(ඩී.ජී. සුගතපාල)
දකුණු පළාතේ පාසල්වලට අලුතෙන් බඳවා ගන්නා ලද අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින්ට සහ අලුතෙන් පත්වීම් ලබාදුන් ගුරුවරුන්ට වැටුප් ගෙවීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මසකට රුපියල් මිලියන 117 ක අමතර වියදමක් දැරීමට සිදුව තිබේ.
දකුණු පළාතේ පාසල් 1113ක් පිහිටා ඇත. පසුගිය මාසයේ මෙම පාසල්වලට අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් 2543 දෙනෙකු සහ ගුරුවරුන් 934 දෙනෙකු බඳවා ගෙන ඇති අතර වැඩිම අනධ්‍යයන සේවකයින් බඳවා ගෙන ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් බව අනාවරණය වී තිබේ.
පාසල් කම්කරු, පාසල් මුරකරු, රසායනාගාර සේවක, පුස්තකාල සේවක, සනීපාරක්ෂක කම්කරු ආදි තනතුරු සඳහා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට සේවකයින් බඳවා ගෙන ඇත.
අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට බඳවාගත් 2543ට වැටුප් ගෙවිම සඳහා මාසයකට රුපියල් මිලියන 84 ක් ද ගුරුවරුන් 934ට වැටුප් ගෙවීම සඳහා මාසයකට රුපියල් මිලියන 33 ක් ද වශයෙන් මෙසේ මාසයකට රුපියල් මිලියන 114 ක අමතර වියදමක් දැරීමට සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ජාතික පාසල් කිහිපයකට කුරුනාගලින් බස් පිටින් අනධ්‍යන සේවකයෝ ගෙනත් දාල තියෙනවා. ඒ අය කුරුනෑගල සිට දිනපතා වෙනම බස් රථ වලිනේ පාසල්වලට පැමිණෙති, කිසිම වැඩක් කරන්නේ නැතිව , ඇමති ට ගොට්ට අල්ලලා ආපු කරුමක්කාරයෝ.
ඉතින් මොකෝ?
ලංකාවේ පාසල් රසායනාගාර වල උසස් පෙළ විද්‍යා විෂය ධාරාව හැදෑරුවේ නැති කී දෙනෙක් රසායනාගාර සේවකයින් ලෙස සේවය කරනවද? බරපතල වැරැද්දක් එ්ක.
මේ තනතුරු පිරවීම තරඟයට පළාත්සභාව කළේ.. මේවට වගකියන්න ඕනේ හිටපු අය... රජයෙන් සතයක්වත් දෙන්න එපා. අපරාදේ අනවශ්‍ය පත්වීම් රැසක් මේ අතර තියනවා...
මේක හොඳ වැඩක්නේ... මුදල් මදිනම් අර 225 පහසුකම් වලට ගෙවන දීමනා කපලා අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්න ඕනෑ නම් ගුණවර්ධන ආචාර්යවරයාගෙන් මම කියන උපදෙස් හොඳද කියලා අහන්න.
මෙන්න මේවට තමයි පාර්ලිමේන්තු කොම්සමක් දාල ප්‍රසිද්ධියේ ප්‍රශ්න අහන්න ඕනේ