(පුෂ්පකුමාර ජයරත්න )
සිසුසැරිය බසයක් සහ ඇඟළුම් කම්හලක සේවකයින් ප්‍රවාහනය කරන බසයක් අද (07) උදෑසන කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව පාන්ගොල්ල මංසන්ධියේදී ගැටීමෙන් වූ අනතුරකින් සිසුසිසුවියන් 15 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.
තුවාල ලැබූ සිසුන්ද, ඇඟළුම් කම්හල් බසයේ රියැදුරාද කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ ගොකරැල්ල දිසා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව පැවසේ.
මැල්සිරිපුර දිද්දෙනියේ සිට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට සිසුන් ප්‍රවාහනය කරන සිසුසැරිය බසයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ එම බසයේ සිසුවියන් 80 කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරමින් සිට ඇත. තුවාල ලැබූ සිසුන්ගෙන් වැඩි පිරිසක් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉගෙනුම ලබන දරුවන් බව ගොකරැල්ල පොලිසිය කියයි.
ඉබ්බාගමුව ප්‍රදේශයේ ඇඟඵම් කම්හලක සේවක පිරිසක් ප්‍රවාහනය කර ආපසු යමින් සිටියදී ඇඟළුම් කම්හලේ බසය අනතුරට ලක්වී ඇත.
ඇඟළුම් කම්හලේ බසයට දැඩි හානි සිදුව ඇති අතර සිසුසැරිය බසය මාර්ගය අසළවූ කුඹුරකට පෙරළි ගොස් ඇත.
සිසුසැරිය බසයේ රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුව බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
සිසුසැරිය බසයේ රියැදුරා ගොකරැල්ල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.ගොකරැල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තමයි ලෝකේ ඉන්න හොද හොද රියදුරු " මහත්වරු" ඉන්නේ. පේනවා නේද මොනතරම් විනීත විදියට රථය ධාවනය කරලා තියෙනවා ද කියලා. අප රටේ රියදුරන් 99.9999999% කිසිදු විනයකින් තොරව වාහන පදවන බව මෙය තවත් එක උදාහරණයකි. මම විතරයි පාරේ යා යුත්තේ ... මට විතරයි මාර්ගය අයිති... මෙවන් මගමරුවන්ට නිසි දඩුවම් නොදී වංක නිලදාරීන් බඩ පුරෝවා ගැනීම මෙයට බලපානා තවත් බයානක අතුරුපලයකි.
ඉක්මන් සුවය ලැබේවා!!!
බසයේ 80ට වැඩි සිසුවියන් හිටිය නිසා රියදුරු මල්ලි නංගිලට පේන්න වැඩදාන්න ඇති! මොඩකමනේ...!!!