(පුෂ්පකුමාර ජයරත්න)
ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් සිදු කළැයි පැවසෙන කතාවේ සත්‍ය අසත්‍ය සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත්කර එවන ලද කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයම තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය "කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය " විසින් ලිඛිතව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත අද (28) දැනුම්දී ඇත.
කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත්කර එවන ලද කමිටුව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවත් එවැනි කමිටුවක් හමුවේ සාක්ෂි ලබාදීම කුරුණෑගල ශික්ෂණ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයම ප්‍රතික්ෂේප කරන බවත් ඒ පිළිබඳව රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව දැනුම් දුන් බවත්ය.
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කර එවන කමිටුවක් හමුවේ අවශ්‍ය සාක්ෂි ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලය සූදානම් බවද වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේය.
වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත්කර එවන ලද කමිටුවේ සාමාජිකයින් හයදෙනෙකු අද කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණියද එම කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට රෝහලේ කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයකු ඉදිරිපත් නොවූ බවද වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පැවසීය .
කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත්කර එවන ලද කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට ඉදිරිපත් නොවන බව ලිඛිතව තමන්ට දන්වා ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය , රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා සුව සේවා සංගමය , රජයේ විකිරණවේදීන්ගේ සංගමය, ගිලන් රථ රියදුරන්ගේ සංගමය, රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර සංගමය , ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය යන වෘත්තීය සංගම් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයට ඇතුළත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි හොරාගේ අම්මගෙන් පේන අහන්න ඕන නැහැ
අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවකට සාක්ෂි දීම සඳහා ඉදිරිපත් නොවන්නේ නම්, ඔවුන්ට එම අමාත්‍යාංශය තුල සේවය කිරීමටද නොහැකිය. එමෙන්ම මෙම රෝහලේ පරිපාලන අධ්‍යක්ෂකවරයා වහාම වෙනත් රෝහලකට මාරුකර යැවිය යුතුය. මෙය බරපතල දේශපාලන කුමන්ත්‍රණයක් බව පෙනේ. අවශ්‍යනම් රහස් පොලිසිය යොදවා පරීක්ෂා කරන්න.
කුරුණෑගල රෝහලේ සේවකයන් කියන විදියට නම් සාක්ෂි ලබාගන්න පෙර චූදිතයින්ට මරන්න නියම කරලා හමාරයි. උපත් අඩුකරන්න මෙවැනි සැත්කම් මිලියනයක් පමණ කළොත් ජනගහන අනුපාතයේ වෙනසක් ඇතිවෙන්න ඉඩතිබෙනවා. සිසේරියන් සැත්කමෙන් පසු දරුවන් ලැබුණු අම්මලා නැද්ද? දැනට ලැබී තිබෙන තිබෙන පැමිණිලි කිහිපය අනුව මෙවැනි දේ ගැන තීරණයක් ගන්න අපහසුයි.
සෞඛ්‍ය ඇමතිවරයාගේ කමිටුව ඉදිරියේ සාක්ෂි දීමෙන් සාධාරණත්වය බලාපොරොත්තු විය නොහැකිය. හේතු ගණනාවකි. අදාළ සාෆි නම් වෛද්‍යවරයා ඇමැතිවරයාගේ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූවෙකි. ඔහු මැතිවරණ පරාජයෙන් පසු යළිත් රැකියාවට පෙනෙන ලෙස අක්‍රමිකව පත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය ඇමැතිවරයාය. වෛද්‍යවරයා ආරක්ෂා කරන ඇමතිවරයාට දැනට විශ්වාශභංග යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර ඔහු ඉන් පැරදුණොත් එය රාජිත නියෝජනය කරන ආණ්ඩුවේ පරාජයක් වෙයි. මේ සියල්ලටම වඩා දැනට ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයක සෞඛ්‍ය අැමැතිවරයා මේ සිදුවීම පිළිබඳ සිය මතය එනම් වෛද්‍යවරයා නිදොස් බව ආවේගශීලීව ප්‍රකාශ කර ඇත. මෙය පක්ෂග්‍රාහී කමිටුවක් බවත් ඉන් සාධාරණ තීන්දුවක් නොලැබෙන බවත් සෞඛ්‍ය ඇමැතිවරයාට අවශ්‍ය තීරණය මින් අවසානයේ ගන්නා බවත් මේ කරුණු අනුව සක් සුදක් සේ පැහැදිලිය. තදබල අසාධාරණය වන්නේ, එවැන්නක් සිදු වුවහොත් තිරිසන් ලෙස අසාධාරණයට පත් වූ තරුණ අම්මලා සිය ගණනකගේ අමානුෂික විනාශයට වරදකරුවා නිදොස් වී එම වරදම තව දුරටත් රට පුරා කිරීමට ඉඩ ලැබීමයි. මේ නිසා මෙම හොරාගේ අම්මගේ පේන ඇසීම නැවතිය යුතුය...
රටේ අවාසනාවට පහළ වූ සෞඛ්‍ය ඇමතිවරයෙකි.. කපටි, සමාජ පිළිලයක් වී ඇත...
