(ඩයනා උදයංගනී)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දින හතරක් පුරා උපවාසයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ එම උපවාසය මීට සුළු මොහොතකට පෙර අවසන් කළහ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වූ බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න මහතා විසින් ලිඛිතව දැනුම්දීමෙන් පසු උන්වහන්සේ උපවාසය අත්හැරීමට තීරණය කළහ.
මේ වන විට උන්වහන්සේ රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.




( ඡායාරූප - චමිල් රූපසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුර්ධීන් අස් උනේ නෑ නේද? ඇයි අතෑරියේ උපවාසේ?
ඉෂ්ඨ වෙන්න ඕනම ඉල්ලීම පැත්තක තියෙද්දි ඇයි හාමුදුරුවනේ උපවාසෙ අත්හැරියේ. මුළු රටම ඔබ වහන්සේට සහාය දක්වමින් හිටියේ.
හරි නාටකයේ ඒ නළුවෝ දෙන්නා අයින් වුණා කියමු. නමුත් ප්‍රධාන නළුවා තාමත් රංගපීඨයේ යහතින් සෙමෙන් වැජඹෙනවා නොවැ..
අපිට පව් මේ වගේ නාඩගම් බලන්න වුණු එකට...
අවසරයි අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ ගත් ඒ අභීත පියවර කෙරෙහි විශ්වාසය තබමින් අලුතෙන් ආණ්ඩුවක් බිහිකර ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් රට පුරා විවිධ තැන්වල උපවාස පටන් ගත්, පෙළපාලි ගිය, පාගමන් ආරම්භ කළ, විරෝධතා පැවැත්වූ අය දැන් අසරණ වෙනවා නේද ?
මුන් වහන්සේ අපවත් වුණා නම් තත්වය දරුණු වෙනවා. ඒත් මිනිසුන් පටන් ගත්ත සටන නවත්වන්න මේක නිමිත්තක් කර ගන්න අවශ්‍ය නෑ නේද? අපේ සිංහලයින් අසාධාරණයට විරුද්ධව සටන් කළ යුතුයි. ඒකට ඕන නොසැලෙන හොද දේශපාලන නොවන බුද්ධිමත් නායකත්වයක්...
මේවා පිටිපස්සේ කව්රු ඉන්නවද දන්නේ නැහැ. ගුණරත්නත් හරි නම් ඉල්ලා අස්වෙන්න ඕනෑ. කුහුඹියෝ පාර්ට් 2...
සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් තමන් දරණ ඇමති තනතුරුවලින් ඉවත් වීමට තීරණය කර ඇති අතර ඒ බව දැනුම්දීම සඳහා මාධ්‍ය හමුවක්ද කැඳවා ඇතත් තවම එය ආරම්භ වී නොමැති බවයි දැනගන්නට ඇත්තේ. එසේ අමාත්‍ය තනතුරු වලින් ඉවත් වූවත් ආණ්ඩුව පවත්වාගෙන යාමට දිගටම සහාය දෙමින් පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස ඔවුන් ක්‍රියාකරනු ඇති බව සඳහන්...
කෙනෙක් මැරෙනවා බලන් ඉන්න එක මේ අයට සැපක්... හාමුදුරුවන්ට අනතුරක් වෙනකම් බලාගෙන ඉන්නවා. මොවුන් මේ සිංහල නම්වලින් ලියන.... අල්ලා දෙවියන් ලඟට යන්න උඩ බලා ගෙන ඉන්න අය...
මටත් පව් කියලා හිතෙනවා මේ ගැන...
සමාවන්න අපේ හාමුදුරුවනේ. මම බෞද්ධයෙක්. නමුත් වියයුත්තේ ඕක නෙවෙයි. රටේ නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වීමයි. අපිට සිංහල රටට වඩා ශ්‍රී ලාංකීය රටක් අවශ්‍යයි. උපවාස කරමු. මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ඔබ වහන්සේට නිරෝගී සුව...!!!
තමන්ගේ රට ජාතිය අනතුරේ වැටිලා තියෙද්දිත් දේශපාලන වහල්ලු තවමත් බෙදිලා එක එක්කෙනාට ඇගිල්ල දික්කරගන්නවා.
මොහොමඩ් නබිතුමාගේ පුද්ගලික මතය තමයි කුරානේ තියෙන්නේ.. ඒක සාධාරණී කරණය කරන්න යොදපු උප්පරවැට්ටිය තමයි කවුරුත් නොදැකපු දෙවියන්...
මේවා දකිනකොට ගිහියෝ වන අපිට සසරම කලකිරෙනවා දෙයියනේ...