(එෆ්.අස්ලම්)
ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට මුහුණ දීමට ඇති තත්වය සහ ජාතික ගැටලුවට දේශපාලන විසදුම් ගෙන ඒම ඇතුළු කාලීන තත්වය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සදහන් කරයි.
ඉන්දීය මහ මැතිවරණයෙන් දෙවන වරටත් අග්‍රාමාත්‍යධූරයට පත් නරේන්ද්‍ර මෝදි මහතා ඉරිදා (9) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර මෙදින පස්වරුවේ ඉන්දීය තානාපති කාර්යාලයදී දෙමළ ජාතික සන්ධාන පිරිවරද හමුවීමටද නියමිතය.
එම හමුව සහ සාකච්ඡා කරනු ලබන කරුණු කාරණා පිළිබද ලංකාදීපය වෙත අදහස් පළ කරමින් සුමන්තිරන් මහතා මේ බව සදහන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමගින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, දෙමළ හා මුස්ලිම් ජනතාවට මුහුණපෑමට සිදුව ඇති ගැටළු, ජාතික අර්බුදයට දේශපාලන විසදුම් ගෙන ඒම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම් හා නැවත පදිංචිකිරීම්, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ් රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීම ඇතුළු කාරණා පිළිබද සාකච්ඡා කරන බවද සුමන්තිරන් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටක් හොයන්න යන්න, මේ දෙගොල්ලටම මෙහෙ ඉන්න දීලා අපි වෙන රටකටවත් යමු නැත්නම් මේ ප්‍රශ්නේ ඉවරයක් වෙන්නේ නැහැ.
උතුරෙන් හමුදාව ඉවතරගනු කියනවා , අයෙත් බෝම්බ ගහනකොට හමුදාව නැවත උතුරට ගෙනෙනු කියනවා , ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය,දෙමළ හා මුස්ලිම් ජනතාවට මුහුණපෑමට සිදුව ඇති ගැටළු ගැන කතාකරන්න ඕන කියනවා . මට තේරෙන්නේ නැහැ දැන් මේ රටේ කාටද වැඩිම ප්‍රශ්න තියෙන්නේ ? සිංහල මිනිසුන්ට තමන්ට මේක සිංහල බෞද්ධ රටක් කියල කියාගන්නවත් බැහැ. නායකයොත් එහෙම කියනවට විරුද්දයි.
එදාට සිංහල මිනිස්සුන්ට මුහුණ දීමට සිද්ධ වෙලා තියෙන සංගෙඩියත් කියලා දීපල්ලා...
ඔවුන්ට නැති අපට වැඩියෙන් තියෙන්නේ මොනවද? හැම දෙයක්ම සමානව ලැබෙනවා. එයාලට රටේ ඕනෑම තැනක පදිංචි වෙන්න පුළුවන්, ව්‍යාපාර කරන්න පුළුවන්, කිසි බයක් නැතිව අපිට යාපනේ හරි කල්මුණේ හරි පදංචිවෙන්න පුළුවන්ද..? ව්‍යාපාර කළ හැකිද..? ඔවුන්ට කප්පන් ගෙවන්නේ නැතිව.. මෙතන තියෙන එකම ප්‍රශ්නය භාෂා දෙකේ ප්‍රශ්නයයි? සිංහල අය, දෙමළ ඉගෙන ගන්න ඕනෑ, දෙමළ කථා කරන අය සිංහල ඉගෙන ගන්න ඕනෑ... එ්ක නොවෙනකම් මෙම ප්‍රශ්නය ඉවර කරන්න අමාරුයි. කුහක දේශපාලනය වවාගෙන කනවා දෙපැත්තේම අය... වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ... පරිපාලන ගැටළු මෙන්ම සංවර්ධන අඩුපාඩුත් දේශපාලනයේ යෙදෙන උන්ගේ කුහකකම නිසා තමයි අැතිවෙලා තියෙන්නේ... රට ඉන්න අයට එකම කාමරයේ එකම සේවා ස්ථානයේ සහෝදරයන් වගේ ලංකාවේ කියලා අාඩම්බරයෙන් ඉන්න පුළුවන් නම් අැයි මේක ලංකාවේදි ඉන්න බැරි? එ් කුහක දේශපාලනය නිසා මිස ජනතාවගේ ගැටළුක් නෙමෙයි...
