IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අලුතෙන් බඳවාගත් අයට වැටුප් ගෙවන්න කෝටි 11ක අමතර වියදමක්

(ඩී.ජී. සුගතපාල)

දකුණු පළාතේ පාසල්වලට අලුතෙන් බඳවා ගන්නා  ලද  අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින්ට සහ අලුතෙන් පත්වීම් ලබාදුන් ගුරුවරුන්ට  වැටුප් ගෙවීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මසකට රුපියල් මිලියන 117 ක අමතර වියදමක් දැරීමට සිදුව තිබේ.

දකුණු පළාතේ පාසල් 1113ක් පිහිටා ඇත. පසුගිය මාසයේ  මෙම පාසල්වලට අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් 2543 දෙනෙකු සහ ගුරුවරුන් 934 දෙනෙකු බඳවා ගෙන ඇති අතර වැඩිම අනධ්‍යයන සේවකයින් බඳවා ගෙන ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් බව අනාවරණය වී තිබේ.

පාසල් කම්කරු, පාසල් මුරකරු, රසායනාගාර සේවක, පුස්තකාල සේවක, සනීපාරක්ෂක කම්කරු ආදි තනතුරු සඳහා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට සේවකයින් බඳවා ගෙන ඇත.

අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට බඳවාගත් 2543ට  වැටුප් ගෙවිම සඳහා මාසයකට රුපියල් මිලියන 84 ක් ද ගුරුවරුන් 934ට වැටුප් ගෙවීම සඳහා මාසයකට රුපියල් මිලියන 33 ක් ද වශයෙන් මෙසේ මාසයකට රුපියල් මිලියන 114 ක  අමතර වියදමක් දැරීමට සිදුව ඇත.



අදහස් (6)

අලුතෙන් බඳවාගත් අයට වැටුප් ගෙවන්න කෝටි 11ක අමතර වියදමක්

sarath Thursday, 30 May 2019 08:11 AM

මහනුවර ජාතික පාසල් කිහිපයකට කුරුනාගලින් බස් පිටින් අනධ්‍යන සේවකයෝ ගෙනත් දාල තියෙනවා. ඒ අය කුරුනෑගල සිට දිනපතා වෙනම බස් රථ වලිනේ පාසල්වලට පැමිණෙති, කිසිම වැඩක් කරන්නේ නැතිව , ඇමති ට ගොට්ට අල්ලලා ආපු කරුමක්කාරයෝ.

:       0       0

sharm warn Thursday, 30 May 2019 09:07 AM

ඉතින් මොකෝ?

:       0       0

මුණසිංහ Thursday, 30 May 2019 11:07 AM

ලංකාවේ පාසල් රසායනාගාර වල උසස් පෙළ විද්‍යා විෂය ධාරාව හැදෑරුවේ නැති කී දෙනෙක් රසායනාගාර සේවකයින් ලෙස සේවය කරනවද? බරපතල වැරැද්දක් එ්ක.

:       0       0

ගාල්ලෙග් Thursday, 30 May 2019 12:12 PM

මේ තනතුරු පිරවීම තරඟයට පළාත්සභාව කළේ.. මේවට වගකියන්න ඕනේ හිටපු අය... රජයෙන් සතයක්වත් දෙන්න එපා. අපරාදේ අනවශ්‍ය පත්වීම් රැසක් මේ අතර තියනවා...

:       0       0

vidya Thursday, 30 May 2019 04:45 PM

මේක හොඳ වැඩක්නේ... මුදල් මදිනම් අර 225 පහසුකම් වලට ගෙවන දීමනා කපලා අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්න ඕනෑ නම් ගුණවර්ධන ආචාර්යවරයාගෙන් මම කියන උපදෙස් හොඳද කියලා අහන්න.

:       0       0

sarath Friday, 31 May 2019 04:30 AM

මෙන්න මේවට තමයි පාර්ලිමේන්තු කොම්සමක් දාල ප්‍රසිද්ධියේ ප්‍රශ්න අහන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site