( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු වී ඇති සියලු පෙත්සම් සත් සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (06) තීරණය කළේය.
මෙම පෙත්සම් සියල්ල ජාතික වැදගත්කමකින් යුතු කරුණක් ලෙස සලකමින් අගවිනිසුරු මෙම පෙත්සම් සත් සාමාජික විනිසුරු මඩුල්ල ඉදිරියේ කරුණු තහවුරු කිරීමට තීන්දු කර ඇති අතර ඒ අනුව එම පෙත්සම් සියල්ල ජුලි 12 වැනිදා සත් සාමාජික විනිසුරු මඩුල්ල හමුවේ කැදවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මීට පෙර මෙම පෙත්සම් කැදවූ අවස්ථාවේදී නීතිපති හා පෙත්සම්කාර පාර්ශව ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටියේ පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙසය.
එම ඉල්ලීම් සියල්ල සලකා බලමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම තීන්දුව ගත් බව එම ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ පියෙකු ගොනු කළ පෙත්සම, සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු විසින් ගොනු කළ පෙත්සම ඇතුළු පෙත්සම් කිහිපයක් අද (06) ශෙු්ෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාව වේදී මෙම දැනුම්දීම සිදු කරන ලදී.
සිසිර ද ආබෘ , ගාමිණී අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.
අද දින මෙම පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර පාරශවයට නීතීඥ ගාමිණී පෙරේරා, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන යන මහත්වරු ද, වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පති වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍ර්මරත්න සහ නීතීඥ විරාන් කොරයා යන අයද පෞද්ගලිකව පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්. රටේම අවාසනාවට ඉතා අකාර්යක්ෂම කෙනෙක් නිසා රජයේ නිලධාරීනුත්, මිනිස්සුත් සාපය විඳිනවා. ඇත්ත කියන්නට ඔබට ජවය , බලය, ශක්තිය ලැබේවා.
මේ හාල් මැස්සෝ දෙනෙක් අල්ලාගෙන වැඩක් තියනවද ? අල්ලනවනම් අල්ලන්න ඕනේ ලොකු මෝරු දෙන්න
මට නම් හිතෙන්නේ මේ අයට කලින් මේ අයව පත් කල අය ගැන කටයුතු කලොත් හොදයි කියලයි.
මෙතනත් හාල්මැස්සන් තමයි කොටුවෙලා ඉන්නේ. ඇයි මේ නඩුවට ලොකු අය කොටුකරගන්න බැරි? ඔවුන්ටත් මේ වගකීමෙන් බේරන්න බැහැ. ජනාධිපති හා අගමැති අතර පෞද්ගලික බල අරගල තියන්න පුළුවන්. නමුත් එක හේතුවක් කියමින් මග හරින්න බැහැ. මොකද්ද ඔවුන් ජනවරමෙන් සහ ව්‍යවස්ථාවෙන් බැදී ඉන්නවා ජනතාව සහ රට ආරක්ෂා කරන්න.
ලොකු මහත්තයා ගැන කවුරුවත්, කිසිම කාතාවක් නැහැනේ?. ඔහු නිෂ්පාදනය කරන ටෙලි ඩ්‍රාමා බලමින් සතුටින් ජීවත් වෙනවා. ඒකද වෙන්න ඕනා?
මේ දෙදෙනාම කල යුත්තේ උසාවි ගානේ නොගොස්, තමන්ගේම හෘද සාක්ෂිය අනුව ක්‍රියා කිරීම බවයි මගේ අදහස. සමහරක්ගේ මතයට අනුව රටේ ජනාධිපතිවරයා මේ සිද්ධියට වග කිව යුතුයි. නමුත් ප්‍රයෝගික වශයෙන් ජනාධිපතිවරයාට රටේ එදිනෙදා සිදුවන සියලු කටයුතු ගැන සොයා බැලිය නොහැක. ඔහු එවැනි වගකීම් යුධ හමුදාපති, පොලිස්පති, ඇමතිවරු වැනි අයට අනුයුක්ත කර තිබේ. එබැවින්, මෙවැනි අවස්ථාවකදී වගකීම භාර ගත යුත්තේ වගකීම් දරන නිලධාරීන්ය.
රජයේ සේවකයන්ට නිලධාරීන්ට ඔහොම විය යුතුයි තමාගේ රාජකාරිය නොකරනවානම්.