(නිමල කොඩිතුවක්කු)
පාස්කු ප්‍රහාරය ගැන විභාග කරන කමිටුව හමුවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන සතියේ කැඳවීමට නියමිතය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවන්නේ මේ වනවිට එහි හෙළිව ඇති තොරතුරු පිළිබඳව කරුණු විමසීමටය.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුතු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉකුත් බදාදා සාක්ෂි විභාගය ආරම්භ කරනු ලැබීය.
කතානායක කරූ ජයසූරිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ගනු ලැබූ තීරණයකට අනුව ඉහත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත කරන ලදී.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන කණ්ඩායමේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට 2018 ජූනි මස 02 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වශයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගනු ලැබූ වරෙන්තුව සහ ඉන් පසුව අනුගමනය කළ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන් අර නීතිය නැමුව වගේ නියමෙට නමලා කාගේ හරි ඔඩ්ඩෝකුවකට දාන්ඩ වගේ යන්නේ...
මෙයා කොහොමද ඔච්චර ඉක්මනට ඔහොම තැනකට එන්නේ? පහුගිය ටිකේ ගියේ රෝද පුටුවෙන්නේ, බෙල්ලේ කොලර් එකකුත් දාලනේ තිබුනේ... ඇප ලැබුණු හැටියම හොඳ වුණාද?
අර කුමාරයෙක් වගේ නමක් තියෙන මාස ගානකින් කාපු නැති පෙනුමක් තියෙන එකෙක් ගෙනත් එක්කෙනෙක් මාව මරන්න හදනෝ ගාලා අන්තිමට සෑහෙන්න් ජීවිත රටට අහිමි කරා සැබෑ මෙහෙයුම් අච්චාරුවක් කරලා. ඒ මදිවට කුරුණෑගලිනුත් කුමාරයා මතුවෙනවා. අන්තිමට විනාශ වුනේ රට. නූගත් මිනිස්සු ඉහලම පුටුවල වාඩි කරහම වෙන විනාශය තමයි ඉතින්.
විඳින්නට වූ දුෂ්කර අත්දැකීම් අමතක කර, පැත්තක් නොගෙන, දන්නා සියලු දෙය අප හට හෙළි කරන්න. වැරදි කල අය, ලොකු, පොඩි භේදයකින් තොරව හෙළි විය යුතුය.
කැඳෙව්වට කමක් නැහැ. මොකද ඔය කියන කාර්යාලය ඇතුළට රෝදපුටුවකින් එන්න හොඳට පිළිවෙල කරලා තියන්න. මොකද ඇප ලැබෙන කම් හිටියේ ඔන්න පණනල යයි, මෙන්න පණනල යයි කියලා දාගන්න පුළුවන් ඔක්කොම වෙළුම් පටි දාගෙනනේ රෝදපුටුවේ... නමුත් ඇප ලැබිලා එළියට ආවා විතරයි ඔක්කොම වෙළුම් පටි ගලෝගෙන යස අගේට කාර් එකට නැග්ගේ... ඉතින් ඔතැනට එන්නෙත් එහෙම තමයි. ඇහුවොත් තනතුර උසස් ආරක්ෂක නිලධාරියෙක්.. නමුත් ශරීර යෝග්‍යතාවය බින්දුවයි.. ශරීර යෝග්‍යතාවය නැති මෙවන් කැඳයින්ව පත්කරගත් හරකුන්ව එලවන්න ඕනේ මුලින්ම...