නියමයි. කොහොමහරි රාජිතව ඔය තනතුරින් එලවන්න පියවර ගන්න.
නොකෙරෙන වෙදකමට කාලය නාස්ති කිරීම වැඩක් නැති නිසා ගත් තීරණය කාලෝචිතයි.
නියමයි, ඔහොම යං... මොවුන්ට පාඩමක් උගන්නන්නම ඕනේ..
ඔවු. අපි දන්නවා නේ රාජිත ගෙ කමිටු වල හැටි . හොඳ තීරණයක් අරගෙන තියෙන්නෙ ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය .
දේශපාලනය ගාව ගන්නේ නැතුව අද මොන දෙයක්වත් කර ගන්න බැහැ. මේක හරියට නඩු කාරය කවුද කියන එක උඩ නඩුවට එනවද නැද්ද කියල තීරණය කරනවා වගෙයි.
ඉතාම සාදාරනයි, අපි හොදින් දෑක්කා සුවපති හෑසිරුනු ආකාරය.
මේ රටේ පහුගියදා සිද්ද වෙච්ච දේ වල් එක්ක යම් සුබ ප්‍රවනතවයකුත් මම දකිනවා මොකද මිනිස්සු අසාදරණයට විරුද්දව නොබියව නැගිටින එක 1) ඇස්වාට්ටුව හන්දියේ වාහන තදබදයට විරුද්දව නලා ශබ්ද කිරීම 2) මීගමුවේදී සහනාදාර බෙදන වෙලාවේ සිද්ද්දිය 3) එක්තරා දේශපාලකයෙකුට පක්ෂව චන්දය දීල ගමට එන්න එපා කියල ගම් වල බැනර් ගහල තියන එක 4 ) අනික මේ සිද්දිය මේ විරෝදය , සාදනීය පැත්තකට හරවගන්න තරම් ව්‍යාපාරයක් මේ රටේ තිබුනොතින් රටට සුගතියක් වේවි
සෞඛ්‍ය ඇමති වඳ වෙන්නයි යන්නේ...
හරිම හොඳ තීරණයක්. කිසිම විටෙක රාජිත හෝ ආණ්ඩුවේ කිසිම ඇමතිවරයකු විශ්වාස කල නොහැක. එඩිතර තීරණයට ගරුකරමු.
මේ සිදුවීම මෙතරම් කාලයක් ගතවෙනතුරු කිසිවෙක් නොදැන සිටියේ කෙසේද? මෙම සංගම් සහ සාමාජිකයන් සිටියේ කොහෙද?
වර්ථමාන සෞඛ්‍ය අමතිවරයා අත ගැසූ තැන බිහිවන්නේ සැකයයි.
සිංහලයින්ගේ දෙනෙත් විවර වීමෙන් පවතිනු දැකීම මහත් සතුටට කාරණයක්..
මේ කරන්නේ දේශපාලනය, GMO ප්‍රශ්නය තියෙන්නේ රාජිත සමග, GMO අපි ඔයාලා ගැන හොඳට දන්නවා, කරුණාකරලා අර අසරණ මව්වරු ගැන හිතලා වැඩ කරන්න.
හොර තක්කදීන්ට රට බාරදීල දැන් විදවනවා 71 වසරක් ම මේ අපරාදය රටේ ජනතාව කරනවා
අපොයි ප' රාජිත..
මේතුමා ගැන කිසිදු විශ්වාසයක් මහජනතාව ලග නෑ මේතුමා අත ගහන හැම වැඩක්ම අසාර්ථකයි කට ඇරියොත් ඉවරයි.
මාරාවතාර...
දුෂිත දේශපාලකයන් ඉදිරියේ කෙලින් හිටගත් ජන පවුරක්. මෙයයි විය යුතු...
ඒකෙන්ම තේරෙනවා චෝදනා ඔක්කොම බොරු බව. මේකටනම් හොද මානව හිමිකම් චෝදනාවක් එයි.
කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත්කර එවන ලද කමිටුව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවත් එවැනි කමිටුවක් හමුවේ සාක්ෂි ලබාදීම කුරුණෑගල ශික්ෂණ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයම ප්‍රතික්ෂේප කරන බවත් ඒ පිළිබඳව රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව දැනුම් දුන් බවත්ය. අනේ මෙහෙම සෞඛ්‍ය ඇමති කෙනෙක්ට පුළුවන්ද ඇමතිකමක් කරන්න.
ඉතින් ජනාධිපති විශ්වාස කරන්න පුළුවන්ද...?
රෝහල පමණක් නොවෙයි, රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට එන රෝගීන්වත් ආරක්ෂා කළයුතුයි. එහෙම කළා නම් ඔය කියන වඳ සැත්කම් කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ...
සියලු රජයේ සේවකයෙ කොන්ද පන ඇතිව වැඩේ කරනවානම් ඔය ඇමතිලට ඕනේ විදියට නටන්න බැහැ.
කාවද අපි විශ්වාස කරන්නේ?