අන්තිම ප්‍රතිඵලය...
මේ රනිල්ගේ තවත් උගුලක්. මාසයක් ගියාට පසේ නැවත මේ ඔක්කොටම ඇමතිකම් දෙනවා. මිනිස්සු ඕවට රැවටුණු කාලේ ගියා. මේ අයට දීලා තිබුණු සියලු අමාත්‍යාංශවලට පත්කරපු අයවත් අස්කරන්න ඕනේ... (සභාපතිවරු, අධ්‍යක්ෂවරු) මාසයක් ගියාට පස්සේ නැවත මේ අයව පත්කරන කොටත් බදුර්දීන්ට ඇමැති පදවියක් දෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. හැමදාම අපිව රවටන්න දෙන්න බැහැ.
දැන්වත් අර විල්පත්තුවේ වන විනාසේ නවත්වලා එ්ක කරපු පිරිස අත්අඩංගුවට ගත්තොත්?
රතන හාමුදුරුවන්ගේ උපවාසයත් ඔබතුමාලාගේ අස්වීමත් සාමාන්‍ය සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ලබාගැනීමට පෙන්වන නාටකයක ජවනිකා දෙකක්. කෑමට පාන් ගෙඩියත් හිඟා කන අපි හුරේ දමමින් අපේ කරපිටින් ඔබව බලය වෙත ගෙන යන්නෙමු. තව තවත් අපේ ඔලු මතට වර්චස් කරනු මැනවි.
මේ අය රාමසාන්වලට සූදානම් වෙන්නයි ඔය ලැහැස්තිය...
එඬෙරමුල්ලෙන් ආපු මොහොමඩ් ෆයිසර් මුස්තාපා කොහොමද?
ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නෑලු. කොහොමද ඒක? ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය යටපත් කරන්න කරන වැඩක් මේක මට හිතෙන්නේ...
මාසෙකින් සිංහල හරක්ට අමතක වුණාම ආයෙත් ඇමැති හරියට කරුන්කානායක වගේ...
මෙතන තියන ප්‍රශ්නේ, මේ පිරිස මුස්ලිම් වුණු පලියට ශ්‍රී ලාංකිකයින් නොවේද යන්නයි. බෞද්ධයන්, හින්දුන් සහ කිතුනුවන් ශ්‍රී ලාංකිකයන්ය. දෙමල කතාකරන උතුරේ ජනතාව ශ්‍රී ලංකාවේ වෙසෙන වෙනමම ජාතියකි ඒ ද්‍රවිඩ ජාතියයි. නමුත් ඔවුන් ශ්‍රී ලාංකිකයින්මය. කිතුනුවන් යනු කිතුනු දහම අදහන ශ්‍රී ලංකික සිංහල හෝ ද්‍රවිඩ මිනිසුන්ය. ඔවුන් වතිකානු ජාතිකයන් නොවේ. නමුත් මුස්ලිම් ආගම අදහන්නවුන් ශ්‍රී ලාංකිකයින් නොවෙත්ද?
දැන් සතුටු ඇති... දේශපාලන කටු කන, අන්තවාදී වෛරය පතුරවන උදවියට. මෙකේ අදහස් බලනකොට ගොඩක් දුක හිතෙනවා ශ්‍රී ලාංකික ජාතිය ගැන.. මෙහෙම කුහක මිනිස්සු ඉන්න රටක්... කවදාවත්ම අපේ රට දියුණු වෙන්නේ නැහැ මෙහෙම පටු ආකල්ප තියන කොට... මෙහි අදහස් පලකරන සියයට 90ක්ම අන්තවාදීන්... බුද්ධියක් නැති මිනිස්සු. ප්‍රශ්නයක් විසඳාගන්න කිසිම බුද්ධයක් නැහැ. හැබැයි අවුලුවන්න හරි දක්ෂයි.
කළුතර බෙහෙත් වලිනුත් ගසා කාපු නාමික සිංහල තාත්තායි පුතායි ඔය එක්කම අස්වුණා නම් රටට කොච්චර හොඳයිද?