රටෙන් පලවාහැරිය යුතුයි.
මේ මිනිහ කථා කරන්නැද්ද දන්නේ නෑ. ඔවුන් වගේම අනික් සුළුජාතින් වන මුස්ලිමානුවන්ගෙන් මේ රටේ අහිංසක මිනිසුන්ට වූ වේදනාව ගැන. ඔබ වැනි අයගේ බඩවියත රැකගන්න ගිහින් නුඹේ නාමයෙන් තවමත් රෝහල්වල දහදුක් විඳින තමන්ගේ ඇගේ මස්වැදලි එල්ලෙන අහිංසක මිනිසුන් සහ දරුවන්වත් පෙන්නන්න... ඔය ගමන්ම මෝදිව එක්ක ගිහින්. ඇයි මේ රටින් මකබෑවිලා යන්නෙ නැත්තේ?
මෙයා අංක එකේ හනුමන්තෙක්... ගිනි තියන්නමයි බලන්නේ. පාස්කු ප්‍රහාරයත් "සුළු ජාතීන්ට කලෙක පටන් සිදු වූ අසාධාරණයට ලද ප්‍රතිඵලයක්" කියලා කිව්වෙත් මෙයාමනේ. දෙමල ජනතාව විශේෂයෙන් මෙයා ගැන විමසිලිමත් විය යුතුයි. වපුරන විෂ නිසා තවත් ප්‍රභාකෙනෙකු බිහි වන්නටත් පුළුවන්...
උඩ බලාගෙන කෙල ගහන කට්ටිය .....තමන් උපන් රටට වින කටිනවා කියන්නේ තමන්ව මෙලොවට බිහි කල ඒ ආදරණිය මෑණියන්දා පාවල දුන්නා හා සමාන බව නොදන්නේද ?? රිලව් 225 ටම මෙය කියවීමට හැකිවේවා......
මේ අසත්පුරුෂයින් කරන්නෙම කෑ පතට ගරහන එක....
මෝදීට තියන ප්‍රශ්නයත් ඕකමයි. මෝදී එක්ක තමිල්නාඩුව දෙමල නිජබිම කියා වෙන්කර ගෙන ලංකාවේ සුළුජාතීක ප්‍රශ්නේ කතා කරමු. ඉන්දියාව විශාල රටක් දමිළයන් කෝටි ගණනක් ඉන්නවා. පළමුව ඒක වෙන් කරන්න ජනතාව පොලඹවන්නේ නැත්තේ ඇයි.
මේ ඔක්කොම ලොක්ක වෙලා ඔහොම යනකොට.....
බෝම්බ ගහලත් කරදරයක් නැතුව යහතින් ඉන්නවා කියලත් කියන්න!
මෝදි ඉන්දියාවේ අගමැති මිසක් ලංකාවේ අගමැති නෙවෙයි..... මිනිහෝ
සිංහල මිනිස්සුන්ට තමයි මේ දෙගොල්ලෝ නිසා කරදර විඳින්න වෙලා තියෙන්නේ... අපි තාම හරිනම් මුළු ලෝකෙටම පැමිණිලි කරන්න වෙලා තියෙන්නේ. පුළුවන් නම් කියන්න බලන්න මේ ලෝකේ මොන රටටද සිංහල මිනිසුන්ගෙන් කරදර වෙලා රටෙන් කෑලි ඉල්ලන්න යන්නේ.. මිනී මරන්නේ... ඉවසීම නෝන්ජල්කමට බාරගෙන...
අහන්න, කියන්න, බලන්න දෙයක් නැහැ. මෝදී දන්නවා සුළු ජාතීන්ගේ හැටි.. ඔවුන් ලෝකෙට ඔලුව නවන හැටි.... ඉන්න රටට ගරු කරන්න.
