( තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමන්ව පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම වළකාලමින් ජනාධිපතිවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ( 29) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි.
නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපති , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සීඩී වික්‍රමරත්න, ව්‍යවස්ථාදායක සභාවේ සභාපති සහ කතානායක වන කරූ ජයසූරිය ,එහි සාමාජිකයින් වන අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,ආර් .සම්බන්ධන් , ජාවේඩ් යූසුෆ්, එන් සෙල්වකුමරන්,බිමල් රත්නායක, සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.
තමා පොලිස්පති ධූරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා ඉකුත්දා කළ නියෝගයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ද පෙත්සම්කාර පොලිස්පතිවරයා සිය පෙත්සමේ සඳහන් කර ඇත.
පෙත්සම්කරු සිය පෙත්සමින් වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා තමන් ඉකුත්දා අනිවාර්ය නිවාඩු යවමින් කළ නියෝගය අත්හිටුවන ලෙසත් පෙත්සම් විභාගය අවසන් වන තුරු තමා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා මාරයිනේ....
සියලු ආයතන විධායක බලය හා අභිමතයට අනුගතවීම නිරායාසයෙන්ම සිදුවේ. මේවායින් වැඩක් සිද්ධ වන්නේ නැත. ඔලුව පාත් කළොත් තානාපතිකමක්වත් ගන්න බැරි වෙන එකක් නැහැ...
කමොන් යුගයේ වීරයා... කුජීතම වෙලා තමා යන්නේ.. මෙහෙමත් කෑදරකමක් දේශපාලනය කරන්නන්ගේ ගති ලක්ෂණමයි මෙයාටත් තියෙන්නේ... ජය වේවා!!!
ඔබ හරි වරදකරුවන් මිස අනෙක් අය දඬුවම් විඳිය නොයුතුය. රටේ ආරක්ෂාව ගැන සිතිය යුත්තේ නිලධාරින්ට කලින් බලධාරින්ය.
ගිරවුන්ට රන් මාල පැලඳුවාම වෙනදේ කවුරු කවුරුත් හොඳින් දන්නා දෙයකි...
ඔබතුමා අසාර්ථක පොලිස්පතිවරයෙක් බවට විවාදයක් නැත. එහෙත් තමන්ගේ අසාර්ථකත්වය වසා ගැනීම ජනාධිපතිවරයා විසින් ඔබතුමාව බිලිදීම අපි කිසිසේත් අනුමත නොකරමු. අසාධාරණයට විරුද්ධව නැගීසිටීම වෙනුවෙන් අපි ඔබට ජය පතමු.
අසුන්දරත්වයෙන් පිරි අපෙ මේ අපූජිත ...// නැටුමට, ගායනයට හොඳ දක්ෂයෙකි අපූජිත ...// තනතුරේ ගරුත්වය නැතිකළේ හැමදාම ...// කූඩැල්ලා තැබිය නොහැක මෙට්ටේ උඩ...//
පොලිස්පතිවරයා තම ධුරයේ තව දුරටත් සිටිනවද? නැද්ද? යන්න උසාවිය නොව, ඔහු විසින් තමන්ගේම හෘදසාක්ෂිය අනුව තීරණය කළ යුතු දෙයක් යයි සිතමි.
19 සනීපද? 15 ප්‍රතිඵල 21 දුන්නා..
නැහැ නැහැ... ඔබතුමා හරි. ග්‍රාමසේවක සිරිසේන කලේ වැරදි වැඩක්. එයාගේ වැරැද්ද වහන්න දෙන්නෙක් ගෙදර ඇරියා.
අඩුම ගානේ විලිබිය කියන වචනේ තේරුමවත් දන්නවා නම් ආයිත් මේ යුනිෆෝර්ම් එක අඳින්න පුලුවන්ද?
මෙයා පොලිස්පතිද? වැඩ තහනම් කළ කෙනාද? ගෝඨා, මේජර් ජෙනරාල්ලා 15ක් විතර එක පාන් පාරින් ගෙදර යැව්වේ? සිරාට බැරිද එලවන්න. මොකටද සිරා ඉන්නේ? මේ වගේ වැඩක්වත් රනිල් එක්ක එකතුවෙලා කරන්න බැරිනම්... මොලේ කොලොප්පන් වෙනවා.