ඉතිහාසය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වේ.... පක්‍ෂ-පාට වලට බෙදී ඉරිතැලී ගිය මාතෘ භුමිය දැන් නිවැරදි මාර්ගයට එමින් තිබේ. දේශපාලන ගොහොරුවේ සිටිනා පර පණුවන්ට සිංහලයා එකම අරමුණක් ඇතිව එක පොදියකට එක්වෙනවා දකින්නට අකමැතිය... එහෙයින් ඉදිරි කාලයේ අපි හැමෝම ප්‍රඥාවෙන් කටයුතුකළ යුතුය. අපව පක්‍ෂ-පාට වලට බෙදා පාලනය කිරීම දේශපාලකයන්ට පහසුයි. 21වෙනිදා මියගිය ප්‍රාණ පරිත්‍යාගී ආත්මයන්ට සිංහල ජාතිය එක් කිරීමේ පින අනුමෝදම් වේවා...!!! මීළඟ කවර මැතිවරණයක් පැවතුණත් සංඝයා වහන්සේලාගේ කැමැත්ත සහ උන්වහන්සේලා රට-ජාතිය වෙනුවෙන් ඉදිරිපත් කරන කවර හෝ ප්‍රතිපත්ති වලට කොන්දේසි විරහිතව එකඟතාවය පලකරන සිංහල බෞද්ධ ජාතිකවාදී පිරිමියාව මේ රට අතිශය සිංහල ඡන්දවලින් දිනවිය යුතුයි. ඉදිරි කාලය අපි සිංහලයින් වශයෙන් සමගි සම්පන්නව බොහොම අවධියෙන් සිටිය යුතු කාලයකි. හැකිතාක් පන්සල් සහ පූජ්‍ය උතුමාණන් සමග ගතකරන කාලය වැඩි කරන්න. එවිට ළඟ එන අනතුර හදුනා ගැනීම පහසු වනු ඇත.
අනුවණ සිංහල පාලකයන් තරම් මුස්ලිම් දේශපාලකයන් මෝඩ නැහැ. ඔවුන්ගේ එකමුතුකම තමයි ඔය පෙන්වා තිබෙන්නේ. ඔය කියන මතභේදාත්මක තනතුරු එක පෑන් පහරින් අවලංගු කළහැකිව තිබියදී, රටම කෝලම් මඩුවක් කරමින් නිහීන රංගනයක යෙදෙන සිංහල බෞද්ධ නායකයෙක් විධායක ජනාධිපතිකම් කරන රටක වෙසෙන ජනතාවටම ඇන්න හොඳ ටොක්කක් තමයි මේ... ඔවුන් විවිධ පුද්ගල චරිත වූවාට, ඔවුන්ගේ අරමුණ එ්කයි. අබ්දුල් රාසික් නමැති ත්‍රස්තවාදියා තවමත් නිදැල්ලේ... අබ්දුල් රාසික්ලා ටොකු විතරක් ඇනලා නවතින එකක් නැහැ. සිංහල පාලකයන්, ආරක්ෂක අංශ, මාධ්‍යවේදියෝ ඇයි ඒ ගැන නිහඬ?
අනේ ඔය විදිහට 225 ඉතිරි කට්ටියත් හිතුවානම්...
හරි වැදගත් විදියට ඒ තීරණය ගත්තා. නැත්නම් හෙට තව කට්ටිය ගැන කියලා පිකටින් කරාවි. ඔය විදියට වෙච්ච එක හොඳයි. මේ දේවල්වලින් තැලෙන්නේ පොඩිවෙන්නේ එදාවේල හම්බ කරන් කන මිනිස්සු... අව්වට වේලෙනවා, වැස්සට තෙමෙනවා. කාගෙවත් හව්හරණක් නැහැ...
මුස්ලිම් අැමතිවරුන්ගේ ක්‍රියාව අගය කරන්නෙමු. යම්හෙයකින් රතන හිමියන්ට කරදරයක් වුවහොත් රට ගිනිගනු අැත. අසූතුනේ සිදුවූ දෙය නැවත සිදු නොවිය යුතුය. මෙහි කමෙන්ට්ස් කළ බොහෝ දෙනා හැඟීම් වලට ඉඩදී අදහස් ප්‍රකාශ කර අැත.
ඇයි? පාර්ලිමේන්තුවේ ආසනත් අත්හරිනු. මේ ඔක්කොම එක වල්ලේ පොල්.
ඉතින් අපිට පාන්ද ඔයගොල්ලො අස් වුණා කියලා...