හනුමන්ගෙන් ප්‍රවේසම් වෙනු!
මෙයාට ඕනෑම මස් රාත්තලම තමා. යුද්දෙන් ගන්ඩ බැරිඋන දේ දැන් ගන්ඩ හදන්නේ. නරකද මොදිත් එක්ක පරම්පරාවම ඉන්දියාවට ගියොත්. හමුදාවට නිගා කරන්න එපා.
ලොකුම විහිලුව මේ කතාව....
ඔය ගතු කේලම් කියකියා ඉන්නේ නැතුව එහෙන් කෑල්ලක් ඉල්ලගෙන ගිහින් පදිංචි වුනානම් ඉවරයිනේ...
මෝදී දැන් ඔය සයිස් ගන්නේ නැත.
හොඳ වැඩක්...
මෙයාට පේන්නේ නැද්ද ලංකාව පුරාවටම දෙමළුන් ඉතාමත් සැපෙන් සිංහල මිනිසුන් එක්ක ජීවත් වෙනබව... හැබැයි සිංහලයාට මොවුන්ගේ තියරියට අනුව උතුරේ ජීවත්වෙන්න බැහැ. පෞරාණික අපේ වෙහෙර විහාර විවිධ ක්‍රමවලින් අාක්‍රමණය කරමින් සංහිඳියා බෝඩ් ලෑල්ලට මුවාවෙලා අපිට දෙන ගමන් මෝදිටත් මුට්ටිය අල්ලන්න යන්නේ...
මේ සුමන්තිරන් වගේ දෙමල කෙනෙක් අර පාස්කු බෝම්බ සිදුවීමේ ප්‍රශ්න ඇසීමේ කමිටුවට දැම්මේ ...? එජාපයේ ඇත්තෙම නැද්ද සිංහලයින්ට ආදරේ කෙනෙක්... ඒ වගේ වෙලාවකවත් ජාතිවාදී නොවෙන කෙනෙක් දාන්න...!!! අපේ රට කන්න එපා...!!!
බෞද්ධයන් කෙනහිලිකම් කරනවා කියලා ඔයතරම්ම කියනවා නම් මහනුවර මාලිගාවට අයිති ඉඩම්වල ඉන්න වහාබියන් ටිකයි, හදලා තියෙන පල්ලි ටිකයි, ගෙවල් ටිකයි අකුලාගෙන යන්න. ඔලු හෝදගන්න කාලේ හරි. මම දන්නේ නැහැ අනිත් පැතිවල කොහොමද කියලා... මහනුවර නගරයේ, පේරාදෙණියේ, මාවනැල්ලේ, කටුගස්තොට බහුතරයක ඉන්නේ පන්සල්වලට අයිති වෙලා තිබුණු ඉඩම්වලයි.
ඔයාලා හැමෝම හදන්නේ අපිව සුලු ජාතිය කරන්න නේද?
රැවුල ගිනි අරන් ඉන්න වෙලාවේ මෙයා එනවා සුරුට්ටු පත්තු කරන්න.
මහජාතියට වෙන අසාධාරණකම් කියන්න කිසිම කෙනෙක් නැහැනේ.
කේලාම් කියනවයි කියල මේ තර්ජනයක් නේද කරන්නේ? ඕවා කියල ආපහු මෙහෙ එනවට වැඩිය හොඳයි එහෙම නැවතුනානම් .. !!
මේ වගේ දේශපාලකයෝ, මෝඩි එන්නේ කේලම් අහගෙන යන්න නොවෙයි මිනිහෝ... නරකද උතුරේ මිනිස්සු වෙනුවෙන් අබ ඇටයක තරම්වත් දෙයක් කෙරුවොත්... මෝඩි ඇහුවොත් ඔයා මොනවද කරලා තියෙන්නේ කියලා.. උත්තරයක් දෙන්න වෙනවනේ. මතක ඇතුව අර දුප්පත් මිනිස්සු වෙනුවෙන් දීපු සල්ලි අපහු මහා භාණ්ඩාගාරයට යවපු එකත් කියන්න හොඳේ.
