හරිත බලශක්තිය ලබාගන්න දැවැන්ත බැටරි ස්ථාපිත කරයි හරිත බලශක්තිය උපයෝගී කරගැනීම සඳහා නැවත ආරෝපණය කළ හැකි දැවැන්ත බැටරි ස්ථාපිත කිරීමට බි්රතාන්ය රජය සූදානම් වෙයි. 24 July 2017
ස්වීඩනයෙන් ඉගිලෙන පලසක් මිනිසකු රැගෙන යාහැකි විශාල වෘත්තාකාර හතරකින් සැදුම්ලත් ‘ඉගිලෙන පලසක්’ ස්වීඩන් ජාතික ඉංජිනේරුවකු විසින් නිපදවනු ලැබ තිබේ. මෙය නිපදවූයේ ඇක්සෙල් බෝජ් නැමැති ඉංජිනේරුවාය. වෘත්තාකාර හතරට භ්‍රමක රැසක් ඇතුළත් කර පුද්ගලයකුට එහි මැද ඉඳගෙන යාහැකි පරිදි නිපදවා තිබේ. 18 July 2017
ඩෙංගු මදුරුවා නසන්න මදුරුවන් මිලියන 20 ක් මුදාහරී මධ්‍යම කැලිෆොර්නියාවේ ෆෙස්නෝ නගරයට ‘වොල්බැකියා පිපියන්ටිස්’ බැක්ටීරියාව ආසාදනය කර වඳ කරන ලද ඊඩිස් ඊජිප්ටි මදුරුවන් මිලියන 20 ක් මුදා හැරීමට නියමිත බව සඳහන්වේ. 17 July 2017
චීනයේ වසර 1000 ක් පැරැණි භික්ෂු මමියක් නිරෝගී අස්ථි කොටස් සහ සම්පූර්ණ මොළය යහපත් තත්ත්වයේ පවතින වසර 1000 ක් පමණ පැරැණි මමියක් බවට පත්වූ රන් ආලේපිත බෞද්ධ භික්ෂුවකගේ සිරුරක් චීනයෙන් හමුවී තිබේ. 14 July 2017
වසර 20 කින් මිනිසුන්ගේ සියලූ වැඩ රොබෝවන්ගෙන් රොබෝ මිනිසුන් විසින් අනාගත මිනිස් ක්‍රියාකාරකම් ආක්‍රමණය කරනු ලබන දිනය වැඩි ඈතක නොවේ. මිනිසුන් පිළිබඳව පක්ෂව සහ විපක්ෂව මිනිස් ශරීරවලට සමාන අර්ධ මිනිස් රොබෝවන් දෙදෙනකු සිදුකළ විවාදාත්මක කතා බහක් පසුගියදා හොංකොං හි පැවැත්විණි. 13 July 2017
හදිසි අනතුරු සටහන් කරන්න ’රෝවා ඩෑෂ් කැම්’ හදිසි අනතුරු සහ සොර සතුරන්ගෙන් සිදුවන හානි හඳුනාගැනීම සඳහා මෝටර් රථයේ ඩෑෂ් බෝඞ් එකට සවිකරන කැමරාව ඔබට විශාල ආයෝජනයක් වනු ඇත. 11 July 2017
චීනයේ දැවැන්තයා හොංකොං සංචාරයේ චීනයේ ප්‍රථම ප්‍රහාරක ගුවන්යානා රැගෙන යාමේ දැවැන්ත නෞකාව පසුගියදා හොංකොං මුහුදු තීරයේ යාත්‍රා කළේය. 11 July 2017
හැංකොක් ටයර් තාක්ෂණයෙන් පෙරැළි කරයි ලෝකයේ ජනප්‍රිය ටයර් සමාගමක් වන ‘හැංකොක් ටයර් ‘ සමාගම ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීමේ ව්‍යාපෘති ඔස්සේ වඩාත් විශිෂ්ට නිර්මාණ කීපයක් මාධ්‍යවෙත හෙළිදරව් කළේය. 09 July 2017
විද්‍යාඥයෝ සුපිරි සුනඛයන් නිර්මාණය කරති වඩා ශක්තිමත් සහ වේගවත් ‘සුපිරි සුනඛයන්’ විශාල වශයෙන් බෝ කිරීමට හැකි නව තාක්ෂණික ක්‍රමයක් සොයාගැනීමට හැකි වූ බව චීනයේ බීජිං නුවර ජෛව තාක්ෂණික ‘සිනෝ ජේන්’ සමාගමේ විද්‍යාඥයෝ පවසති. 07 July 2017
විදුලි වැට වෙනුවට නව ක්‍රමයක් අලි මිනිස් ගැටුම අවම කිරීමට තරංගමාලා සහිත නව ක්‍රමයක් යොදා ගැනීමට තිරසර සංවර්ධන හා වන ජීවී අමාත්‍යංශය තීරණය කොට ඇත. 06 July 2017