කිසිම චාරයක් නැහැ. පොලිස්පතිකමට නෙමේ කවටයගේ චරිතෙට හොඳයි..
භාවනාව, බනපොත... ඉදිරියට දාගෙනම එද්දී අපි දැනගත්ත නොගැලපීමක් ඇතිබව.
ඔබ පොලිස්පති ධුරයට සුදුසු නැති බව මුළු රටම කියද්දී ඔබට එය තවම වැටහිලා නැතිවීම කණගාටුවට කරුණකි.
එතකොට අර මරුන 250/300 කගේ මූලික අයිතිවාසිකම් ගැන කාට එරෙහිවද අතුරු නියෝගයක් ඉල්ලන්ඩ පුළුවන්.
තනතුර ආරක්ෂා කරගන්න විතරද ඕනේ? තනතුරට අදාල රාජකාරී පැහැර හරිමින් අහිංසක ජීවිත වල වටිනාකම් මායිම් නොකළ මේ වගේ අය ඉඳීමෙන් ප්‍රයෝජනයක් තියෙනවා ද?
ජනපතිගෙ වැරදි වහගන්න පොලිස්පති නිවාඩු යවපු එක වැරදියි. ඔබට සාධාරණය ඉෂ්ඨ වේවා.
අධ්‍යක්ෂක නාමල් කුමාර නාටකය ඔක්තොබර් 26 සිට
මෙයත් මෙයාව දාපු කෙනා වගේමයි. එලෙව්වත් යන්නේ නැහැ.
ඔබතුමාගේ භාවනාව කරගෙන ඉන්න හොඳම අවස්ථාව
අහිංසක මිනිස්සු 300 අසන්න ගානක් නැති කරා. වෙන රටවලනම් මොහු සිටිය යුත්තේ සිරබාරයේ .මොකද ISIS ගහනව කියල දැනගෙනත් ඒවාට ක්‍රියාමාර්ග ගත්තේ නැති නිසා...
කවුරුත් දන්නවා ඔබට ලොකු හයිය අත්තක් තියන බව. එත් රාජකාරිය දේවකාරියක් බව ඔබ සලකා තනතුරේ නාමයෙන් වහාම ඉවත් වන්න. නැත්නම් රට තව දුරටත් අනාථ වේවි.
ලැජ්ජා නැතිකම පොලිස්පතිකමටත් වඩා ලොකුයිලු.
පොලිස්පතිතුමනි, ඔබ ඉල්ලා අස්විය යුතු.. නෑ... අස්විය යුත්තේ ඔබට අණදෙන්නා පමණි.
පොලිස්පති බොරු නොකියන හොඳ සිංහල, බෞද්ධයෙක් එම නිසා අපි රැකගත යුතුයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර කාටවත් උදව් කලේ නෑ.. විශේෂයෙන් ඇමතිලාට, මන්ත්‍රීලාට .යූ.එන්.පී..යේ හා විරුද්ධ පක්ෂයේ හා අනෙකුත් පක්ෂවල හා යහළුවන්ට හා නෑයන්ට.. එ්කයි අද මෙයා ...තනිවෙලා...ඉන්නේ මේවා කාටකාටත් හොඳ පාඩම්...!!!
මෙතුමා හොඳ බෞද්ධයෙක්.. එමනිසා ධර්මය රකින්නා ධර්මයෙන්ම රැකේවි...!! ඔබතුමාට තුනුරුවන්ගේ සරණයි ...!!!
ආරක්ෂක ඇමති ලෙස ඉල්ලා අස්විය යුත්තේ සිරිසේනයි. ඔහු ඉවත් කිරීම සාධාරණත් නැහැ.. නීත්‍යානුකූලත් නැහැ.. ඔහු ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තු යෝජනාවකට අනුවයි. ජනපති තමන්ගේ වැරදි අනුන් පිට දානවා. පුදුමයි සමහරු ලියන කොමෙන්ට් විධායක ජනපතිකම ඉතාම භයානක බව මේකෙන්ම පේනවා... 19 වැනි සංශෝධනය නිසා තරමක් හරි ඔහුව පාලනය වෙනවා ජනපතිට ඕනෑ ජරා වැඩකර අනුන් පිට පවරන්න පුලුවන් වගේ පූජිත ඔබ රටේ මූලික නීතිය අනුව මානව හිමිකම් නඩු දාපු එක හරි...