ආසන ක්‍රමයට පාර්ලිමේන්තු ඡන්ද තිබුණා නම් මේ සුලු සුලු පක්ෂ පාර්ලිමේන්තු එන්නේ නෑ මෙච්චර.. හැම ආණ්ඩුම ඉන්පසු අඩු වැඩි වශයෙන් සුලු පක්ෂ වලට දුන්නා වූ අසීමිත බලතල ආණ්ඩු රැකගන්න. අරයගේ නාට්‍යය නිසා අන්තිමට මේ ඔක්කොම එකගොඩට තල්ලු වෙලා...
එක වතාවක් කොන්ත්‍රාත්කාරයෙක් අවුරුදු 30ක්ම රට අවුල් කළ එක විනාශ කරන්න නොදී රනිල් ලෝකේ වටේ ගියා. අන්තිමේ මිනිහ ඝාතනය කළා කියල මහින්දට යුද අපරාධකාරයා කිව්වා. මේ පාර කොන්ත්‍රාත් එක භාරදීපු කට්ටිය ආණ්ඩුවෙන් එළවන එක නවත්වන්න රනිල්ටයි... එයාගේ ගෝලයින්ටයි තිබුණේ පුදුම උණක්... අන්තිමේ රතන හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න ඒක කරපු එක හොඳයි. මෛත්‍රී එ්ක කළානම් රනිල් අායෙත් නැට්ට ගිනි ගත්තු හනුමා වගේ ලෝකේ වටේ යනවා... මෛත්‍රීට විරුද්ධව ජාතිවාදී හංවඩුව ගස්සන්න මචන්ලට කියලා. අඟේ ඉඳන් කණ කන විත්තිය ඉන්දියාවත් නොදැන ඉන්නවා නොවෙයි. ළඟදීම ලංකාවේ හාමුදුරුවරුන්ට විරුද්ධව ම්ලේච්ඡයන් කියාගෙන අර නෑඹිලි විදේශ ඇමතියා ලෝකේ වටේ යවයි. හූනා කිව්වා වගේ බලන්න. අන්තිමේ මීළඟට එන කෙනාව ආණ්ඩුව කරගෙන යන්න දෙන්නෙත් නැහැ. රටටම කරුමයක් අප්පා....
ජාතිවාදය, අන්තවාදය ජයටම වපුරයි. එක්සත්ව නැගී සිටින්නට කාගේවත් අදහසක් නැති පාටයි. මේකේ අදහස් ටික දැක්කම ඔක්කාරයට එනවා. කාඩ්බෝඩ් වීරයෝ පිරිලා. ලැජ්ජයි ශ්‍රී ලාංකිකයකු හැටියට.
ඔය පෙන්නන හදන්නේ සියලුම මුස්ලිම් ජනතාවට මහා ජාතිය එරෙහි කියලා. මුස්ලිම් අයව එකතු කරන්න තමයි මේ තීරණය ගත්තේ එතකොට ඊළඟ ඡන්දෙදෙදි ඔක්කොම මුස්ලිම් ඡන්ද මේ අය හරහා රනිල්ට ලැබෙන්නේ..
මෙය තවත් එක සන්දර්ශනයක් පමණි.....
චෝදනා ලබපු තුන්දෙනා අයින්කරන්න කිව්වම ඔක්කොම අයින්වෙන්නේ ඇයි.
අපේ පැත්තේ බල්ලෝ එක එකා මරාගන්න හැදුවත් , තලගොයා පස්සේ එලවනකොට උන් ඔක්කොම එකතුවෙනවා.
ඔවුන්ගේ ආගමද, නීතියද, ජීවන රටාවද, සියල්ලම කුරානයයි. එබැවින් ඔවුන්ට ලොවෙහි කොතැනක සිටියත් අවශ්‍ය වන්නේ කුරානයට අනුව ජීවත්වීම් මිස එම රටේ නීතියට හෝ සංස්කෘතියට අනුව ජීවත්වීම නොවේ. එතැනදී ඔවුන් සියලුදෙනාම එකමුතු වේ.
කොහේ හිටියත් වැරදි කරපු අයට දඬුවම් ලබයි. වැරදි කළොත් දඬුවම් විඳින එක ලෝකේ නීතියක්...
සිතන්නට යමක්... මෙම ඡායාරූපවලට අනුව මෙතන අාණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරු 20ක් පමණ සිටිනවා. විපක්ෂයේ මුස්ලිම් අයත් එක්ක අඩුම තරමේ ඔක්කොම 25ක් වත් අැති. එනම් 225න් 25ක් වත් මුස්ලිම් නියොජිතයින්ය. ඔවුන් එකතු වෙලා තම ජාතියට යුතුකම් ඉටුකරත්, සිංහල නියෝජිතයන් බෙදී වෙන්වී තම ජාතිය වෙනුවෙන් පෙනී නොසිටීම සිංහලයින්ගේ පිරිහීම බව තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි.
