IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


රතනහිමියෝ උපවාසය අත්හරිති

(ඩයනා උදයංගනී)
 
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දින හතරක් පුරා උපවාසයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ එම උපවාසය මීට සුළු මොහොතකට පෙර අවසන් කළහ.
 
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වූ බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න මහතා විසින් ලිඛිතව දැනුම්දීමෙන් පසු උන්වහන්සේ උපවාසය අත්හැරීමට තීරණය කළහ.
 
මේ වන විට උන්වහන්සේ රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
 
 
 
( ඡායාරූප - චමිල් රූපසිංහ)



අදහස් (28)

රතනහිමියෝ උපවාසය අත්හරිති

මම නොවන මම Monday, 03 June 2019 09:38 AM

බදුර්ධීන් අස් උනේ නෑ නේද? ඇයි අතෑරියේ උපවාසේ?

:       0       0

දිලුම් Monday, 03 June 2019 09:40 AM

ඉෂ්ඨ වෙන්න ඕනම ඉල්ලීම පැත්තක තියෙද්දි ඇයි හාමුදුරුවනේ උපවාසෙ අත්හැරියේ. මුළු රටම ඔබ වහන්සේට සහාය දක්වමින් හිටියේ.

:       0       0

jayath Monday, 03 June 2019 09:45 AM

හරි නාටකයේ ඒ නළුවෝ දෙන්නා අයින් වුණා කියමු. නමුත් ප්‍රධාන නළුවා තාමත් රංගපීඨයේ යහතින් සෙමෙන් වැජඹෙනවා නොවැ..

:       0       0

lalithm Monday, 03 June 2019 09:57 AM

අපිට පව් මේ වගේ නාඩගම් බලන්න වුණු එකට...

:       1951       2333

saliyaMonday, 03 June 2019 11:03 AM

ඔයා කොච්චර කිව්වත් මේ ආණ්ඩුව එක්ක එකතුවෙලා ට්‍රයි කරන ඊලාම් සිහිනය ඉටුවෙන්නේ නෑ...

:       27       207

athuraTuesday, 04 June 2019 04:20 AM

ඊලාම් සිහිනය වෙන එකක්.... මෙතන තියෙන්නේ මුස්ලිම් ප්‍රශ්නයක්...

:       0       1

sirimal Monday, 03 June 2019 10:02 AM

අවසරයි අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ ගත් ඒ අභීත පියවර කෙරෙහි විශ්වාසය තබමින් අලුතෙන් ආණ්ඩුවක් බිහිකර ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් රට පුරා විවිධ තැන්වල උපවාස පටන් ගත්, පෙළපාලි ගිය, පාගමන් ආරම්භ කළ, විරෝධතා පැවැත්වූ අය දැන් අසරණ වෙනවා නේද ?

:       944       233

ThusharaMonday, 03 June 2019 10:43 AM

උන්වහන්සේ අපේක්ෂාකළ දෙය සිදු වුණා. ඔහෙට ඕනෑ උන් වහන්සේ අපවත් වෙනවා බලන්නද?

:       32       1317

sirimalMonday, 03 June 2019 11:29 AM

කෙසේවත් නැහැ. පුවත්පත් නිවේදනය දුටුවා වුනත් පූජ්‍ය රතන ස්වාමීන් වහන්සේ කාලෙන් කාලෙට එක එක පක්ෂ සමඟ කටයුතු කළ නිසා උන්වහන්සේගේ මේ මාරාන්තික උපවාසයෙන් ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියා තෝරාබේරා ගැනීමේ අපහසුතාවයක් නම් තිබුණා. හිස්බුල්ලා, බදුර්දීන් සහ අසාද් සාලි කාලයෙන් කාලයට හැම ආණ්ඩුවක් සමඟම එකතුවෙමින් දැන් ඔය චෝදනාවට ලක්වෙන විල්පත්තුව, ෂරියා විශ්ව විද්‍යාලය වගේ වැඩ කටයුතු ඒ ඒ ආණ්ඩුවල උපකාරය සහ ආශීර්වාදය සහිතව ආරම්භ කළ බව කවුරුත් දන්නා දෙයක්... පූජ්‍ය රතන ස්වාමීන් වහන්සේ සහ දැන් ඔය උන්වහන්සේගේ උපවාසයට උල්පන්දම් දෙන අනෙකුත් අය ඒ කාලයේ මේ තුන් කට්ටුවේ වැඩ කටයුතු පිළිබඳව නිහඬව සිට දැන් ඒ ගැන උඩ පනින්න හේතුව මොකද්ද කියන එකයි වටහා ගන්නට අමාරු කාරණය... ඇත්තම කියනවා නම් මට නම් හිතුනේ ඔවුන්ගේ උත්සාහය ආණ්ඩුව වෙනස්කර පොහොට්ටු කණ්ඩායම බලයට ගෙන ඒම කියලයි.