ඔය මොනවත් ඕන නැහැ සුමන්තිරන් මහත්තයෝ. ඔබතුමා තනිවම යාපනයට ගිහින් අපහු එන්නකෝ බලන්න. එහෙ දෙමළ අහිංසක මිනිස්සු ඉන්නේ ඔබ ඇතුළු දෙමල දේශපාලකයන්ව අල්ලගන්න තමයි. අල්ලලා හමගහනවාලු. මේ අයගේ පැවැත්ම සඳහා මේ අය සිංහලයින් සහ දෙමළ මිනිසුන් කොටවනවා. ආයේ දෙකක් නැහැ අපේ පැත්තේ සිංහල දේශපාලක නරුමයෝත් ඒකම කරනවා. ඒ ඡන්ද ටික රැකගන්න. නාගානන්ද කියනවා වාගේ මේ ඇවිල්ලා මංකොල්ල කාරයෝ වගයක් පාලනය කරන රටක්... සුද්දා අපිව නිදහස් කරද්දී අපි කාටවත් ණය තිබුණේ නැහැ. (සුද්දා රට කොල්ල කෑවා ඇත්ත, එ්ක වෙනම කතාවක්, නමුත් සුද්දා අපිව ණය කාරයන් කරලා නොවෙයි ගියේ) එදා ඉඳලා ආපු දුර්වල, මෝඩ, දූෂිත පාලකයින් නිසා අද අපි අන්ත අසරණ ණයකර ජාතියක් කරලා...
දෙමළ ජනතාව මොදි විරෝධි! හින්දි විරෝධි! මොනවාද මෝදිත් එක්ක කතාකරන්න යන්නේ? මෝදි දන්නවා දෙමළ අය ජාතිවාදී බව..
මමත් මෝදිට කියනවා ඉන්දියාවේ වැසිකිලි නැති මිනිසුන් ඉන්න බව... දුම්රිය ප්ලැට්ෆෝම් යට ගෙවල් නැති මිනිසුන් ඉන්න බව. අනුන්ගේ ප්‍රශ්ණ විසඳන්න කලින් ඒ අය ගැන හිතුවොත් හොඳ බව...
හරි නම් මේ දේශපාලකයෝ කරන්න ඕනේ මහාණ්ඩුවේ උපකාර ඇතුව උතුරේ ජනතාවගේ අධ්‍යාපන, මාර්ග සහ සෞඛ්‍යය පහසුකම් දියුණු කර ඔවුන් ආර්ථික, සමාජයීය වශයෙන් ශක්තිමත් කරන එක, නමුත් මොවුන් කරන්නේ ජාතින් භේද භින්න කරන එක, වතුකරයේ තොණ්ඩමන්ලා අවුරුදු 50-60 ඉඳන් කරන වැඩේ මේ ගොල්ලන් දැනට අවුරුදු 10ක ඉඳන් කරගෙන යනවා. කොළඹ කොටුවේ තිබෙන කඩ වලින් 80% අයිතිකාරයන් සුලුජාතින්, අපි මොකද ඔවුන්ට, යාපනයට හෝ මඩකලපුවට යන්න කියලා තර්ජනය කරනවද, නමුත් යාපනේ තිබෙන කඩවලින් 5% වත් සිංහල මිනිසුන්ට අයිතිද? යාපනේ ගෙදරක තරමක් විශාල බුදුගෙයක් හැදුවොත් මොවුන් යකා නාටාවි, කොළඹ කෝවිල්, පල්ලි කීයක් තිබෙනවද?... සිංහල අපිට නැති සුලුජාතිකයින්ට තිබෙන ප්‍රශ්න මොනවද? සුළු ජාතීනට බුර්කා ඇඳන්, එක එක වෛවාරණේ පල්ලි, ෂරියා විශ්ව විද්‍යාල හදාගෙන, අරාබිය වගේ ගොඩනැගිලි හදාගෙන රටඉඳි ගස් වවාගෙන ඕනේඕනේ විදිහට පහුගිය අවුරුදු 10 නටන්න දීපු එකේ විපාකේ අප්‍රේල් 21වෙනිදා දැක්කා නේද? අරාබිකරයේ තිබෙන මුස්ලිම් ක්‍රිස්තියානි යුද්ධයත් මෙහෙට ඇවිල්ලා, සන්හිඳියාව කියලා හිටියා හොඳටම ඇති, මේ එක එක ජතිවාදී නායකයන් සහ කල්ලිවලට විරුද්ධව තදින්ම ක්‍රියාත්මක විය යුතුයි. මුස්ලිම් අන්තවාදී පමණක් නොව ද්‍රවිඩ අන්තවාදීන් ගැනත් සොයාබැලිය යුතුයි..