වීරයෝ...
කලිනුත් කොමිසමකින් වැරදිකාරයෙක් වෙලාම ඇමතිකම දාලා ගිය කෙනෙක් හිටියා... එයා දැන් ඇමති කෙනෙක්... ඒ විතරක් නෙමේ, එයා වෙන කොමිසම් වලට ඇවිත් රජයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්නත් අහනවා. රෙදිත් ඇඳගෙන...
මේ මුස්ලිම් ඇමතිවරු එයාලගේ කටින්ම කියන්නේ ඒ අය නියෝජනය කරන්නේ මුස්ලිම් ජාතිකයන් කියලයි. එ්කෙන්ම තේරෙනවා මේ මුස්ලිම් ඇමතිවරු තමයි ලංකාවේ ඉන්න ජාතිවාදීන්, ආගම්වාදීන් සහ අන්ත වාදීන් කියලා. රටේ එහෙම එක ජාතියක් විතරක් නියෝජනය කරන ඇමතිවරු ඉන්න පුලුවන්ද? රටම විනාශ කරන්න මුස්ලිම් අන්තවාදීන් ආයුධ එකතු කරන කම් මොවුන් උඩ බලාගෙන හිටියා මෙච්චර කල්. වැඩේ වැරදුණාම දැන් බොරුවට රඟපානවා... තොත්ත බබාලා වගේ... රිෂාඩ් බදුර්දීන් එයාගේ ඇමතිකම පාවිච්චි කරලා තනිකරම බිස්නස් කරන්න මගපාදලා තියෙන්නේ මුස්ලිම් ජාතිකයන්ට විතරයි...
ඔවුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා.. එකක් තමයි ඔවුන් සමස්ථයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේ සියයට සියයක් මුස්ලිම් ඡන්ද වලින්ද? ඔවුන් නියෝජනය කළේ මුස්ලිම් ජනතාව විතරමද? ඒ තුළ ජාතිවාදය නැද්ද? අනෙක් කරුණ චරිත 03ක් වෙනුවෙන් සමස්ථයම ඉල්ලා අස්වීම තුළින් චෝදනා ලබපු පුද්ගලයින් ආරක්ෂා කරනවද?
මෙතන ඇත්තේ ජාතිවාදය නොවේ. අපි කුඩා කාලයේ අපේ කුඩා නගරයේ වැඩිහිටි මුස්ලිම් ජනතාවට අපි සැලකුවේ අපේ වැඩිහිටියන් වගෙයි. සමවයසේ අය අපේ සහෝදරයන් වගෙයි. එ්ත් මෙය වෙනස් කලේ ඒ අයගේ පසු පරපුරයි. මම හිතන්නේ අපේ කාන්තාවන් රවටාගෙන විවාහ කරගෙන ඒ අය ඔවුන්ගේ ආගමට හරවා ගත්තත් ඔවුන්ගේ එකම කන්තාවක්වත් සිංහල මිනිසුන් සමග විවාහවෙලා නැහැ. මගේම නෑදෑයෙක් එහෙම රවටගෙන ගොස් තිබෙනවා. කුපිත කලේ ඒ අය මිස සිංහල අය නොවෙයි...
ලංකාවේ අය දියුණු ජාතින් වගේ මානසික දියුණුව ලබා නොමැති බව මෙහි සඳහන් අදහස්වලින් පැහැදිලි වෙනවා. මානව හිමිකම් සහතික වන සහජීවනයක් ලංකාවේ කවදාවත් බලාපොරොත්තු විය නොහැකිය. එසේ වන්නට මේ රට කවදාවත් දියුණු රටක් බවට පත් වන්නේ ද නැත.
ලිඳේ වතුර බීලා.. ලිඳේ වතුර නාලා.. ලිඳට ගල් ගසාලා.. වතුර බොර කරයි නානා.. වතුර බොර කරයි..
බොරු නොකර හැමදාම ඔයවිදියට එළියේ ඉන්න. උඹලා නැතුව ආණ්ඩුව කරන හැටි ඊළඟ පාර බලපල්ලා. දැන් සිංහලයන් එකමුතු වෙලා හරි නායකයෙක් පත් කරගන්නවා...
