(ගයාන් සූරියආරච්චි)
විදේශිකයකු හා කතා කරන දෙබස් තත්ත්පරයක් ඇතුළත එවලෙහිම පරිවර්තනය කිරීමට සමත් ශ‍්‍රවණ උපකරණයක් ඕස්ටේ‍්‍රලියාවේ ‘ලින්ග්මෝ ඉන්ටර්නැෂනල්’ තාක්‍ෂණික සමාගම විසින් නිපදවා තිබේ.
මෙම උපකරණය හැඳින්වෙන්නේ One2One ලෙසය. මෙය ඉතා උසස් ගණයේ ශ‍්‍රවණ උපකරණයක් වන අතර අයි.බී.එම්. වොට්සන් සමාගමේ කෘත‍්‍රිම බුද්ධි පද්ධතිය මගින් ක‍්‍රියාත්මකවේ.
ඉංග‍්‍රීසි, ජපන්, ප‍්‍රංශ, ඉතාලි, ස්පාක්‍ද්ක්‍ඳ, බ‍්‍රසීල, පෘතුගාල, ජර්මන් සහ චීන යන භාෂා අටක් ක්ෂණිකව පරිවර්තනය කළ හැකිය.
ජූලි මස මුල සිට මෙය ඩොලර් 179 ක මිලට අලෙවි කිරීමට නියමිත අතර ලින්ග්මෝ සමාගම පවසනුයේ මෙම උපකරණය ලෝක වෙළෙඳපොළේ පෙරැළියක් ඇතිකරන බවය.

COMMENTS
පරිගණක ගත කරන ලද දුරකථන සහිත ආයතන සමග එක භාෂාවකින් ගනුදෙනු කිරීමේදී සිදුවෙන අපහසුතාවයන් ගැන දන්නා කෙනෙකු නම් මේවාට මුදල් වියදම් කරන්නේ නැහැ. මේ ළඟදී ඕස්ට්‍රේලියානු රජයේ සෙන්ටර්ලින්ක් ආයතනයට කතා කල ගනුදෙනුකරුවෙක්ට පරිගණකයෙන් උත්තර දී තිබුනේ "මල දරු උපතක්" ගැන කියලා.. ඒ හඬ පටයත් ප්‍රසිද්ධ වුණා.
අපේ දකුණ වැල්ලට ගියොත් වැල්ලේ කොල්ලෝ ඕනෑම බාසාවක් පරිවර්තනය කරනවා .