:       1264       1187

saliyaMonday, 03 June 2019 11:15 AM

ආණ්ඩුව පෙරලීමේ වුවමනාවකට නෙවෙයි... මේක කෙරුවේ පාස්කු ඉරිදා මැරිච්ච අය, තුවාල වුනු අය, ගර්භාෂ යුද්ධයට අහුවෙච්ච අම්මලට හරි විදියට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ ලබාගන්න කරපු දෙයක් විතරයි.

:       18       603

UdayaMonday, 03 June 2019 11:19 AM

රතන හාමුදුරුවන්ගේ මේ උපවාසය අලුතෙන් ආණ්ඩුවක් බිහිකිරීම නොවෙයි. ඔක්කොම දේවල් එකට පටලවාගන්න එපා.

:       109       574

BamunuarachchiTuesday, 04 June 2019 12:28 PM

සිරිමල් ගොයියා තමන්ගේම නැට්ට කටින් අල්ලගන්න හදනවා. ඉතින් එකතැන කැරකෙනවා.

:       0       0

කසුන් Monday, 03 June 2019 11:56 AM

සිරිමල් අයියේ, දැන්වත් ඔය පාට කණ්ණාඩි වලින් බලන එක නවත්තලා යථාර්ථවාදීව බලන්න දැන්වත් පුරුදු වෙන්න...!!

:       63       170

BamunuarachchiMonday, 03 June 2019 04:45 PM

මේ ආණ්ඩුව මකබෑවෙන එක වයිමටවත් නවත්වන්න බැහැ.

:       228       7

athuraTuesday, 04 June 2019 04:22 AM

බමුණා නැට්ටටම හිරවෙලා ඉන්නේ... කොහොම හරි අරගොල්ලෝ ගෙනැල්ලා නැතිවූ ටික හම්බ කර ගන්නකන් ඉස්පාසුවක් නැතුව ඉන්නේ.

:       29       66

BamunuarachchiTuesday, 04 June 2019 12:18 PM

අපේ ජාතික ගීය නැතිවුණා. මේ සිංහල අපගේ රටයි කීම නැති වුණා. සිංහල දරුවන්ගේ බෝවීම වඳකර හම්බ බෝවීම වැඩි වුණා. ඒ නිසයි ඉස්පාසුවක් නැතිව බලාගෙන ඉන්නේ. ඔය හැඟීම් එන්නේ ජාතියට ආදරය කරන අපිට මිසක් සිංහල නම් වලින් පෙනීසිටින අයට නොවෙයි.

:       2       37

දිලුම් Monday, 03 June 2019 10:27 AM

මුන් වහන්සේ අපවත් වුණා නම් තත්වය දරුණු වෙනවා. ඒත් මිනිසුන් පටන් ගත්ත සටන නවත්වන්න මේක නිමිත්තක් කර ගන්න අවශ්‍ය නෑ නේද? අපේ සිංහලයින් අසාධාරණයට විරුද්ධව සටන් කළ යුතුයි. ඒකට ඕන නොසැලෙන හොද දේශපාලන නොවන බුද්ධිමත් නායකත්වයක්...

:       96       786

ven.R.AthureliyaMonday, 03 June 2019 05:15 PM

මම අපවත්වුණත් ප්‍රශ්නයක් නැහැ. රටේ තියෙන සියලුම ප්‍රශ්න විසඳෙයි නම්... එහෙම නොවුණොත් මම යකෙක් වෙලා ඇවිත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලුවන් 225ම.....