මේවා හොඳ පාඩම් සිංහලයින්ටත්, කබීර් හෂීම්, මරික්කාර් වැනි මුස්ලිම් දේශපාලකයින්ට ඡන්දය දුන්නු සිංහලයින් ඕනෑතරම් ඉන්නවා මම දන්නවා... දෙන එයාලා නියෝජනය කරන්නේ ඔවුන්ට ඡන්දේ දුන්න ප්‍රාදේශිකයන්ද නැත්නම් මුස්ලිම් ජාතිකයන්ද? ජාතික දේශපාලනයේ යෙදෙන පක්ෂවලට මේක හොඳ පාඩමක්..
මහින්දගේ පිලේ ඉන්න මුස්ලිම් අය අස්වෙන්නේ නැද්ද? එතකොට ජනාධිපතිගේ පැත්තේ ඉන්න අයත් ගියොත් තමයි හොඳ... එකතු වෙයල්ලා...
මංගලත් රාජිතත් ඔය එක්කම යන්න.. යවන්න කලින්...
බුදුපියාණන් වදාළ විදියටම අත්හැරලද? අතහැරීම ඉතා යහපත්ය...
ලංකාවේ ඉන්න බබ්බු තමා මේ... දැන් ඔතන එක්කෙනෙක් කිව්වනේ අර වනාතවිල්ලුවෙන් අල්ලපු අයව බේරාගත්තේ ඉහල දේශපාලුවෙක් කියලා පොලිසිය අය ප්‍රශ්න කරන්නේ නැත්තේ ඒ ගැන? ඒ වගේම අර අනිත් කෙනාගේ වීඩියෝවක් තිබුන විනිසුරුතුමන්ට බලපෑම් කරපු ඒකට නීති සංගම් මුකුත් කොරන්නේ නැද්ද?
දේශපාලන ගේම් නවත්තල වැරදි කරුවන්ට නිසි දඩුවම් දෙන්න... මාසෙකින් අයෙත් සුද්දකරලා ඇමතිකම් ටික බෙදාගන්නේ නැතිව... නිර්ව්‍යාජ නායකයින් සේ හැසිරෙන්න ...
බදුර්ධින්ගේ විශ්වාශභංගය යට ගැසීම සහ ආණ්ඩුවේ පරාජය සාර්ථකව මැඩපවත්වාගැනීම හුදෙක් සිංහලයා නොදැන අන්දා ගැනීමකි.
අනේ කරුණාකර මට එක රටක් කියන්න මුස්ලිම්වරු අනිත් අය සමග රණ්ඩු නොකර සහයෝගයෙන් ඉන්න රටක්
හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ. හොරාට අන්තවාදයට උඩගෙඩි දුන්න සියල්ල හෙලිවුණා. ජනතාව ඉල්ලා සිටියේ අන්තවාදයට උඩගෙඩි දුන්න එවුන්ට ඉල්ලා අස්වෙන්න. එ්කට ප්‍රතිචාර වශයෙන් සියල්ලන්ම ඉල්ලා අස්වුණා යනු ඔවුන් සියල්ලම මෙම අන්තවාදයට කුමන හෝ අයුරකින් සහයෝගය දී ඇති බවයි.
අර රිසාන් මහත්තයා කියන මානව හිමිකම් රකින දියුණු ජාතීන් ඉන්නේ සෞදි අරාබියේද? දන්නේ නැති නිසයි අහන්නේ...
සමහර සියලුම ආගමික පිරිස්... චරිත වෙන්න දඟලන රඟමඩලක් වෙලා ශ්‍රී ලංකාව... කරුමෙක මහත... සමගිය සංහිඳියාව වල් වැදිලා
මේ වෙලාවේ සමහර පූජකවරුන් කියන කරන වැඩ දකිනකොට බුද්ධිමත් ජනතාව තුෂ්නිම්භූත වෙනවා..
මේ තොයිල් නටන බයිලා කියන වැඩ්ඩෝ වෙන්න සිනමා දාන හැම පූජකවරයෙක්ගේම යටි අරමුණක් ඇතිබව පැහැදිලියි.. මුදල් හුවමාරුවෙලාද නොදනී... නොයෙක් දේවල් දෙන්නම් කියා පොරොන්දු වෙලා දෝ මන්දා මෙහෙම හැසිරෙන්නේ...