මස් රාත්තලම ඉල්ලා සිටින මෙවන් දේශපාලකයන් රටෙන්ම පලවා හරින්න ඕනේ.. සමාදානය , සහජීවනේ ඕනේ සිංහල අපිට විතරද මෙරටේ.. මේ දෙමල දේශපාලකයන්ට එහෙම දෙයක් උවමනාවක් නැහැ. රටේ ප්‍රශ්න ඇතිකරලා ඒ මතින් තමන්ගේ දේශපාලනය කරන්න තම උවමනාව.
මුස්ලිම් ජනතාවට තිබෙන ගැටළු මෝඩිට කියන්න කලින් අපිට කියන්න.
මෝදි ඉන්දියාවෙ අගමැති..ලංකාවෙ නෙවේ
ඔය ඇඟිලිවලින් පෙන්වන ප්‍රමාණයට දෙකක් දාගත්තොත් මටත් මෝදිගාවට ගිහිල්ලා කතා කරන්න පුළුවන්...
සිංහල හිඟන දේශපාලකයෝ ඔක්කොම එකයි. දෙමල, මුස්ලිම් නායකයින්ට කැක්කුමක් තියෙනවා. හොඳ හෝ නරක වෙනකොට තමන්ගේ මිනිස්සුන්ට නමුත් සිංහල කවුරුවත් නෑ අපි ගැන කතාකරන්න. සිංහල ජාතියට නායකයෙක් නෑ. අපේ නායකයෝ කියාගත්තු ඔක්කොම අවජාතකයෝ ටිකක්... කලකිරිලා ඉන්නේ හැමෝම රට ගැන මේවා සේරම අතහැරලා වෙන රටකට ගිහින් කීයක් හරි හොයාගෙන තමන්ගේ පාඩුවේ ඉඳගෙන නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන්.. අපේ ලොකූයි කියාගත්තු අමනයන්ගේ අමන තකතීරු කතා අහලා ඇගේ ලේ ටික පුච්ච්ගන්නේ නැතුව අද හරියනවා හෙට හරියනවා කීවට අපේ රට හැමදාම මෙහෙම තමයි. හැමදාම අපේ දෙමාපියෝ අපිට කීවා අපි අපේ දරුවන්ට කියනවා හෙට හොඳවෙයි කියලා නමුත් එතනමයි.
අද ලංකාවේ සුළු ජාතිකයෝ සහ මහ ජාතිකයෝ යන සියල්ලෝම අමාරුවේ වැටිලා තිබෙන්නේ සුළු ජන කොටසක් නියෝජනය කරන අන්තවාදී කණ්ඩායමක් බෝම්බ ගසා තවත් සුළු ජන කොටසකට අයත් 250 කට වැඩි පිරිසක් මරා දැමීම මිසක්, මහ ජාතිකයන් විසින් සුළු ජන කොටසක් මරාදැමීම නොවේ. අවුරුදු 10 විතර මහ ජාතිය කල එකම වරද සුළුජාතික අන්තවාදී දේශපාලකයන්ට ඇමතිකම් වැනි දේවල් රජයේ ඉඩම් කප්පම් වශයෙන් දෙමින් ඔලුව නමාගෙන සිටීම.
සිංහල අපිටත් තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න මෝදි මහත්තයගෙන් වෙලාවක් ඉල්ලගන්න ඕනේ