(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුදල් අමාත්‍යංශයේ  ප්‍රවෘත්ති  අධ්‍යක්ෂවරයාගේ නිවසේ තිබී  බෝර 12 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 93 ක් සමඟ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසය කියයි.

මල්වත්ත, මල්වානේ පිහිටි  ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී  ජීව උණ්ඩ සොයාගෙන ඇත.

යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව බියගම පොලිස් වසමේ මෙම සෝදිසිය   සිදු කර තිබේ.

සැකකරු මේ වන විට  බියගම පොලීසියේ රඳවා ප්‍රශ්න කිරීම් සිදු කරන බව ද පොලීසිය පැවසීය.