ගොනුස්සන්ගෙන් විස ගන්න රොබෝ යන්ත්‍රයක් ඉතා ආරක්ෂාකාරීව සහ වේගවත්ව ගොනුස්සන්ගේ විස වෙන් කරගැනීමේ රොබෝ යන්ත්‍රයක් මොරොක්කෝවේ බෙන් මීසික් හසන් ෂෂ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් නිපදවා තිබේ. 06 July 2017
වයඹ සරසවිය සූර්ය බලශක්ති බැටරි හදයි සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා දේශීය මිනිරන් හා ජෙලි පොලිමර් විද්‍යුත් විච්ජේද්‍ය උපයෝගී කරගෙන පරිසර හිතකාමී අඩු පිරිවැය බැටරි හා විශේෂ ධාරිත්‍රක වයඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවා තිබේ. 06 July 2017
කලලයේ වර්ධනය ගෙදර ඉඳන් බලන්න ඇප් එකක් දරුවන් නොමැති යුවළක් සාපල්‍ය ප්රතිකර්මවලට (අයිවීඑෆ්) යොමුවන්නේ නම් ඔවුන්ගේ කලලය වර්ධනය වන ආකාරය යාවත්කාලීනව නිවසේ සිට තමන්ගේ ජංගම දුරකතනයෙන් නැරැඹීමේ හැකියාව ලැබී තිබේ. 04 July 2017
ලොම් මැමතකුට පණදෙන්න බිලියනපතියෙක් පෙරට බිලියනපතියකු මෙන්ම papyal සමාගමේ නිර්මාතෘ පීටර් තීල් විසින් යෝධ ලොම් සහිත මැමතකුට පණදීමේ ව්‍යාපෘතියට මුදල් යෙදවීමට බලාපොරොත්තු වේ. 04 July 2017
දඟකාරකම් මට්ටුකරන රොබෝවෙක් බල්ලන්, පූසන් ඇතුළු සුරතල් සතුන් සහ කුඩා දරුවන් දඟකාරකම්වල යෙදෙන්නේ නම් ඔවුන් හඳුනාගෙන ඉන් වැළකෙන ලෙස පවසන රොබෝවකු මේෆීල්ඞ් රොබෝටික්ස් සමාගම නිපදවා තිබේ. 02 July 2017
කසල බිමිවලින් ජෛව අගුරු නිපදවයි විවෘත කසළ බිම්වල කාබනික කොටස් අඩු ඔක්සිජන් තත්ත්ව යටතේ දහනය කර ජෛව අඟුරු නිපදවීමට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්වී සිටියි. 30 June 2017
අපරාධ හඳුනාගන්න ඩුබායි වීදිවලට නියමු රහිත කාර් වීදිවල සිදුවන අපරාධ හඳුනාගැනීමට හැකි කුඩා වීදි මොටර් රථයක් ඩුබායි පොලිසිය හඳුන්වාදී තිබේ. 28 June 2017
ඇස්ටන් මාර්ටින් අලූත් වැඩකට අතගසයි බි්රතාන්යයේ ඇස්ටන් මාර්ටින් සමාගම ඇමෙරිකාවේ තාක්ෂණික තරුවක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගම සමඟ එක්වී සුපිරි ඉලෙක්ටි්රක් මෝටර් රථයක් නිපදවීමට බලාපොරොත්තු වේ. 28 June 2017
‘කැසිනි‘ සෙනසුරු ග්‍රහයාගේ ඡායාරූප එවයි කැසිනි අභ්‍යාවකාශ යානය මගින් ලබාගත් සෙනසුරු ග්‍රහයාගේ වළලුවල දීප්තිමත් පැත්තේ ඡායාරූප කිහිපයක් නාසා ආයතනය මගින් නිකුත් කර ඇත. 27 June 2017
රෝද තුනේ ඉගිලෙන රථය ඔක්තෝබරයේ නෙදර්ලන්තයේ PAL-V සමාගම විසින් ගොඩබිම ගමන් කළ හැකි හා ගුවනේ පියසර කළ හැකි රෝද තුනක් සහිත රථයක් නිපදවා තිබේ. 26 June 2017
නොදන්න භාෂා දන්න භාෂාවෙන් කියන ‘One2One’ විදේශිකයකු හා කතා කරන දෙබස් තත්ත්පරයක් ඇතුළත එවලෙහිම පරිවර්තනය කිරීමට සමත් ශ්‍රවණ උපකරණයක් ඕස්ටේ්රලියාවේ ‘ලින්ග්මෝ ඉන්ටර්නැෂනල්’ තාක්ෂණික සමාගම විසින් නිපදවා තිබේ. 23 June 2017