:       9       1

Ruwan Monday, 03 June 2019 10:57 AM

මේවා පිටිපස්සේ කව්රු ඉන්නවද දන්නේ නැහැ. ගුණරත්නත් හරි නම් ඉල්ලා අස්වෙන්න ඕනෑ. කුහුඹියෝ පාර්ට් 2...

:       0       0

sirimal Monday, 03 June 2019 11:17 AM

සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් තමන් දරණ ඇමති තනතුරුවලින් ඉවත් වීමට තීරණය කර ඇති අතර ඒ බව දැනුම්දීම සඳහා මාධ්‍ය හමුවක්ද කැඳවා ඇතත් තවම එය ආරම්භ වී නොමැති බවයි දැනගන්නට ඇත්තේ. එසේ අමාත්‍ය තනතුරු වලින් ඉවත් වූවත් ආණ්ඩුව පවත්වාගෙන යාමට දිගටම සහාය දෙමින් පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස ඔවුන් ක්‍රියාකරනු ඇති බව සඳහන්...

:       5       217

keppetipola Monday, 03 June 2019 11:29 AM

කෙනෙක් මැරෙනවා බලන් ඉන්න එක මේ අයට සැපක්... හාමුදුරුවන්ට අනතුරක් වෙනකම් බලාගෙන ඉන්නවා. මොවුන් මේ සිංහල නම්වලින් ලියන.... අල්ලා දෙවියන් ලඟට යන්න උඩ බලා ගෙන ඉන්න අය...

:       0       305

amali Monday, 03 June 2019 11:38 AM

මටත් පව් කියලා හිතෙනවා මේ ගැන...

:       0       9

saman. Monday, 03 June 2019 11:38 AM

සමාවන්න අපේ හාමුදුරුවනේ. මම බෞද්ධයෙක්. නමුත් වියයුත්තේ ඕක නෙවෙයි. රටේ නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වීමයි. අපිට සිංහල රටට වඩා ශ්‍රී ලාංකීය රටක් අවශ්‍යයි. උපවාස කරමු. මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ඔබ වහන්සේට නිරෝගී සුව...!!!

:       143       17

BamunuarachchiMonday, 03 June 2019 04:53 PM

සිංහල අපි ශ්‍රී ලාංකික කියා දියාරු වෙන්නේ මොන බම්බුවකටද? සුළුජාතින් මේ රටේ ඉන්න ඕනේ නම ශ්‍රී ලාංකික විය යුතුයි. එ්ත් සිංහල අපි, යුනෙස්කෝව ලෝක උරුමයක් ලෙස රකින්න හදන ඒ සිංහල භාෂාවේ අයිතිකරුවන් කියා ලෝකෙට පෙන්වමු. මේ සිංහල අපගේ රටයි. අපි සිංහලයෝ...

:       170       317

Neil Monday, 03 June 2019 02:29 PM

තමන්ගේ රට ජාතිය අනතුරේ වැටිලා තියෙද්දිත් දේශපාලන වහල්ලු තවමත් බෙදිලා එක එක්කෙනාට ඇගිල්ල දික්කරගන්නවා.

:       0       1

hira Tuesday, 04 June 2019 04:45 AM

මොහොමඩ් නබිතුමාගේ පුද්ගලික මතය තමයි කුරානේ තියෙන්නේ.. ඒක සාධාරණී කරණය කරන්න යොදපු උප්පරවැට්ටිය තමයි කවුරුත් නොදැකපු දෙවියන්...

:       0       10

thridu Tuesday, 04 June 2019 10:56 AM

මේවා දකිනකොට ගිහියෝ වන අපිට සසරම කලකිරෙනවා දෙයියනේ...

:       0       1

BamunuarachchiTuesday, 04 June 2019 12:20 PM

සිංහල බෞද්ධ රටේ මුස්ලිම් අය බෞද්ධ පූජා භාණ්ඩ විකුණන විට සසර කලකිරෙන්නේ නැද්ද?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site