පාපැදිකරුගේ ආරක්ෂාවට දුරකතන සම්බන්ධතාව ඇණහිටී අධික මාර්ග තදබදය සහිත මාර්ගවල ජංගම දුරකතන භාවිත කරමින් බයිසිකල් පදින තරුණයන්ට වැට බැඳීමට නෙදර්ලන්ත දුරකතන සමාගමක් සහ නාගරික මෝටර් රථ අධිකාරිය දුරකතන සම්බන්ධතා ජාලය අඩපණ වන බයිසිකල් අගුලක් නිපදවා තිබේ. මෙය හඳුන්වනු ලබන්නේ ‘සේෆ් ලොක්’ යනුවෙනි. 22 June 2017
ඉහළ අහසේ ඉගිලෙන්න සිව්බි‍්‍රඞ් බයිසිකලයක් බි්රතාන්යයේ නේවා අභ්‍යවකාශ යානා නිෂ්පාදන සමාගමේ නවතම ඉගිලෙන සිව්බි‍්‍රඞ් බයිසිකලය අන්තර්ජාතික පැරිස් ගුවන් ප්‍රදර්ශනයේදී එළිදැක්වීමට නියමිතය. 21 June 2017
කොලස්ටරෝල් මට්ටම අඩු කරන්න එන්නතක් රුධිරයේ කොලස්ටරෝල් මට්ටම අඩුකිරීමට සමත් එන්නතක් සාර්ථක ලෙස අත්හදා බලමින් පවතින බව වියනාවේ මෙඩිකල් යුනිවර්සිටිහි පර්යේෂකයෝ පිරිසක් පවසති. 20 June 2017
ආපදාවලදී උදවු කරන රොබෝ සර්පයා විශාල ආපදාවකදී අනතුරකට ලක්වූ පුද්ගලයන් පිළිබඳව සෙවීමට උපන් හපන් සර්ප රොබෝවකු ජපාන විද්‍යාඥයන් විසින් නිපදවා තිබේ. 19 June 2017
ශ්‍රී ලංකාවේ ක්ෂීරපායී විශේෂ 29ක් තර්ජනයට ලක්වූ ලයිස්තුවට ක්ෂීරපායී සතුන් වඳවී යාමේ තර්ජනයට ලක්වූ රටවල් අතර ශ්‍රී ලංකාවට 34 වැනි ස්ථානය හිමිවී ඇතැයි පර්යේෂණයකින් හෙළි වී තිබේ. 18 June 2017
මුහුණු දෙකේ මුහුදු ඌරෙක් නෙදර්ලන්තයෙන් හමුවෙයි මුහුණු දෙකක් එකට බද්ධවූ මුහුදු ඌරකු නෙදර්ලන්තයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ලොව ප්‍රථමවරට ධීවරයන්ට හමුවූ බව ඩේලිමේල් වෙබ් අඩවිය පවසයි. 15 June 2017
බී.එම්.ඩබ්ලිව් රිවස් ගියරයක් සහිත ඉලෙක්ටි්රක් යතුරුපැදියක් හදයි රිවස් ගියරයක් සහිත ඉලෙක්ටි්රක් ස්මාර්ට් යතුරුපැදියක් ළඟදීම වෙළෙඳපොළට රැගෙන ඒමට බලාපොරොත්තු වන බව මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්තයකු වන බී.එම්.ඩබ්ලිව්. සමාගම පවසයි. 14 June 2017
හන්තාන විද්‍යාඥයෝ ලිතියම් අයන බැටරි හදති ලෝකයේ නව තාක්ෂණික මෙවලම් රැසක භාවිත වන ලිතියම් අයන බැටරියේ කෘත්‍රිම මිනිරන් වෙනුවට ස්වාභාවික මිනිරන් උපයෝගී කරගැනීමට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්වී සිටිති. 08 June 2017
කොහොඹ වලින් පිළිකා නසන බෙහෙතක් - කොළඹ සරසවියේ පර්යේෂක කණ්ඩායමක් සොයාගනී කොහොඹ ශාකයේ පවතින ‘ජෙඩුනීන්’ නැමැති රසායනික සංයෝගය පිළිකා පියවි සෛල (Cancer Stem Cells) විනාශ කරන බව ලොව ප්‍රථම වතාවට සොයාගත් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණික ආයතනය කියයි. 25 May 2017
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025